වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




නිදහසේ පියා විශේෂ දැක්මක්

නිදහසේ පියා විශේෂ දැක්මක්

සුනෙත් මාලිංග ලොකුහේවා විසින් අධ්‍යක්ෂණය කළ නිදහසේ පියා ඩී. එස්. සිනමාපටයේ විශේෂ දැක්මක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ඩී. එස්. සේනානායක ගුණඅනුස්මරණ කමිටුවේ සභාපති කථානයක දේශමාන්‍ය කරු ජයසූරිය මහතාගේ ආරාධනයෙන් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු මෙයට සහභාගි වූහ.


මාරම්බරී පානදුරේ

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 11 වැනිදා එනම් එන සෙනසුරාදා සවස 6.30 ට පානදුර නගර ශාලාවේදී පැවැත්වේ. වීදාගම සිංහ සමාජයේ සමාජ සත්කාර අරමුදලට ආධාර පිණිස විදාගම සිංහ සමාජය විසින් මෙය සංවිධානය කොට තිබේ. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ ශාරණ්‍යා ජයකොඩි යුග ගායනයෙන් දායක වෙති. මාරම්බරී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සම්පත් ශ්‍රී චමින්දගෙනි.


වේදිකාවේ තිත 12 වැනිදා

ධම්මික හෙට්ටිගේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ තිත වේදිකා නාට්‍ය මෙම මස 12 වැනිදා සවස 5 ට කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ මහ විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගත වේ. මේ වන විට පැතිර යන මත් උවදුරේ ආදීනව හුවා දැක්වෙන මෙම නාට්‍ය සඳහා කුසුම් මල්දෙණිය, මයුර නිසල්, පේෂලා චන්දිමාලි, ශිරෝමි දීපිකා රංගන දායකත්වය ලබා දෙති.


බැංකු වීරයා සෞන්දර්යයේ

කපිල කුමාර කාලිංගගේ නවතම නාට්‍ය නිර්මාණය බැංකු වීරයා නාට්‍යයේ තවත් දර්ශනයක් මෙම මස 11 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකා ගත වේ. ජයලත් මනෝරත්න, ධර්මප්‍රිය ඩයස්, කැලුම් ගම්ලත්, ජනක කුඹුකගේ, ප්‍රසාද් සූරියආරච්චි, අජිත් ලොකුගේ, වසන්ත විට්ටච්චි සහ ගංගා ජීවනී මෙහි රංගන දායකත්වය සපයති.


රැළිය රීමික්ස් වී රට වටේ

මීට වසර ගණනකට පෙර ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වූ රැළිය වේදිකා නාට්‍ය රැළිය අඡ්ර්ධ්ඔ නමින් ශ්‍රී ලංකාව පුරා සහ විදේශයන්හි වේදිකා ගත කිරීමට කටයුතු යොදා ඇත.

ටෙනිසන් කුරේ ප්‍රධාන චරිතය රඟන මෙම නාට්‍යයේ අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය ආචාර්ය සිසිල් ගුණසේකර ගෙනි.

අගෝස්තු 11 වැනි දින මාදම්පේ නගරයේදීත් 12 දින දොඩංගොඩ තුඩුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදීත්, 27 වෙනි දින ජාඇල ගුරුගේ පාක් හි රඟහලේදීත් වේදිකා ගතවේ.

තුෂාරි ගුණරත්න, ලාල් සරත් කුමාර, රෝහිත බී. පෙරේරා, කීර්ති කේ. රත්නායක, මහින්ද කරුණාරත්න, කුමුදුනි අධිකාරි, සංජීවනී පෙරේරා, කමල් කරුණාරත්න, නිල්මිණි තිලකරත්න, තරංග දුල්ෂාන්ත මෙහි රංගනයෙන් දායක වෙති.


සිත්තරුන් සත් දෙනෙකුගේ දිය සායම් දැක්මක්

මෙරට දියසායම් සිත්තරුවන් සත් දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් සිතුවම් දැක්මක් මෙම මස 18 සහ 20 දිනයන්හි කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී පැවැත්වෙනු ඇත. මෙහි සමාරම්භය 17 වැනිදා සවස 6 ට සිදුවීමට නියමිතය. ඕඥරධදඤ බඩඥ එචබඥප ර්චපඨඪද - 2 යනුවෙන් මෙම දිය සායම් සිතුවම් දැක්ම නම් කොට ඇත. ගුණසිරි කොළඹගේ, බැසිල් කුරේ, සංජීවි සෙනෙවිරත්න, නිලූෂ වීරක්කොඩි, ලලිත් රන්ජන්, අසංක විජේරත්න සහ සඳතාරක අබේසිංහ ප්‍රදර්ශනයට සිතුවම් දායකත්වය ලබාදෙන දිය සායම් සිත්තරුන් වේ.