වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දීය අධ්‍යක්ෂකත් ඇවිත් ධර්ම යුද්ධයට මහ සෙනඟක්

ඉන්දීය අධ්‍යක්ෂකත් ඇවිත් ධර්ම යුද්ධයට මහ සෙනඟක්

ශ්‍රී ලාංකේය සිනමාවේ නිර්මාණශීලී කලාකරුවන් ඇගයෙන 34 වැනි සරසවිය කලා මංගල්‍යයට පෙර ගමන් ඇරැඹි සිනමා සතිය පසුගිය ජූලි 28 වැනි දිනෙන් රීගල් සිනමා ශාලාවේදී අවසන් විය. එදින ධර්මයුද්ධය චිත්‍රපටයේ මුල් නිර්මාණය වූ දෘශ්‍යම් මලයාලම් චිත්‍රපටයේත් දෙමළ චිිත්‍රපටය වූ 'පාපනාසම්' සිනමාපටයේත් අධ්‍යක්ෂ ජිතු ජෝසප් සහ එහි නිෂ්පාදක සුරේෂ් බාලාජි සහභාගි වීම විශේෂත්වයකි. ප්‍රවීණ රංගන ශිල්පිණී ගීතාකාන්ති ජයකොඩි, පබෝධා සංදීපනී එදින සරසවිය ප්‍රධාන ආරාධිතයෝ වූහ. ධර්ම යුද්ධය නිෂ්පාදක සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානි සුසාර දිනාල්, ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි ඇතුළු සිනමා පටයේ රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් පිරිස එදින සහභාගි වූහ. නව පරපුරේ යුරේනි නොෂිකා සිනමාපටයට දායක වූ පිරිසට පුෂ්ප උපහාර දැක්වීමට එක් විය. අවසන් දින වැල නොකැඩී එම සිනමාපටය රස විඳින්නට පැමිණි ප්‍රේක්ෂක ජනතාව සරසවිය කාච සටහනට එකතු කරගත් අයුරුයි.