වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

ජීවත් වෙන්න ටෙලි නාට්‍ය කළත් සිනමාවෙන් හොඳ දෙයක් කරන්න ආසයි

මේධා ඔබේ නවතම කලා තොරතුරු මොනවාද? මේ දවස්වල සිවගුරුනාදන්ගේ ‘හංස දඩයම’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් කළා. එය තව දින කිහිපයකින් ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිතයි. ඊට අමතරව ‘මඩොල් කැලේ වීරයෝ’ ටෙලි නාට්‍යයටත් දායක වුණා. එය සිරස ටී. වී. ඔස්සේ විකාශය වීමට නියමිතයි. ඒ ඇරෙන්නට පසුගිය දවස්වල ‘මෙගා ස්ටාර්ස්’ වැඩසටහනට මම දායක වුණා. මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම පසුගිය දවස්වල විකාශය නිම වුණා. දංකුඩ බණ්ඩා, තුත්තිරි, පාරා ඒ අතර විශේෂයි. ඔබේ ජීවිතේ හුඟක් කාර්යබහුලයිද? එහෙමත් නැහැ ඉතින්. හැමදේම සමබරව කරගෙන යනවා. අපි යොදා ගන්න වැඩ කටයුතුත් එක්ක තමයි කාර්යබහුල වෙන්නේ. නැතිව සැලැස්මක් අනුව ඒ කටයුතු කර ගන්නවා නම් ජීවිතේ කාර්යබහුල වෙන්නේ නැහැ. ඔබ ක්ෂේත්‍රයට එක් වන්නේ නිවේදිකාවක ලෙස. අද නිවේදනය ඔබෙන් මඟහැරිලාද? ඔව්. ඇත්තටම මට හිතෙනවා මඟහැරිලා කියලා. මං දන්නේ නෑ අද අලුත් නිවේදක නිවේදිකාවෝ ඕනෑ තරම් ඉන්නවා. එත් පසුගිය කාලයේ මම සියත රූපවාහිනියේ නිවේදිකාවක ලෙස කටයුතු කළා.

....සම්පූර්ණයෙන් කියවන්න
 

දීපිකා ඇසිඩ් ප්‍රහාරයකට සූදානම්

දීපිකා පදුකෝන් මේ වසර ආරම්භ කළේ සංජේලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කර බාධක රැසක් මධ්‍යයේ තිරගත කළ 'පද්මාවත්' චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟින්. කෙසේ නමුත් එහිදී ඇයට මරණ තර්ජන පවා එල්ල වුණා. මේ දිනවල දීපිකා සිය නවතම සිනමාපටයට සූදානම් වන බවත් ආරංචියි. එය සත්‍ය සිදුවීමක් පාදක කොටගත් චිත්‍රපටයක් බවයි කියවෙන්නේ. 2005 වසරේදී වයස අවුරුදු 15ක් වූ ලක්ෂ්මි අගර්වාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්න නියමිතයි. 28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මී අගර්වාල් මේ වන විට ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරමින් සිටිනවා. දීපිකා මෙම චිත්‍රපටය සමඟින් සිනමා දිවියේ තවත් පියවරක් තබන්නේ නිෂ්පාදනයට ද දායක වෙමින්. බොලිවුඩ් සිනමාවට රහස් ඔත්තුකාරියක කැඳවා ගෙන එමින් 'රාසි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මේඝ්ණා ගුල්සාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න නියමිතයි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

හදිස්සියෙන් කියපු ප්‍රවෘත්ති මතක හිටිනවා

දෙරණ නාලිකාව හැඩ කරන ඈ නයෝමි ප්‍රනාන්දුය. නයෝමි කොපමණ කල් ද ඔබ දෙරණට ඇවිත්? දැනට වසර හතරයි. ඔබේ මුල්ම නාලිකාව දෙරණද? නැහැ. හා හා පුරා කියලා මං ක්ෂේත්‍රයට එකතු වන්නේ ස්වර්ණවාහිනිය හරහා. ඒ දෙදහස් එකොළහ වසරේ. මාධ්‍යවේදිනියක වීමේ සිහිනයක් තිබුණද? කෙහෙත්ම නැහැ. පාසල් වියේදි නම් මාධ්‍ය ගැන හිතුවෙම නැහැ. එහෙම හිතුවට අන්තිමේ මං නතර වුණේ මෙතැන. නිවේදනයට ඇල්මක් ඇති වුණේ කොහොමද? ඉස්සර ඉඳන්ම ප්‍රවෘත්ති බැලුවා. රස රිසි ගී වැඩසටහන නාරද තනුජා ඉදිරිපත් කරද්දී නොබලපු සතියක් නැහැ. ඔවුන්ගේ ස්ටයිල් එකට මං ප්‍රිය කළා. ගෙදරදි පත්තර කියවනවා. කියවන්නෙත් ප්‍රවෘත්ති කියන විදිහට. කාලයක් යද්දි මට දැනුණා මගේ ඇඟේ නිවේදන හැකියාව තියෙනවා කියලා. වැඩිපුරම ප්‍රවෘත්ති බැලුවෙ මොන නාලිකාවේද? ස්වර්ණවාහිනියේ. එතකොට හරේන්ද්‍ර අයියලා තමයි ප්‍රවෘත්ති කිව්වේ. අවසනදි ඔබට ස්වර්ණවාහිනියටම එන්න ලැබෙනවා?

....සම්පූර්ණයෙන් කියවන්න