වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

සිනමාව උගනිව් නැත්නම් පිටවෙව්

සිනමා අධ්‍යාපනය යන කාරණය කොටස් දෙකකට බෙදේ. එක කොටසක් නම් 'සිනමා අධ්‍යයනය' හෙවත් සිනමාවේ පරිවාර කාරණා අධ්‍යනය කරන 'ජ්ධ්ඹ්ර් ඉඊඋච්ධ්ඡ්ඉ' යන කොටසයි. ලංකාවේ බොහෝ ආයතන සිනමාව ගැන උගන්වන්නේ මෙම කොටස ගැනයි. වඩා බැරෑරුම්ම කොටස නම් චිත්‍රපටයක නිපැයුම් කොටස ගැන දැනුම ලබා දීමේ ක්‍රමවේදය හෙවත් 'ජ්ධ්ඹ්ර් ර්ඒම්ධ්ව්ට්'ගැන අධ්‍යයනයයි. මෙම අධ්‍යාපන කාරණා ගැන සංසන්දනාත්මකව බැලූ විට චිත්‍රපට නිපැයුම් කාර්යයේ ඇති බොහෝ කරුණු 'සිනමා අධ්‍යයනය' විෂය නිර්දේශයට ඇතුළත් වන අතර ඒවා සාකච්ඡාවට ගැනෙන්නේ සංකල්පීය වශයෙනි. උදාහරණයක් ලෙස අධ්‍යක්ෂණය, සංස්කරණය වැනි දේ. නමුත් එම කාරණා යොදාගෙන චිත්‍රපටයක් නිමකිරීමට යාමේදී එය වෙනම අභ්‍යාසයක් වනවා මෙන්ම එයට කළ යුතු කැපකිරීම් සහ ව්‍යායාම් රැසකි. 

....සම්පූර්ණයෙන් කියවන්න
 

අපි මිනිහාට ගාණක් දීලා ෂේප් වෙන එක හොදයි වගේ සුදු නෝනේ

හිටි අඩියේ ඩික්සන් චිත්‍රපටයේ වැඩ අරඹා ගන්නට මුදල් සොයා ගත්තේ කෙසේදැයි අලුතින් චිත්‍රපටය බාර ගත් සුරේෂ් දැන සිටියේ නැත. අසන්නට සිටියත් ඒ ගැන අසන්නට ඔහු මැලි විය.නිවසට ඇවිත් තිබුණ විදුලි බිලේ හා ජලයේ රතු පත සිහිපත් වීම ඔහුගේ මුව දොරගුළුලෑමට ප්‍රමාණවත් විය.මේ වන තෙක් තමාට සිදුවුණේ අනුන් විසින් අඩක් නිම කළ චිත්‍රපට කිහිපයක් අවසන් කරන්නට යැයි සුරේෂ් සිත සදා ගත්තේය. දවසින් දවස චිත්‍රපටයේ වැඩ කටයුතු කරන ආකාරය බලන්නට බිනරි දර්ශන තලයට ආවා ගියාය. .‘මේ පික්චර් එක දුවාවි බිනරි.ඊට පස්සේ හොද ටෙලි නාට්‍යයක් කරන්ඩ.මං අල්ලල දෙන්නම් චැනල් එකක්.’ කැමරාව මෙහෙය වන නිමල් පැවසුවේ බිනරි දෙස කෑදර බැල්මක් හෙලමිනි. ‘ඩික්සන් මේ ප්‍රොඩියුසර් කියලා හරියන්නේ නෑ.නෝනවත් සීන් එකකට දාන්ඩකෝ’ ඔහු පැවසුවේ බිනරි සිය මුල් යෝජනාව සිනහවකින් අනුමත කළේයැයි හැඟි ගිය නිසාය.තැලෙන යකඩය රත්වුණ කාලයට උඩ දමා තැලිය යුතුය.එය එවිට ඕනැ අතට නම්මා ගත හැකිය.  

....සම්පූර්ණයෙන් කියවන්න
 

සම්මාන පිරිනමන ආකාරය විවේචනය කරන්න මම සූදානම් නෑ

අපේ සිනමාව කඩා වැටිලා තියෙන මොහොතක ධර්ම යුද්ධය, පත්තිනි, ගෝල්, යශෝධරා වගේ චිත්‍රපට මේ කර්මාන්තය නඟා සිටුවන්න ගත් උත්සාහය අපි මීට වඩා මෙවැනි සම්මාන උලෙළකදී අගය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ජනප්‍රියම චිත්‍රපටය ලෙස එක් වර්ෂයකදී සරසවිය සම්මානය දිනාගන්නා පුද්ගලයා හෝ චිත්‍රපට සමාගම තවත් වර්ෂයකදී හොඳම චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙන් ද සම්මාන ලැබීමේ විරල සිදුවීමක් මෙවර සම්මාන උලෙළේදී දක්නට ලැබිණි. එකම චිත්‍රපට සමාගමක චිත්‍රපට දෙකක් විවිධ ඉසවු ඔස්සේ සම්මානනීය වීමේ විරල අවස්ථාව මෙවර හිමි කර ගනු ලැබුවේ මහරාජා එන්ටර්ටේට්මන්ට්ය. ඒ 2016 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරෙන් හොඳම චිත්‍රපටය වූ මෝටර් බයිසිකල් හා 2017 වසරේ ජනප්‍රියම චිත්‍රපටය වූ ධර්ම යුද්ධය නිෂ්පාදනය වෙනුවෙනි. ඒ නිමිත්තෙන් මහරාජා එන්ටර්ටේන්මන්ට් සමාගම සහ එම්. ටී. වී චැනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් හා කෙරෙන කතාබහකි මේ.  

....සම්පූර්ණයෙන් කියවන්න