වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න පේ‍්‍රමවන්ත කුමාරයෝ අරගෙන

එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න

පේ‍්‍රමවන්ත කුමාරයෝ අරගෙන

පි‍්‍රයංකර රත්නායක ඇවිත්

‘ඊඩිපස්’, ‘තටු ඇවිත්’, ‘අද වගේ දවසක ඇන්ටිගනී’, ‘විසේකාරියෝ’ ආදී වේදිකා නාට්‍ය රැසක් නිෂ්පාදනය කළ ප්‍රියංකර රත්නායක කැලණිය විශ්වවිද්‍යලයේ දරු - දැරියන් රැසකට සිය දැනුම බෙදා දෙන ආචාර්යවරයෙකි. ප්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍යය නිර්මාණය ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මේ මස 12 සහ 13 දිනවල පස්වරු 7.00 ට කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවීමට නියමිත ය. මේ පිළිබඳ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක, නළු ප්‍රියංකර රත්නායක සමඟ ‘සරසවිය’ට කළ සංවාදයකි.

විලියම් ෂේක්ස්පියර් නම් ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවා මිය ගිහින් අප්‍රේල් මාසය වනවිට එළැඹෙන්නේ වසර හාරසියයක්. ඔහුගේ නාට්‍යයක් වේදිකා ගත කරන්නට තෝරා ගන්නේ මේ කාරණාව මූලික කරගෙන ද?

විලියම් ෂේක්ස්පියර්ගේ උපන් දිනයත්, මියගිය දිනයත් එක ම දිනයක් විදියටයි සලකන්නේ. ඒ අප්‍රේල් 23 වැනිදා. ඒ නිමිති කරගනිමින්ම නොවෙයි මා ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් කරන්න තීරණය කරන්නේ. ඊට පෙරයි මේ නාට්‍යය මා වේදිකා ගත කරන්න තෝරාගනු ලබන්නේ. එහෙත් ඔහු පිළිබඳ තොරුතුරු සොයන අවස්ථාවේදියි 400 වන අනුස්මරණය ගැන හෙළි වන්නේ. ඒ කාරණයත් අපි මේ වේදිකා ගත කිරීමට යොදා ගත්තා. මීට අමතරව ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය රඟ දැක් වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය සහ ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමෙන් බවත් මතකයට නඟන්න උවමනායි.

‘ප්‍රේමවන්ත කුමාරයෝ’ කියන්නේත් අනුවර්තන නාට්‍යයක් ද?”

විලියම් ෂේක්ස්පිර්ගේ  ‘A Midsummer Night’s Dream’  නාට්‍යයේ සිංහල අනුවර්තනයක් ලෙසයි ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වන්නේ. වේ ඉංග්‍රීසි නාට්‍ය සිංහලට පරිවර්තනය කරන්නේ අප්‍රකට කාන්තාවක් වුණු ජයවතී ජයසිංහගේයි. වසර විසිපහකට කලින් සිද්ධ වුණු මේ පරිවර්තනයේ දී පිටපත, ජයවතී ජයසිංහ සාධනීය විදියට සැලකිය යුතු මට්ටමේ වෙනසක් කරලා තිබුණා. මේ පරිවර්තනය මුලින්ම නිෂ්පාදනය වුණේ පාසල් වේදිකා නාට්‍යයක් ලෙසයි. ඒ මීට වසර විසිපහකට කලින්.

පරිවර්තනය, අනුවර්තනයක් කිරීමේ දී ඔබ පිටපතේ කළ වෙනස්කම් මොනවාද?

මුලින් ම මා ඒ පිටපත ලක්ෂ්මන් ප්‍රනාන්දු සර්ට දුන්නා. ඒ පිටපත කියවලා ඔහු පැවසුවේ ‘මේකේ වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. බොහොම ඉහළ මට්ටමෙන් මේ පරිවර්තනය කරලා තියෙනවා’ යන්නයි. මේ නිසා අපි ඔහු ලවා ඒ මුල් පරිවර්තනයේ පරිවර්තනය නොකළ දර්ශනයක් පරිවර්තනය කර ගත්තා. ඒ කාරණයට අමතරව ෂේක්ස්පියර්ගේ නාට්‍යවල අපේ ශෛලිගත නාට්‍යවල වගේ ග්‍රීක නාට්‍යවල වගේ කථකයෙකු නැහැ. එහෙත් ජයවතී මහත්මිය කළ පරිවර්තනයේ දී ඈ කථකයෙකු භාවිත කරලා තිබුණා. මෙහිදී අපි කළ වෙනස වෙන්නේ කථකයා හැටියට මේ වේදිකා නාට්‍යයේ ම චරිතයක් යොදා ගැනීමයි. ඒ මුළු වේදිකා නාට්‍යය ක්‍රියාදාමයට ම බලපෑම් කරන ‘පක්’ කියන චරිතයයි. ඒ වගේම මේ පරිවර්තන නාට්‍යයේ බොහෝ දේවල් අපේ සමාජයට, වේදිකාවට ගැළපෙන විදියට වෙනස් වුණා. මොකද අපේ ප්‍රේක්ෂාගාරයේ සිටින ප්‍රේක්ෂකයන්ට නිර්මාණයක් රස විඳීන්නට හැකි වන්නේ අපේ බව හැඟුණොත් පමණයි. නිතර ම පරිවර්තන කෘතියක් අයිති වන්නේ ඒ මුල් කෘතිය අයිති සමාජයටයි. ඒ නිසා ඒ නිර්මාණය ඒ විදියට ම කළොත් අපේ ප්‍රේක්ෂාගාරයට දුරස්ථ බවක් දැනෙන්න පුළුවන්. මේ නිසා මෙතැනදි මා උත්සාහ කළේ අපේ දේශීය පරිසරයට, උචිත අයුරින් හා දේශීය ප්‍රේක්ෂාගාරයට රස විඳීන්නට හැකි අයුරින් මේ වේදිකා නාට්‍යය නිර්මාණය කිරීමටයි. ඒ වගේ ම මෙයත් මා අතින් නිර්මාණය වුණේ සංගීතමය නාට්‍යයක් ලෙසින්.

ඔබ පරිවර්තනයක් තෝරා ගනිද්දි සැලකිල්ලට ලක් කරන කරුණු කාරණා මොනවා ද?

මා කරන වේදිකා නාට්‍යවලට පරිවර්තනයක් තෝරා ගැනීමේ දී ඒ නිර්මාණ කොයිතරම් දුරට අපේ සමාජයට ගැළපෙන්නේ ද යන කාරණයයි මා මුලින් ම සලකා බලන්නේ. එහිදී මුල් කෘතිය අප ජීවත් වන සමාජයේ තිබෙන සමාජ ගැටලු, මිනිස්සන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ අධ්‍යාත්මික හා භෞතික ගැටලු කොයිතරම් දුරට සියුම් විදියට, වින්දනාත්මක විදියට අර්ථකථනය කරනවා ද කියන කාරණා සඳහාත් විශේෂයෙන් ම මගේ අවධානය යොමු වෙනවා. මා විසින් තෝරා ගන්න මුල් කෘතිය කියැවීමේ දී දැනෙන මේ අදාළත්වයයි මට පරිවර්තනයක් තොරා ගැනීමට බලපාන්නේ.

ඔබ පවසන්නේ ඒ තීරණයත් සමඟ ඕනෑ ම පරිවර්තනයක් නිෂ්පාදකවරයකුගේ අතේ දි අනුවර්තනයක් බවට පත්වන බව ද?

සමහර වෙලාවට ඒ පරිවර්තනය ස්වතන්ත්‍රයක් යැයි සිතෙන තරමට ම අනුවර්තනය වෙනවා. මොකද අපි වග කියන්නේ මුල් කෘතියට නොවෙයි. ඒ ඔස්සේ ගැනෙන කාරණාවලින් නිර්මාණය වන අපේ සමාජයේ ප්‍රේක්ෂාගාරයටයි අප වගකියන්නේ. ඔවුන්ට මේ කෘතියේ තිබෙන ගැඹුර, රසය දැනෙන්නේ නැත්නම්, මේ මඟින් කතා කරන විෂය ක්ෂේත්‍රය තමන්ගේ ම ජීවිතය කියලා දැනෙන්නේ නැත්නම් එවැනි නාට්‍ය ප්‍රේක්ෂාගාරය භාර ගන්නේ නැහැ.

ෂේක්ස්පියර්ගේ මේ වේදිකා නාට්‍යයෙන් කතා කරන්නේ ප්‍රේමය ගැනයි?

‘ප්‍රේමන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය වේදිකා ගත වෙන්නේ ලෝක ආදරවන්තයන්ගේ දිනයට පෙර දවසේ. මේ වේදිකා නාට්‍යයේ ප්‍රධාන තේමාව වන්නේත් ආදරයයි. ෂේක්ස්පියර් මේ වේදිකා නාට්‍යයෙන් ප්‍රේමය පිළිබඳ බොහොම වින්දනාත්මකව, හාස්‍ය හා ගැඹුරු ආකාරයෙනුයි කතා කරන්නේ. අපට ප්‍රේමය කියන මාතෘකාව සමාජයේ විවිධ තලවලදි දකින්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවලදි මේ ප්‍රේම කරන මිනිස්සු මුහුණදෙන ගැටලු මොනවා ද? ඒ ගැටලුවලට හේතු මොනවා ද? කියලත් මේ නාට්‍යයේ දි කතාබහට ලක් වෙනවා. ප්‍රේමය සම්බන්ධයෙන් පවතින සමහර භෞතික දේවල් අපට නිරාකරණය කර ගන්න පුළුවන්. ඒත් ප්‍රේමය සම්බන්ධයෙන් තිබෙන සමහර අධ්‍යාත්මික දේවල් කිසිම දවසක අපට නිරාකරණය කර ගන්න බැහැ. ඒ වගේ ම අපගේ කිසි දිනෙක ඇස නොගැටුණු සියුම් දේවල් මේ වේදිකා නාට්‍යය හරහා විමසීමට ලක් කරනවා. අනෙක් පැත්තෙන් කුලය, ගෝත්‍රය විවාහය තීන්දු කරන්න බලපාන්නේ කොහොම ද? ඒවාට කෙනෙකු ආදරය කරනවා නවත්වන්න පුළුවන්ද? ආදරය කරන කෙනා තෝරා ගැනීමේදී මුදල් වැදගත් වෙන්නේ කොහොම ද? ආදරය පැරැදුණාට පස්සේ මිනිස්සු හැසිරෙන්නේ කොහොම ද? ආදී විවිධ පැතිකඩයි ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යයෙන් කතාබහ කෙරෙන්නේ. මේ අනුව අපට පෙනෙන්නේ ප්‍රේමය පිළිබඳ අපි දන්නා දේවල්වල නොදන්නා පැති ගැන ෂේක්ස්පියර් කතා කළේ මීට වසර පන්සියයකට හෝ හයසියයකට කලින් බවයි. ඒ නිසා මෙවැනි නිර්මාණ තවත් වසර සියයක් ගියත් අප අතර පවතීවි.

කොමඩි නාට්‍යයක හා ප්‍රහසනයක් අතර වෙනස ඔබ දකින්නේ කොහොම ද?

අපේ රටේ නාට්‍ය නරඹන බොහෝ අය පුරුදු පුහුණු වී සිටින්නේ වේදිකා නාට්‍යයක් නරඹන විට සිනහ නැඟෙනවා නම් එය කොමඩි නාට්‍යයක් යැයි අර්ථ දැක්වීමටයි. එහෙත් ඒ විදියට සිනහ වන සෑම නාට්‍යයක් ම කොමඩි නාට්‍ය නොවන වගත් අප සිහි තබා ගතයුතුයි. කොමඩි යනු ගැඹුරු නාට්‍ය විශේෂයක්. කොමඩි පමණක් නොවෙයි ප්‍රහසන නැරැඔූ කළ ද අපට සිනහ නැඟෙනවා. මේ දෙවර්ගයේ ම නාට්‍ය නැරැඹුවත් නාට්‍ය අවසානය දක්වා ප්‍රේක්ෂකයා සිනහ වෙනවා. එහෙත් මේ දෙක අතර ඇති වෙනස වන්නේ ප්‍රහසන නාට්‍යය අවසානයේ දී තමන් සිනහ වූයේ කුමකට ද යන්න ප්‍රේක්ෂකයාට අමතක වීමයි.

‘ප්‍රේමවන්ත කුමාරයෝ’ අයත් වන්නේ කොමඩි වේදිකා නාට්‍ය ගණයට ද?

මෑතක සිනහ රැල්ලේ නාට්‍ය බිහිවුණා. ඒ නාට්‍ය නරඹලා තිබේ නම් සිතලා බලන්න ඔබ සිනහ වුණේ කුමකට ද කියලා. එහෙම හිතද්දියි අපි මේ සිනාවෙලා තියෙන්නේ නළු - නිළියන්ගේ මුඛරි දෙබස්වලට නේද කියලා අපට හැඟෙන්නේ. එහෙමත් නැත්නම් සමකාලීන දේශපාලන ප්‍රශ්නයක් අමු අමුවේ විස්තර කරන දෙයකටයි අප සිනහ වී තිබෙන්නේ. නැත්නම් සමහර වෙලාවට නළු - නිළියන්ගේ විකාර, විහිළු සහගත හැසිරීම්වලටයි. එහෙත් කොමඩි නාට්‍යයක් නරඹලා අවසන් වුණාට පස්සේ අපේ සිතට නැඟෙන්නේ වෙනමම කාරණා කිහිපයකුයි. එතැනදි ඒ නාට්‍යයේ කිව්ව දේවල්, මාතෘකා, ගැටලු, සමහර විට වචන ප්‍රේක්ෂකයාගේ ඔළුවේ දෝංකාර දෙනවා. එහෙම වුණාට පස්සෙයි ප්‍රේක්ෂකයා ජීවිතය, සමාජය ගැන අලුතෙන් සිතන්න පටන් ගන්නේ. මේ නාට්‍යයෙත් එවැනි තැන් තිබෙනවා. මීට පෙර මා මේ නාට්‍යය පිළිබඳ සඳහන් කළ අදහස් ද මේ කාරණයට ම අයිතියි. මේත් සමඟම ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යයේදී සමහර දේශපාලන කාරණාත් කතාබහ වෙනවා. මේ නාට්‍යය ඇතුළේ නාට්‍යයක් පෙන්වනවා. අවසානයේ ඒ නාට්‍යය දුර්වල නාට්‍යයක් කියලා තීරණය කරනවා. එහෙම වුණා ම රජතුමා කියන්නේ රජ කෙනෙක් හැටියට මේ මිනිස්සු පෙන්වන ඕන දෙයක් බලලා හොඳයි කියන්න අපි පුරුදු වෙන්න ඕනෑ’ යන්නයි. ‘නැත්නම් මේ රාජ්‍ය පාලනය කරන්න නොහැකියි’ කියලත් ඒ අවසානයේ ඔහු පවසනවා. එවිටයි අපේ රටටත් මේ කියන දේ පොදු කාරණයක් නේද කියලා ප්‍රේක්ෂකයන් විදියට අපට හැඟෙන්නේ. ඒ නිසා ෂේක්ස්පියර්ගේ මේ නාට්‍යය අයත් වන්නේත් කොමඩි ගණයටයි.

මෙවර ඔබගේ වේදිකා නාට්‍යයේ ප්‍රවීණ ශිල්පීන් රංගනයෙන් දායක වන්නේ නැහැ. ඒ ඇයි?

මේ නාට්‍යය නිෂ්පාදනය කිරීමේදි පළමුවෙන් ම මා උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ වෘත්තිමය වශයෙන් රංග කලාවේ නියැළෙන නළු - නිළි පිරිසක් සහභාගි කරගැනීමටයි. මුලින් ම මෙහි පිටපත දුන්නේ එවන් පිරිසකටයි. මොකද? මේ වගේ නිෂ්පාදනයක් කරන්න තරමක් අපහසු නිසයි. ඒ කියන්නේ කොමඩි නාට්‍යයක් කරන එක අනෙක් නාට්‍ය කරනවා වගේ නොවෙයි. හොඳට පුහුණුවීම් කරන්න වෙනවා. එසේ පුහුණු නොවුණොත් එහි නියම හාස්‍ය මතුකර ගන්න බැහැ. අනෙක් කාරණය නම් කොමඩි නාට්‍යයක සොයාගත යුතු කාරණා තිබෙන්නේ සාමූහිකව වීමයි. එහෙත් සමහර ප්‍රවීණ නළුවන් නාට්‍යයට පැමිණියේ නැහැ. සමහර අයට මේ පිටපතේ ගැඹුර, තේරුණේ නැහැ. එක්කෝ භාෂාව තේරුණේ නැහැ. මෙහි තිබෙන චරිතවල වපසරිය නිසා සමහරු නාට්‍යය මඟ හැරියා. තවත් සමහරුන් කාර්යබහුලයි. මොකද ලංකාවේ වෘත්තිය වේදිකා නළුවෝ නැහැ. අනෙක් කාරණය නම් වේදිකා නළුවෝ යැපෙන්නේත් ටෙලි විෂන් මාධ්‍යයේ කෙරෙන යම් නිර්මාණත් සමඟයි. අපට ඒකට ඔවුන්ට දොස් කියන්න බැහැ. ඒ නිසා මට එතැනදි දැනුණ දෙයක් වුණේ මේ නිර්මාණයත් සමඟ ගනුදෙනු කන්න පුළුවන් වන්නේ මේ ශාස්ත්‍රාලයේ හැදෑරීමක් සහිත පිරිසක් සමඟ බවයි. දැනට විශ්වවිද්‍යාලයේ ඉන්න අයයි, විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා ගිහින් වෙනත් වෘත්තිවල යෙදෙන අයවයි මා මේ නිර්මාණයට දායක කර ගත්තේ ඒ නිසයි.