වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

දිලෙන තරු අතරට එක් වූ පුංචි තරුවකි. ඔහු එලෙස අභිසෙස් ලැබුවේ ඉකුත් සුපර් ස්ටාර් තරගාවලිය සමඟින් දිදුලන තරුවක් බවට පත් වූ ඔහු රොවේන් අර්ල් පීරිස්ය. තරගාවලියේ කිරුළ හිමි වුයේ මේ පුංචි තාරකාවටය. එහි උණුසුම වියැකී යන්නට මත්තෙක් රෙවේන්ව මෙලෙස සිරස ජුනියර් ස්ටාර් මාවතෙන් සරසවිය මණ්ඩපයට ගෙන්වා ගත්තෙමු. රොවේන් ඔබට කියාගන්න බැරි තරම් සතුටක් ඇති. එය වචනවලට පෙරළන ගමන් මේ කතාව අරඹමු? ඒ ජයග්‍රහණය මට හීනයක් වගෙයි අයියේ. තරගාවලිය පුරාවටම අපි එකා වගේ තරග කළා. අන්තිම 24 දෙනා අතරට එනකොට පුංචි බලාපොරොත්තුවක් තිබුණා කිරුළට. ඒ බලාපොරොත්තුව ඉටු වුණා. කිරුළත් අරගෙන ගෙදර ආවේ සතුටින් උඩ පැන පැන.

....සම්පූර්ණයෙන් කියවන්න
 

සිනමා කිවිඳියට කාන්තා දිනයේ ඇගැයීමක්

ජාත්‍යන්තර කාන්තා දිනයේදී සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ව ඇගයීමට ලක් කෙරිණි. ඒ පසුගිය දින කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදීය. දැනට සාම්ප්‍රදායික නොවන වෘත්තීය ක්ෂේත්‍රයක ප්‍රවීණියක, කලාකාරිනියක විදියට කාන්තාවක් ලෙස ඉහළම දායකත්වය දැක් වූ කාන්තාවක ලෙසයි. කලා ක්ෂේත්‍රයේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම හා නව පරපුර දක්වා ආදර්ශ භූමිකාවක් සැපයූ සිනමා කිවිඳිය ලෙස ඈ ගෞරවයට පාත්‍ර විය. එදින කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ ද ඇගයීමට ලක් කිරීමට ඔවුහු අමතක නොකළහ. සුමිත්‍රා පීරිස් කිවිඳිය ඇගයීමට පාත්‍ර කරමින් සමරු ඵලකය ප්‍රධානය කළේ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් සහ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකා ශිරානි මිලස් සහ චමාලි අහංගම ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි. මේ ඒ මොහොතයි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඔවුන් නොදන්නා අප දන්නා චරිත හමුව

"හසන් ට මෙතෙක් කල් තමාගේ ජීවන උපාය සකස් කර ගත් කඩ සාප්පුව දමා යන්නට සිදුවූන චින්ත ප්‍රවේගයට වඩා දැඩි දුකක් තිබුනේ හසන්ගේ පුංචි කොලු පැටියා වූ "අර්ෆත්"ටය . ඒ කොලු පැටියා හුරතල් කෙරූ රෙක්සි නම් බල්ලාව දමා යෑමය. එහෙත් බල්ලන්ව හුරතල් කරමින් සිටින කාලයක් නොව දැන් එළඹි,ඇත්තේ. එදින උදයේ දෙමළ ඊලාම් ත්‍රස්ත කණ්ඩායම් තම පාලන සීමාවෙන් මුස්ලිම් අය ,කරන වෙළදාම් වලින් හා ඔවුනගේ නිවෙස් වලින් ඉවත්වන්නට කියන්නේ, ඔවුන් සිංහල හමුදාවට ඔත්තු සපයන බව කියමිනි. හසන් තම සාප්පුව වසා දමා අවශ්‍ය රෙදි ටික පොට්ටනියක් බැද තම කුඩා ළමයා සමග පාපැදියෙන් නිවසට පැමිණියේ තම මුළු පවුලම රැගෙන මන්නාරමට යාමටය. ඔවුන් තමන්ට හැකි පමණ බඩු පොඩි ගසාගෙන බයිසිකලයද ත්‍රිරෝදයේ උඩ බැදගෙන පිටත් වන්නට සැරසුණි. කුඩා අර්ෆත් හැකි හැම උත්සාහයක්ම දැරුවේ "රෙක්සි"ව රැගෙන යාමටය. එහෙත් පියාගේ සැඩ පරුෂ ගොරිනාඩුව හමුවේ හැඩූ කදුලින් රෙක්සිව මෙහි දමා යාමට සිදුවිය."

....සම්පූර්ණයෙන් කියවන්න