වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

යුද්දේ දිනපු දවසේ පැය එකහමාරයි සුනාමි . . .

කලක් නදීක කරුණානායක ස්වර්ණවාහිනියට නැතිවම බැරි වූ ප්‍රවෘත්ති නිවේදකයකු විය. දිනපතා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ නිරන්තයෙන් අප ආලින්දයට ගොඩ වූ හෙතෙම මේ වන විට ඉඳ හිටවත් දකින්නට නැතිය. නදීක ගැන වැඩි දෙනෙකුගේ මතකය අලුත් වුණේ ඉකුත් රයිගම් සම්මාන උලෙළේදීය. එහිදී ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදකයා වශයෙන් අභිෂේක ලැබීය. ජීවිතයේ තවත් එක් කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටින නදීකව මෙලෙස අප කතාබහකට අල්ලා ගත්තෙමු. නදීක, මොකද මේ විරාමයක් අරගෙන? මං මේ ගත්තු විරාමයක් නෙවෙයි. මට ලැබුණු විරාමයක්. වැඩි දෙනකු හිතාගෙන ඉන්නවා මං ප්‍රවෘත්ති කියන එකෙන් අයින් වෙලා කියලා. එහෙම දෙයක් නැහැ. මං තවම චැනල් එකේ ඉන්නවා. නිසි වෙලාවට ආයේ ප්‍රවෘත්ති කියන්න ලැබේවි. ඔබට යම් කැපිල්ලක් තියෙනවා වගේ? ඒ ගැන මං උත්තර බඳිනවට වඩා මං ප්‍රිය කරන්නේ ආයේ ප්‍රවෘත්ති කියන්න එන එක. එතැනින් ඔය සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් ලැබේවි. පහුගිය කාලයේ කලකිරීමෙන්ද ගත කළේ? ඇත්තෙන්ම නැහැ. මං හිතන්නේ මං මේ ගත කරන්නේ මගේ ජීවිතයේ වටිනාම කාල පරිච්ඡේදයක්.   

....සම්පූර්ණයෙන් කියවන්න
 

තවමත් බිනරි කළුවරට බයද?

එකෙනෙහිම විදුලියක් කෙටුවේය.හැන්දෑ අහස කළු කරමින් සිටි වග බිනරිට මතක් වුනේ එවිටය.ඇය කුඩා අවදියේ සිට අඳුරට බියය.ඇය තිගැස්සුණාය.අකුණු වලට කොහෙමටත් බයය.අකුණත් සමග විදුලිය ද සිඳී ගියේය.ඇයට කෑගැසිණ.තත්පරයක් වත් ගතවූයේ නැත.කුස්සියේ ගෑස් ලිපේ එළිය පමණක් විහිදුණ තැනට ආලෝක දෙකක් එකවර වැදිණ.කවුදෝ ගෙට දුවගෙන එන අයුරුත් ඇයට ඇසිණ.ඇය බිය ගත් වතින් යුතුව හැරී බැලුවාය.විනෝද් සිය ජංගම දුරකතනයේ විදුලි පහන දල්වා ගෙන ඇය අසලට පැමිණියාය.ඇය අනිත් විදුලි පහන දෙස බැලුවාය.ඒ මොහොතේ ඩික්සන් ද එතැන සිටිතැයි ඇය විශ්වාස කළේ නැත.එයට මොහොතකට පෙර නිවසට ගොඩ වැදුණු ඩික්සන් අනපේක්ෂිතව විනෝද් ව හමුවූ වග බිනරි නොදත්තාය.විදුලිය කොටා ඒ සැණින් නිවස අදුරුවූයේ ඒ මොහොතේය. ‘ඩික්සන් ඔයා කොයි වෙලාවේද ආවේ’ බිනරි ඇසුවාය. ‘මම ගෙට ගොඩ වුණා විතරයි‘ ඔහු විනෝද් දෙස බැලුවේය. ‘මේ විනෝද්’ ඇය සිය කුස්සියට කඩා වැදුණු ආගන්තුකයා ඩික්සන්ට හදුන්වා දෙන්නට සැරසිණ.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඓශ්වර්යා ඇද වැටේ

මැයි 08 වැනිදා ප්‍රංශයේ කාන්හිදි ආරම්භ වූ 71 වැනි කාන් සිනමා උලෙළ පසුගිය 19 වැනිදා අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් වූයේ පැල්මා ඩී’ඕර් සම්මානය හිරොකසු කොරේ-ඊදා අධ්‍යක්ෂණය කළ Shoplifters චිත්‍රපටයට හිමිකර දෙමින්. මෙවර සම්මාන උලෙළේද කාගේත් අවධානය යොමුවන රතු පලස මත කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක්ම සිදු වුණා. එහිදී කළු සහ මිශ්‍ර සමින් යුතු රංගන ශිල්පිනියන් පිරිසක් ප්‍රංශ සිනමා කර්මාන්තය තුළ තිබෙන ජාතිවාදී බෙදීම් සම්බන්ධයෙන් සිය විරෝධය ප්‍රකාශ කර සිටියා. ජනප්‍රිය ප්‍රංශ ජාතික රංගන ශිල්පිනියක වන අසිසා මෙයිගා මෙම කණ්ඩායමට නායකත්වය දුන් අතර ඒ වෙනුවන් ඔවුන් රචනා කළ Being black is not my job කෘතියද එළිදැක්වුණා. තවත් තරු පිරිසක් සහ අධ්‍යක්ෂවරුන් ගාසා තීරයේ කළ පහරදීම් වලට එරෙහිව සිය විරෝධය පළකර සිටියා. ලෙබනන ජාතික නිළි මනල් ඉසා ගාසා තීරයේදී පලස්තීනුවන් 60 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව සිය විරෝධය පළ කළේ "ගාසා තීරයේ ප්‍රහාර නවතනු" ලෙස සඳහන් කළ පුවරුවක්ද අතැතිවයි.

....සම්පූර්ණයෙන් කියවන්න