වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

අද මා තනිවෙලා ඔහු හුඟක් දුර ගිහින්

අඩ සිය වසරකට ආසන්න කාලයක් යුග දිවි මිහිර විඳි යුවළකට එකිනෙකාගෙන් වෙන්ව ගත කරන දිවියක් පිළිබඳව සිතන්නටවත් බැරිය. ආදරය, ප්‍රේමය, සෙනෙහස, රැකවරණය මෙකී නොකී සියල්ලෙහිම අග්‍ර ඵලය භුක්ති විඳි පතිනියකට සිය සැමියාගේ වියෝව තරම් හද කම්පා කරවන තවත් වේදනාවක් නොවිය හැකිය. එවන් වියෝ දුකකින් අදටත් කම්පා වෙමින් ඔහු ගැනම සිතමින්, ඔහුගේ ලෝකය තුළම ජීවත්වන බිරියක සිය ආදරණීය සැමියා වෙනුවෙන් ගැයූ ගීයක මිහිර පසුගියදා අප වින්ඳෙමු. වියෝ දුක සත්සරට පෙරලූ ඇය විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනය. පුරා දශක ගණනාවක් තිස්සේ කලා ක්ෂේත්‍රය තුළ සුපතල අඹු සැමි යුවළක් ලෙසින් විශාරද චන්ද්‍රිකාත් ඇගේ දයාබර සැමියා ඇන්ටන් අල්විසුත් හැඳින්විය හැකිය. කලා ලෝකයේ කුමන අවස්ථාවකදී වුවත් මේ දෙදෙනාගේ සහභාගිත්වය අපි නිතර දැක ඇත්තෙමු. සංගීත ප්‍රසංගයකදී වුව ද, උපහාර උලෙළකදී වුව ද. වෙනත් සමිති සමාගමයක වුව ද, ප්‍රිය සම්භාෂණයක වුව, මළ ගෙදරකට, මඟුල් ගෙදරකට වුව ද චන්ද්‍රිකා වූයේ නම් ඒ පසුපස ඇන්ටන් අල්විස් විය. ඇන්ටන් වූයේ නම් ඔහු පසුපස චන්ද්‍රිකා විය. මේ සුසංයෝගය ගහට පොත්ත මෙන් බැඳි ඇති සමීප,. . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

අන්න අද පත්තරේ තියෙනවා අලුත් නිෂ්පාදිකාවගේ නම

‘ බිනරි හිටිවනම ගල් ගැසුණාය.ඒ ඇය කිසිසේත් බලාපොරොත්තු තබා ගත්තක් නොවීය.සිනමාකෘතිය ආරම්භ කරන්නට සුළුවෙන් නමුත් මුහුරත් උලෙළක් පවත්වන්නට දර්ශන බලාපොරොත්තු වූයේය. ‘කොහේවත් නොවේ බිනරි ගෙදරම කරමු.එක සීන් එකක් අරන් නැකතට කැමරාව වැඩ කළා ගිවිසුම් අස්සන් කළා එච්චරයි“. දර්ශන පැවසුවේ බිනරිගේ කටට උත්තරයක් දෙමිනි. ‘මෙච්චර කරපු එකේ ඕක නොකර වැඩක් තියෙනවා ද?.ඔය පත්තරවලට පින්තුරයක් දාන්ඩත් පුළුවන් නේ.පින්තූරයක් ගත්තම’ ‘දැන් පත්තරවලටත් එදාට කියනවද ?’ බිනරි හිතින් අත ඇති ඉතිරි මුදල ගණනය කළාය. ‘පත්තරවලට එන්ඩ කියන්නේ නෑ.අපි ගිහින් පින්තූර ටික දෙනවා.ඕවයැ ඉන්නේ අපේ යාළුවොනේ’ දර්ශන බිනරි ගේ මුහුණට එබිකම් කළේය.ඔහුගේ ඉරියව්වේ තිබුණේ පාරම් බාන ස්වරූපයකි.බිනරි හිස වැනුවාය. ‘අන්න අද පත්තරේ තියෙනවා.අලුත් නිෂ්පාදිකාවගේ නම’ දර්ශන පැවසුවේය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

සම්මාන දිනූ ළාබාලම නිවේදකයා වූ හැම්ලට් කුමාරයා

සම්මානයක් දිනා ගැනීමට වයස බලපාන්නේ නැත. අවශ්‍ය වන්නේ හැකියාව පමණි. ඉකුත් රයිගම් සම්මාන උලෙළේ හොඳම ඉංග්‍රීසි පුවත් නිවේදකයා ලෙස අභිසෙස් ලැබූ තිළිණ උදයරත්න ද එසේමය. සම්මානනීය වීමට ඔහුට වයස බලපෑවේ නැත. අඩුම එනම් විසි වසර සපිරෙද්දී වයසින් එම සම්මානය දිනාගත් තැනැත්තා හැටියට තිළිණ වාර්තා පොත් අතරට එකතු විය. තිළිණ නිවේදනයට පෙම් බඳින්නේ හය හතර තේරෙන කාලයේ පටන්මය. තම පියා වූ ප්‍රියන්ත උදයරත්න ද එම ක්ෂේත්‍රයේම නියැළුණ බැවින් තිළිණ ද ඒ අංශයට යොමු වුණේ නිරායාසයෙන්ය. ප්‍රියන්ත මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා විස්තර විචාරකයෙකි. තාත්තගේ නිවේදන කටයුතු කරන ස්ටයිල් එකට මං හරි ආසයි. මං බොහොම ආසාවෙනුයි ඔහුගේ විස්තර විචාරක නැරැඹුවේ. මං හිතනවා නිවේදකයකු වීමට පාර කැපෙන්නේ මගේ තාත්තා කියලා. හැබැයි ඔහු වගේ ක්‍රීඩා විස්තර විචාරකයෙක් වෙන්න මට හැකියාව ලැබුණේ නැහැ. මං වඩාත් ප්‍රිය කළේ ප්‍රවෘත්ති නිවේදනයට.

....සම්පූර්ණයෙන් කියවන්න