රූකඩ පැංචි නැවතත් සිනමාහල්වල

පෙබරවාරි 4, 2021

සෞඛ්‍යාරක්ෂක හේතු මත සිනමාශාලා වසා දැමීම නිසා තිරගත වීම තාවකාලිකව නැවැත්වූනූ "රූකඩ පැංචි" චිත්‍රපටය පෙබරවාරි 4 වන දා සිට නැවතත් දිවයින පූරා සිනමාශාලාවල යළිත් තිරගත වීම ඇරඹූණා. කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයූරන් විසින් නිර්මාණය කරන ලද රූකඩ පැංචි කුලරත්න ආරියවංශගේ නිෂ්පාදනයක්. මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, බන්දූල විජේවීර, සමග ළමා නිළි කුෂෙන්යා ෆොන්සේකා සහ ළමා නළු ලක්ෂික දේශාන් රංගනයෙන් දායක වන රූකඩ පැංචි, ඊ ඒ පී චිත්‍රපට බෙදාහැරීමක්.