වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

මට හින්දි look එකක් තියෙනවා කීම සතුටක්

නීල පබළු - කුරුලු ඒ ඇයයි. නම ටනාෂා හතරසිංහ. දිගු කාලයකට පසු ඇය ටෙලි සිතුවමක් හරහා ඔබ සමීපයට ඇවිත්. ටනාෂා ඔබට ටෙලි අරහං වගේ? ඇත්තම කිව්වොත් ටෙලිවල රඟපාන්නේ නැහැ කියලයි හිතාගෙන හිටියේ. නමුත් නීල පබළු සඳහා මට කැමැති වෙන්න සිදු වුණා. හේතුව? ඒකෙ චරිතයට මං ප්‍රියයි. කුරුලු තමයි නම. කුරුලු කියන්නේ අහිංසසක තරුණියක්. පසුව එම ගතිගුණ සේරම කන පිට පෙරළෙනවා. ඒ කියන්නේ ඔබට රඟපාන්න දෙයක් තියෙනවා? ඊටත් වඩා මං කැමැති ඒ චරිතයට. ඒකයි නාට්‍ය බාර ගත්තේ. කොහාමද ඔබට කුරුලුව ලැබෙන්නේ? මං ජූනියර් සුපර් ස්ටාර් තරගාවලිය ප්‍රසන්ට් කළා. ඒකෙදී මාව දැකලා තිබුණා නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත මහත්මයා. ඔහු තමයි මට නාට්‍යයට කතා කළේ. ඔබ රඟපෑ චිත්‍රපට තුනක් තිරගත වෙන්නට නියමිතයි නේද? ඔව්. බඹර වසන්තයක්, පුංචි විරයෝ සහ රජ දහන. අඩුවෙන් ටෙලිවල හිටියට චිත්‍රපටවලට නම් ඔබ බැහැ කියන්නේ නැහැ වගෙයි? ඒක හරි. මගේ වැඩි කැමැත්ත තියෙන්නේ චිත්‍රපට රංගනයට. මගේ වෘත්තීය මෝස්තර නිරූපණය. ඉතින් චිත්‍රපටල රඟපාද්දී මට මගේ වෘත්තීය වෙනුවෙන් . . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඒ කාලේ ෂෝක් ගෑනු ළමයෙක් හිටියා

ඩික්සන් හදමින් සිටි ගොඩනැගිල්ලේ වැටුනු සිමෙන්ති යළිත් හැන්දට ගෙන බැලුවේය.අත් උදව්වට සිටි විජයදාස ඩික්සන් දෙස බලා සිටියේය. මොකෝ ඩික්සන් අය්යා අප්සෙට් එකේ ඔහු විමතිය පළ කලේය. කිසිවක් නොකියූ ඩික්සන් කළේ විජයදාස දෙස රවා බැලීමය.අස්ථානයේ නැගෙන රැවුම් ගෙරවුම් ගෝලයන්ට පුරුදුය.බොහෝ ගෝලයන් ඉවසිය නොහැකි තැන වැඩේ දමා ගසා යයි. ඉස්සර මෙන් ගෝලයන් හෙවිම ද පහසු කටයුත්තක් නොවේ. සිනමාවට අලුත් නළුවෙක් යනුවෙන් සිකුරාදා පත්තරයක සිනමා පිටුවෙ පළ වූ ලිපියෙන් පසු තව දුරටත් සිමෙන්ති ගල් සමග ඔට්ටු විය යුතුයැයි ඩික්සන් සිතුවේ නැත.පත්තරයේ ලිපිය පළ වූ පසු චිත්‍රපට කොයි හැටිවෙතත් ටෙලි නාට්‍ය කරුවන් තමා සොයා එනු ඇතැයි චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ පැවසුවේය.එහෙත් කිසිවකු හෝ කතා කළේ නැත.ඊයේ සවස කිසිවක් ඔතා ආ කඩදාසියක් දුටු ඩික්සන් එය දිග හැර බැලුවේය.එහි තිබුණේ තමා ගැන විස්තරය ලියැවුණු පත්තර පිටුවය.තම පින්තූරය මැදින් දෙකට වෙන්වන්නට ඉරා තිබිණ.එය දුටු සැනින් ඔහුට දුකක් ඇතිවිණ.එයට පෙර එම පුවත්පත තමා ගෙනැවිත් සිය ගෝලයන්ට දුන්නේ මවා ගත් ආඩම්බරයෙන් යුතුවය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ප්‍රියංකාට ළාබාල පෙම්වතෙක්

බොලිවුඩයේ තවත් තරුවකට මල් හී සර වැදිලා. බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේත් රසික ආකර්ෂණය ලද ප්‍රියංකා චොප්රා පෙමින් බැඳී ඇති බවයි ආරංචි වෙන්නේ. මේ විදියේ ආරංචි පැතිරීමට හේතුව නම් මේ දිනවල ඇය හොලිවුඩයේ සුවිශේෂි පුද්ගලයකු සමඟින් නිරන්තරයෙන් කාලය ගත කිරීමයි. ප්‍රියංකා නිරන්තරයෙන් අත ගෙන සිටින ඔහු හොලිවුඩයේ නළුවකු මෙන්ම ගායකයකු වන නික් ජොනාස්. උත්සව අවස්ථා රැසකට මේ දෙදෙනා එකට සහභාගි වී සිටින අයුරුත් විවේකය ගත කිරීම, ක්‍රීඩා තරඟ නැරඹීම මෙන්ම රාත්‍රි භෝජන සංග්‍රහයන්ට එකට සහභාගි වීමෙන් දෙදෙනාම ආදරයෙන් බැඳී සිටින බව අමුතුවෙන් පැවසිය යුතු නොවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ප්‍රියංකා 35 වැනි වියේ පසුවන අතර නික්ගේ වයස අවුරුදු 25ක්. මීට පෙර ජස්ටින් බීබර්ගේ ආදර කතාවේ නිමාවෙන් පසු කලක් සෙලීනා ගෝමස් ද නික් සමඟත් පෙමින් බැඳී සිටියා. ඒ කෙසේ වෙතත් දැන් නම් නික් වැඩි කාලයක් ප්‍රියංකා සමඟින් ගත කරන අයුරු දක්වමින් හොලිවුඩ් පුවත් පළ කරන්නේ නික් සහ ප්‍රියංකා අපූරු යුවළක් බව සටහන් කරමින්.

....සම්පූර්ණයෙන් කියවන්න