වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

අනාගත සිනමාව වෙනස් මඟක

චිත්‍රපටයක් හැදුවට පස්සේ එය හොඳ වුණොත් සම්මාන ලැබීම දෙවැනි දෙයක්. එනිසා සම්මාන බලාගෙන නිර්මාණ කළාට සාර්ථක වෙයි කියලා හිතන්න බෑ. හොඳ දෙයක් කළොත් එයට ප්‍රතිචාර හොඳ වෙයි. අපි වර්තමානේ දැක්කා සිනමා කරුවන් කොතරම් සමාජය ඉදිරියේ හැල්ලු වුණාද? අන්තර්ජාතික සිනමා උලෙළ පවා කොතරම් බාල්දු වුණාද? ඒ නිසා හොඳ වැඩක් කරන්න, අප පස්සේ සම්මාන එයි. මෝටර් බයිසිකල් චිත්‍රපටය මෙවර සරසවිය සිනමා සම්මාන උලෙළේ 2016 වර්ෂය සඳහා ඉදිරිපත් වූ තරග අංශය සඳහා සම්මාන 7ක් දිනා ගැනීමට සමත් විය. එහි අධ්‍යක්ෂ ශමීර නාඔටුන්න සමඟ ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ මෙසේ කතාබහ කළෙමු. මොකද හිතෙන්නේ සම්මාන රැසක් ලැබීම ගැන? චිත්‍රපටයක් කරනවා කියන එක ඇත්තටම අපි වගේ තරුණ කට්ටියට අභියෝගයක්. කළත් එය රිලීස් කරන එක ඊට වඩා ගැටලුවක් සහ අභියෝගයක්. එවැනි වකවානුවක චිත්‍රපටයක් හදලා, තිරගත කරලා, ජනප්‍රිය ධාරාවේ සම්මානඋලෙළවල සම්මානයට පාත්‍රවෙලා, ජනතාව අතරට යෑම ගැන නිහතමානී සතුටක් තිබෙනවා. ඔබේ ගමන් මගේ ආරම්භය ගැන ටිකක් මතක් කරමු?

....සම්පූර්ණයෙන් කියවන්න
 

සරසවිය කවදවත් වැජඹුණේ අපක්ෂපාතී ගුණාත්මක විනිශ්චය නිසායි

සරසවිය සතිපතා පුවත්පතට මට පත්වීමක් ලැබී තිබුණි. සරසවිය කර්තෘ මණ්ඩලයෙහි කෙටි කලක් සේවය කළ පසු සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා මට මෙවැන්නක් කීවා මතකය. 'සම්මුඛ පරීක්ෂණයේදී තීරණය වුණේ ලක්ෂ්මන්ව බුදුසරණ පත්තරයට ගන්න. මං ලොකු මහත්තයට කීවා ලක්ෂ්මන්ව මට දෙන්න කියා. මගේ තීරණය ගැන මං සන්තෝෂයි'. පුවත්පත් කාලවේ 'අ', 'ආ' කියා දුන් ගුරුවරයකු ගැන ගෝලයෙකුට ලිපියක් ලිවීමට ලැබෙන භාග්‍යමත් අවස්ථාවක් මට උදා වී ඇත. ඒ ගෝලයා මම වීමි. ගුරුවරයා වූයේ ලක්ෂ්මන් වික්‍රමසිංහ නම් ඒ උතුම් මිනිසාය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔහු ශාස්ත්‍රවන්තයෙකි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් සේවයේ විශ්‍රාමික නිලධාරියෙකි, ජනසන්නිවේදන ප්‍රවීණයෙකි. ඒ සැමට වඩා 'සරසවිය' පුවත්පත ඇරඹූ මුල් යුගයේ ප්‍රධාන උප කර්තෘවරයා ලෙස නවක ලේඛකයන් පිරිසකට අත හිත දුන් 'සහෝදරයකු' වැනි ගුරුවරයෙකි. මා ද ඒ අතර සිටිය ද මට පෙර සිටි ඔහුගේ ගෝලයන් අතර සෝමවීර සේනානායක, කුමාරදාස වාගීස්ට, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සිරි කහවල, සිරි කුලරත්න, පියසේන වික්‍රමගේ, අර්නස්ට් වඩුගේ, නන්දසේන සූරියආරච්චි, . . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඝරසරප හෙට සිනමා ශාලාවලට

සම්මානනීය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය ඝරසරප මෙම මස 10 වැනිදා එනම් හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. ඉසුරු චිත්‍රපට වෙනුවෙන් අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළ ඝරසරප චිත්‍රපටයේ මංගල දර්ශනය හෙට පැවැත්වෙනුයේ වැල්ලවත්ත සැවෝයි පි‍්‍රමියර් සිනමා ශාලාවේදීය. ඒ සඳහා විවිධ යුගවලදී සිංහල සිනමාව ඒකාලෝක කළ සිනමා නළු නිළියන් රැසක් සහභාගිවීමට නියමිතය. ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න, කුසුම් රේණු, අමීශා කාවින්දි, වසන්ත විට්ටච්චි, ජයනාත් බෝදාහන්දි, මියුරි සමරසිංහ, අනුර ධර්මසිරිවර්ධන, අයිශාරා අතුකෝරාල, රජිත හිරාන්, ගාමිණී ජයලත්, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරත්න, උපතිස්ස බාලසූරිය, අතුල ජයතිස්ස, තිස්ස ගුණතිලක, හේමන්ත රන්දුනු, ලක්ෂ්මන් රාජපක්ෂ, නෝමන් පලිහවඩන, සුගත් ජානක මෙහි චරිත මවති. මෙහි සංගීතය චින්තක ජයකොඩිගෙනි. සමිතා මුදුන්කොටුව, බාචි සුසාන් සහ දුමාල් වර්ණකුලසූරිය පසුබිම් ගී ගයකි. ප්‍රභාත් රෝෂන් කැමරාව මෙහෙයවා තිබේ. පියතිස්ස අකුරම්බොඩගේ කලා අධ්‍යක්ෂණයකි.

....සම්පූර්ණයෙන් කියවන්න