වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




A/L විභාග සමයේදී A /Level චිත්‍රපටයේ රඟපෑ දඟකාර තාරුණ්‍යය...

A/L විභාග සමයේදී A /Level චිත්‍රපටයේ ...

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට ගීත අතරින් සිතේ රැඳෙන ගීත බිහිවන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේමයි එකම චිත්‍රපටයක ගීත කිහිපයක් සිතේ රැඳෙන්නෙත්, ජනප්‍රිය වෙන්නෙත් නැති තරම්. මේ මම ඉහත කිව්ව ගීතයත් ඒ වගේ සිතේ රැඳෙන, මේ වනවිට කා අතරත් ජනප්‍රිය වී ඇති එක් ගීතයක්. රොහාන් පෙරේරාගේ නවතම චිත්‍රපටය වන ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ එන මේ ගීතය ඔබගේ හදවතත් සොරා නොගත්තොත් පුදුමයි. ඒත් අප මේ කියන්නට තනන්නේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ එන මේ ගීතය ගැන නම් නොවෙයි. ඒ ගීතය පසුබිමින් ඇසෙද්දී ඊට අනුරූපව දඟ කරමින්, සිය යෞවන කාලය මේ යැයි කියමින්, ඒ ලෙවල් පන්තියේ මතකය වෙතට අප කැන්ඳන් යන දඟකාර සමනල - සමනලියන් පිරිස ගැනයි. “අනුත්තර, අහිංසා, සුභා, යොමාල්, යහනි, අශාන්” මේ විදියේ විවිධ නම්වලින් හැඳීන්වුවත් ඔවුන් ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ඒ ලෙවල් කරන කාලය අතරතුරමයි. ‘ඒ ලෙවල්’ චිත්‍රපටය නරඹන විට පාසලේ ඒ ලෙවල් කාලයේ චමත්කාරය සිහිපත් කරන මේ . . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

‘මං තමයි දැන් අන්තිමට වැරදිකාරි’

‘මට මතක් වෙන ගානේ කේන්තියි’ අම්මා පැවසුවාය. මාමා අහස පොළව ගැට ගසන්නට කල්පනා කරමින් සිටියි.නැන්දා කම්මුලේ අත ගසා ගෙනය.ආරංචිය ඇසුණ ගමන් මාමා අනුරාධපුරයට ගියේ හොඳීන් හෝ නරකින් දෙකෙන් එකක් විසඳන්නටය.ඒ තනියම නොවේ.නැන්දා ද සමඟය.මාමාට තාත්තා මුණ ගැසී තිබේ.මාමා ආපසු ආවේ හිත හොඳකින් නොවේ. ‘එව්ව අපි හිතුවාට වඩා දුර දිග ගිහින්.’ මාමා පැවසුවේ ටික වේලාවකට පසුවය.අවුරුදු ගණනාවකට පසුව දකින මාමා වෙනදාට වඩා වියපත්ය.දැන් ඔහු ගුරු වෘත්තියෙන් විශ්‍රාම යන්නට ආසන්නය. ‘අර ගෑනිත් හිටියා ද?’ බිනරි ඇසුවේ දුම්රියට පැන්න ගැහැනිය පිළිබඳ තවමත් සාංකාවක් සිතේ තුබුණ නිසාය.පරසන් ගස් වැවේ දි දුම්රියට පැන්න ගැහැනිය ගංගා නොවූවද සිතේ ඇති වූ කැලඹීම එහෙමමය.මාමා හිස වැනුවේ ඔව් කියන්නටය. ‘මාමා ගෙදර යන කොටත් ඒ ගැනි හිටිය ද ?’ මාමා එයටත් දුන්නේ පැරණි පිළිතුරමය. ‘මට කිව්වා වුණේ වැරැද්දක් කියලා මිනිහා බාර ගන්නවාය කියලා.’ මාමා කතා කළේ වචන සොයමින්ය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

කළු දිවියා වියරුවෙන්

Black Panther යනු මාවෙල් කතා අතරින් රිදී තිරයට එන අලුත්ම චිත්‍රපටය යි. කාටුන් චරිත ප්‍රිය කරන්නන්හට මාවෙල් විශ්වය තරම් ප්‍රිය කරන වෙනත් ස්ථානයක් නොමැති තරම්. සිනමා ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටින මාවෙල් සිනමා විශ්වයට තවත් අලුත් චිත්‍රපටයක් එක්වීමට නියමිතව ඇත. Black Panther යනු මාවෙල් කතා අතරින් රිදී තිරයට එන අලුත්ම චිත්‍රපටය යි. රයන් ක්ලූග්ලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙය මාවෙල් සිනමැටික් විශ්වයේ 18 වැනි චිත්‍රපටය යි. අයන් මෑන් ත්‍රිත්වය (2008, 2010, 2013), දි ඉන්ක්‍රඩිබල් හල්ක් (2008), තෝර් (2011), කැප්ටන් ඇමෙරිකා : ද ෆස්ට් ඇවේන්ජර් (2011), මාවල්ස් : දි ඇවෙන්ජර්ස් (2012), තෝර් : ද ඩාක් වර්ල්ඩ් (2013), කැප්ටන් ඇමෙරිකා : ද වින්ටර් සෝල්ජර් (2014), ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි (2014), ඇවෙන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්‍රන් (2012), සහ ඈන්ට් මෑන් (2015), කැප්ටන් අමෙරිකා : සිවිල් වෝ (2016), මොක්ටර් ස්ට්‍රේන්ජ් (2016), ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි - 2 (2017), ස්පයිඩර් මෑන් : හෝම්කමින් (2017), තෝර් : රැන්ග්රොක් (2017) මේ වන විට රිදී තිරයට පැමිණි චිත්‍රපට . . .

....සම්පූර්ණයෙන් කියවන්න