වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

ලෙස්ටර් සුමිත්‍රා යුවළ සමඟ වැඩ කිරීම විශ්ව විද්‍යාලයට ගියා වගේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක, රංගන ශිල්පිනියක, කතුවරියක මෙන්ම ආදරණීය බිරියක, මවක ලෙස ඇගේ ජීවිතේ හැම දේ පිළිවෙළින් ගලා යයි. ඒ සියල්ල දෙස බලා බොහෝ සේ සතුටු වන්නට ඇයට හැකිය. තෙසාරා ජයවර්ධන පසුගිය කාලයේ විකාශය වූ හා තිරගත වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බොහොමයකින්ම ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඒ නිසා ඇය ඔවුන්ගේම කෙනෙක් මෙන් ප්‍රේක්ෂකයාට දැනුණි. මේ දිනවල ඇය බොහෝ විට ප්‍රේක්ෂක නෙතු මානයට නොපැමිණෙන තරම්ය. ඇගේ නවතම තොරතුරු විමසා බලන්නට අපි කටයුතු කළේ ඒ නිසාවෙනි. * 'වෛෂ්ණාවී' චිත්‍රපටයේ ඔබ රඟන චරිතය ගැන දැනගන්න කැමැතියි? එහි ප්‍රධාන චරිතයක් වන 'ලක්ෂ්මී' ගේ යෙහෙළිය ලෙසයි මම රඟපාන්නේ. ඒ චරිතය මට විශේෂයි. මේ චරිතය රඟද්දී අපූරු සිදුවීමකුත් වුණා. මුලින්ම මාව වේශ නිරූපණය කළේ ලක්ෂ්මීගේ යෙහෙළිය ලෙස ගවුමක් අන්දවලා කොණ්ඩ කරල් දෙකක් ගොතලයි. හුඟක් පුංචි දරුවෙක් වගේ තමයි මගේ පෙනුමෙන් දිස් වුණේ. ඉතින් මමම ඉල්ලීමක් කරලා ඒ චරිතය වෙනුවෙන් මට සාරියක් අන්දවලා ගත්තා. මොකද ලක්ෂ්මීගේ යෙහෙළියට ලස්සන ඇඳුම් කිහිපයක් මහලා තිබුණා.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඉන්දියානුවකු වීම ලැජ්ජයි

පසුගිය අප්‍රේල් මාසය ගෙවී ගියේ මුළු ඉන්දියාවම කම්පාවට පත් කරවමින්. කාශ්මීරයේ කත්වාහි පුංචි මල් කැකුළක් වැනි වූ අට හැවිරිදි මුස්ලිම් ජාතික අසිෆා බානෝ දැරිය දූෂණය කර මරා දමා තිබුණේ ඇයගේම හිස් ආවරණ සළුවෙන් ගෙල සිරකර හිසට ගලකින් පහරදීමෙන්. මේ සමඟින් ඉන්දියාව තුල ළමා දූෂණයන්ට එරෙහිව ප්‍රධාන නගරවල පෙළපාලි සහ විරෝධතා රැසක් දියත් කෙරුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එන්නේ, මේ දුෂණ සිදුවීම සමඟින් ඉන්දියාව පුරා දේශපාලනය අවදිකර ඇති බවත් පෙනී යන බවයි. සාමාන්‍ය ජනතාව පමණක් නොව ඇතැම් පක්ෂ නායකයන් පවා ඉටිපන්දම් රැගෙන මේ විරෝධතා ව්‍යාපාරවලට එක් වී සිටියේ, මෙම ළමා දූෂකයින්ට මරණ දණ්ඩය ලබාදිය යුතු බව පවසමින්. දේශපාලන ක්ෂේත්‍රය පමණක් නොව මෙම සිදුවීම හේතුවෙන් බොලිවුඩ් සිනමාව පවා කම්පනයට පත්වී ඇති බව එම මාධ්‍ය වාර්තා ගෙන එනවා. සිනමා නිර්මාණකරුවන්, ජනප්‍රිය තරු තම හඬ අවදි කළේ, අසිෆාගේ සිදුවීම වෙනුවෙන් සාධාරණය මෙන්ම ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය වෙනස් විය යුතු බව පෙන්වා දෙමින්. 

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඒ යෝධ සෙවණැල්ලේ ඇසුර ලැබුණේ දෑස නිසා

සිනමා අඹර එකලු කළ පුරසඳ බැස ගොස්ය. ඒ වටා දිලුණු නෙක තරු මලානික එළි මැද කුමක් කරන්දෝයි සිතමින් ඔහේ බලා හිඳී. පුරසඳ බැස ගිය බව අදහන්න කිසිවෙකුත් සූදානම් නැත. ඔහු අපට අමරණීයය. එබැවින් ඒ නික්ම යාම පිළිගන්නට හෘද සාක්ෂිය සුදානම් නැත. එහෙත් අප යථාර්ථයට මුහුණ දිය යුතුය. ඉපදීම සේම මරණය ද නියතය. වෙනස් කළ නොහැකි ලෝක ධර්මතාවය එයය. පුන්සඳ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. අනූ නව වසරක දීර්ඝායුෂ විඳිමින් සිට පසුගිය දිනක සන්ධ්‍යා කාලයේ ලොවක් වසඟ කළ සිය තෙවැනි ඇසට දුන් ජීවය සඟවා ගත්තේය. සත්‍යය ඇදහිය යුතු වුවත්, එය සත්‍යයක් දැයි සිතන්නට මට සිතක් නැත. දශක ගණනාවක මිහිරි මතකයන් හදවත පහුරු ගාමින් සිනමා සිත්තම් මවයි. කැඩුණු බිඳුණු, සීරුණු හදවතින් නැඟී එන්නේ දුකක් ද, කනගාටුවක් ද, වේදනාවක් ද, පාළුවක් ද, තනිකමක් ද, බියක් ද, අසරණකමක් ද යැයි පැහැදිලිව විග්‍රහ කිරීමට මට දැනෙන්නේ ද නැත. එහෙත් මේ සියල්ල සම්මිශ්‍රණය වූ ඉකි ගසන හද තුළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමය සදා නොමැකෙන අයුරින් සනිටුහන්ව ඇති බව පමණක් දනිමි.

....සම්පූර්ණයෙන් කියවන්න