මෙන්න අලුත් චිත්‍රපට

පෙබරවාරි 4, 2021

Project Power

නෙට්ෆ්ලික්ස් බෙදාහැරීමක් වන 'ප්‍රොජෙක්ට් පවර්' චිත්‍රපටය 2020 අගෝස්තු 14 වැනිදා සිට තිරගත වීම ඇරඹුණි. හෙන්රි ජූස්ට් සහ ඒරියල් ෂුල්මන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ  ජේමි ෆොක්ස්, ජෝශප් ගෝර්ඩන්-ලෙවිට්, ඩොමිනික් ෆිෂ්බැක් සහ කොල්සන් බේකර් ඇතුළු පිරිස විසින් චරිත නිරූපණය කරති. තාවකාලික සුපිරි බලවතුන් ලබා දෙන භයානක මත් පෙති ජාවාරමක් පිළිබඳ කතාපුවතක් මෙහි ඇතුළත් වේ.

Mafia

ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපටයක් වන 'මාෆියා' පසුගිය වසරේ නිකුත් වූ දෙමළ චිත්‍රපටයකි. කාර්තික් නරේන් විසින් අධ්‍යක්ෂණය කළ එහි අරුන් විජේ, ප්‍රියා භවානි ශංකර් සහ ප්‍රසන්න ප්‍රධාන චරිත නිරූපණය කරති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් තම සහෝදරයා අහිමි වූ දා සිට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු නගරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බේරා ගැනීමට දරන ප්‍රයත්නය මෙහි දිගහැරේ. මාෆියා චිත්‍රපටය ඇමසන් ප්‍රයිම් ඔස්සේ නිකුත් විය.

Kilometers And Kilometers

'කිලෝමීටර්ස් ඇන්ඩ් කිලෝමීටර්ස්' පසුගිය වසරේ අගෝස්තු මස නිකුත් වූ මලයාලම් චිත්‍රපටයකි. ජියෝ බේබි විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ටොවිනෝ තෝමස්, ඉන්දියා ජාවිස්, ජොජු ජෝර්ජ් සහ බැසිල් ජෝශප් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. කිලෝමීටර්ස් ඇන්ඩ් කිලෝමීටර්ස් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය. ණය බරින් මිරිකී සිටින මිනිසෙකු ඇමරිකානු සංචාරකයෙකු ඉන්දියාව වටා රැගෙන යාම සමඟින් වන සිදුවීම් පෙළක් මෙහි ඇතුළත් වී ඇත.

The White Tiger

'වයිට් ටයිගර්' යනු රමින් බහරානි විසින් අධ්‍යක්ෂණය කරන ලද හාස්‍යමය හින්දි චිත්‍රපටයකි. ජනවාරි 22 වැනිදා නිකුත් වූ එය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය. ආදර්ෂ් ගෞරව්, ප්‍රියංකා චොප්රා, රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිත මවන එහි කතාව, දරිද්‍රතාවයෙන් මිදී ඉහළට නැගීමට තම බුද්ධිය හා කපටි බව යොදා ගන්නා ඉන්දියානු රියදුරෙකු වටා ගෙතී ඇත.

යතේජා