ගායනයට, රංගනයට එක් වූ අරුණ ශාන්තිට

නොවැම්බර් 1, 2018

හැත්තෑව අසුව සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වුවත් එයටත් පෙර සිංහල සිනමාව දිග්විජය කළ තරුවක් අරුණ ශාන්ති. අද කෙමෙන් කෙමෙන් ඔහුගේ මතකය කාටත් නොදැනීම යටපත් වෙමින් පවතී. රංගනය යනු ජීවිතේම කොටසක් ලෙස නරඹන්නන්ට ප්‍රත්‍යක්ෂ කළ විටෙක දක්ෂ නළුවෙකු ද විටෙක මිහිරි ගී ගයා අප කුල්මත් කළ ගායකයකු වූද මේ සැම අතර නිහඬවම අධ්‍යක්ෂණයට ද පණ පෙවූ නිරහංකාර චරිතයක් වූ ඔබගේ ඒ සුන්දර රැඟුමන් පැරැණි චිත්‍රපට නරඹන අද දවසේ ද අපගේ මතකයන් තුළ සැරිසරන්නේ අපට ද මිහිරි සිතිවිලි ආවර්ජනය කරමිනි. සැප්: 21 දිනකදී අපෙන් සමුගත්ත අපගේ සිත් ගත් අරුණ ශාන්ති කලාකරුවාගේ අහිමි වූ දිවියට මෝක්ෂ සැපත ළඟා වේවායි මෙසේ ප්‍රාර්ථනය කරමු.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.