වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ සුවඳ දෝ සිිත දැවටෙන්නේ...

ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...

හෙට පෙබරවාරි 16 වැනි දින.හරියටම අවුරුදු තිහකට පෙර අතීතයට යා යුතුය.අවුරුදු තිහකට පෙර ලංකාව මේ වගේ යැයි හිතන්නට අද පරම්පරාවට හැකියාවක් නැත.අතීත කාමයෙන් පමණක් ජීවත්ව අතීතය මරුයැයි සිතමින් අනාගතයක් නොදැක ජීවත්වන බොහොමයකට එසමය සිහිපත් වනුයේ ත්‍රාසජනක සිනමා කෘතියක එන කවරකින් කුමක්වේදැයි සිතිය නොහැකිමොහොතක් හැටියටය.ඒ කාලයේ රටේ තැන තැන මරණයේ පණිවිඩය හමා ගියේය.කිසිවක් ගේ ජීවිත අයිතිය පිළිබඳ තින්දු ගනු ලද්දේ අද මෙන් බහුල වශයෙන් මෝටර් රථ රියැදුරන් නොවේ.නාඳුනන තුවක්කුකරුවන් විසිනි.ගෙයින් එළියට බැස එනවාද නැද්ද හෝ රැය පහන්ව පසුදා හිරු එළිය දකියි ද යන්න දැන සිටියේ ඔවුන්ය.අවසන් ගමන යන මිනිසා ගේ මළගම මහ මග ද නැතහොත් දනින් ඉහළට නොඑසැවෙන්නේ ද යන්න දැන සිටියේ ද මේ දෙපාර්ශවය පමණී.මරණයේ ගිණුම කාගේ දැයි කිසිවකු දැන සිටියේ නැත.එමෙන්ම එම වකවානුවේ වහා තොරතුරු දැන ගැනීමේ හැකියාවක් තිබුණේ නැත.තොරතුරක් දැන ගත්තේ ගුවන් විදුලියෙනි.නැතහොත් රජයේ ටෙලිවිෂන නාලිකාවකිනි.නැතිනම් පුවත්පතකිනි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

මට එපා ඒ සල්ලි

එහා මෙහා දුවන මිනිසුන් අතරින් රිංගා ගිය බිනරි කඩයට ගොඩ වූවාය.තාත්තා ගේ පලතුරු කඩය දැන් විසිතුරු බඩු අළෙවි කරන තැනක් බවට පත් ව තිබේ.එය කුලියට ගත් සුදර්ශන කඩය පිලිවෙළට තබා ඇති අයුරු ඇය දුටුවාය.ගණුදෙනුකාරියක සමග කටයතු කළ සුදර්ශන බිනරි දුටුවේ අනතුරුවය. ඇය ඒ වන විට සාප්පුවේ ඇති ඇස පිනන දෑ දෙස විමසිල්ලෙන් සිටියාය.ගනුදෙනුකාරිය ගත්තේ විලවුන් බෝතලයකි.ඇය නොඅනුමානවම කොළඹ රස්සාව කරන ගැමි තරුණියකැයි බිනරි අනුමාන කළාය. විලවුන් බෝතලය ඇය සිය ගමන් මල්ලේ ලා ගත්තේ රන් හුයක් ආරක්ෂා කරනවාටත් වඩා සොම්නසිනි.සාප්පුවට පැමිණි හැඩකාර ගැහැනිය එහි ඇති දෑ දෙස වුවමනාවෙන් බලනු සුදර්ශන දුටුවේය.හැඩට පෙනෙන හොදට අඳීන ඇතැම් තරුණියන් ඇස වසන සැණින් කඩ සුද්ද කරන බැව් ඔහුගේ හිතට නැගිණ. එයට පෙර බිනරි කතා කළාය. ‘සුදර්ශන ?’ ඔහු විමසිල්ලෙන් හිස වැනුවේය.මේ ගනුදෙනු කාරියක නොවන වග ඔහුගේ මොළය ඉඟි කර තිබිණ. ‘මම බිනරි.මේ කඩේ අයිති මට’ සුදර්ශන කපටි සිනාවක් පෑවේය. 

....සම්පූර්ණයෙන් කියවන්න
 

අක්ෂේට අලුත් අභියෝගයක් pad man

දකුණු ආසියාවේ ප්‍රබලතම රටක් ලෙසින් සැලකෙන ඉන්දියාවේ අධික ජනගහනය, නාගරීකරණය සමඟින් විවිධාකාර ලෙසින් පැන නැගී ඇති සෞඛ්‍ය ගැටලු අතරේ කාන්තා සනීපාරක්ෂාවද එක් ගැටලුවක් වී තිබේ. තමිල්නාඩුවේ කොයිම්බතූර් හි වෙසෙන සමාජ ක්‍රියාකාරිකයකු වන අරුණාචලම් මුරුගනාදම් කුඩා යන්ත්‍රයක් නිපදවා එමඟින් අඩු වියදමින් සනීපාරක්ෂක තුවා නිපදවන්නෙකි. ඔහුට මේ පිළිබඳ අදහස එන්නේ තම බිරිය ශාන්ති නිසා ය. සනීපාරක්ෂක තුවා වෙනුවට පැරණි රෙදි කැබලි පාවිච්චිය පිළිබඳ විමසන අරුණාචලම්හට බිරිය පවසන්නේ, තමන් සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ නම්, ඒ සඳහා කිරි මිලදී ගැනීමට වියදම් කරන මුදලෙන් අඩක් වෙන් කළ යුතු බවයි. දිනක් සිය බිරිය වෙනුවෙන් සනීපාරක්ෂක තුවායක් මිලදී ගැනීමට වෙළෙඳ සැලකට ගොඩවන ඔහුහට එහි හිමිකරු එය ලබා දෙන්නේ නීති විරෝධි යමක් අයුරිනි. මෙම සිදුවීම සේම එහි මිල ද අරුණාචලම්ගේ නොසතුටට හේතුවන අතර කාන්තාවන්ගේ මෙම සනීපාරක්ෂක ගැටලුවට විසඳුමක් සෙවීමට ඔහු එදින අදිටන් කරගනී. අඩු වියදමෙන් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා තෙගුණයක් මිලෙන් අඩු . . . 

....සම්පූර්ණයෙන් කියවන්න