වර්ෂ 2018 ක්වූ  ජනවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




පොංගල් උත්සව සමයට සත්‍ය පුවතකින් තැනුණු ආකර්ෂණීය චිත්‍රපටයක්

පොංගල් උත්සව සමයට සත්‍ය පුවතකින් තැනුණු ආකර්ෂණීය චිත්‍රපටයක්

Special 26 1987 වසරේ මුම්බායිහි ඔපෙරා හවුස්හි සිදු වූ රන් සහ මුදල් මංකොල්ලය පිළිබඳ සත්‍ය පුවත තේමාකර ගනිමින් නිර්මාණය කෙරුණා. එම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත් වුවද අදටත් එය සිදු කළේ කවුරුන්ද යන්න සොයා ගෙන නොමැත. එළඹෙන සති අන්තය කොලිවුඩයට සුවිශේෂි සති අන්තයකි. දකුණු ඉන්දියාවේ සුවිශාලතම සැමරුම් උත්සවය වන තෛයිපොංගල් උත්සව සමය සමඟින් එන සති අන්තය දකුණු ඉන්දීය සිනමා ලෝලීන් බලා සිටින්නේ විවේකය සමඟින් තම වඩාත් ප්‍රිය කරන්නා වූ තරු පිවිසෙන සිනමා නිර්මාණ රස විඳීමටයි. මෙවර තෛයිපොංගල් උත්සව සමය වෙනුවෙන් ජනප්‍රිය තරු කිහිපයකගේ සිනමා නිර්මාණ කොලිවුඩ් රිදී තිරයේ දැක ගැනීමට ලැබෙන අතර විග්නේෂ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කර කොලිවුඩයේ ජනප්‍රිය නළු සූර්යාගේ රංගනයෙන් ඔපවත් වන Thaanaa Serndha Koottam ඒ අතරින් එකකි.දැවැන්ත සොරකමක් පිළිබඳ කතා පුවතක් ගෙන එන Thaanaa Serndha Koottam චිත්‍රපටය 2013 වසරේ තිරගත කෙරුණු . . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

මං ඒ නිළිය නොවෙයි

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම පැමිණෙන්න සමත් වූ හින්දි චිත්‍රපටය වන්නේ, වසරේ අවසානයේ එනම් දෙසැම්බර් 22 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ සල්මන් - කත්‍රිනා නැවතත් තිරයේ එක් කරමින් අලි අබ්බාස් සෆාර් විසින් අධ්‍යක්ෂණය කළ Tiger Zinda Hai  චිත්‍රපටය යි. බොලිවුඩයට කාරුණික නොවූ 2017 වසර තුල සාර්ථක චිත්‍රපට අතරේ ආසාර්ථක වූ චිත්‍රපටද වන අතර ඒ අතරින් කිසිවෙකුත් නොසිතූ පරිදි ඇතැම් චිත්‍රපට අසාර්ථක ඒවා බවට පත් වූයේ වියදම තරමටවත් ආදායමක් නොලබමිනි ගෙවී ගිය වසර බොලිවුඩයට සතුට මෙන්ම කඳුළ ද ගෙන ආ වසරක් බව කවුරුත් දන්නා කරුණක්. එසේම සිනමා නිර්මාණ තිරගත කිරීමේ තරගකාරී බවක් ඇති වූ වසරක් ලෙසත් විශේෂ වෙනවා. එසේම ඉහත වසර කිහිපය සමඟින් බලන විට සිදු වූ සිදුවීම් සමඟ 2017 වසර බොලිවුඩයේ අඳුරුතම අවධින් අතර එකක් බව ද ඇතැම් විචාරකයන්ගේ අදහස බවට පත් වුණා. ඉහළින්ම දිළෙන තරු කිහිපයක්ම දායක වූ නිර්මාණ අතර ලොකු තරගයක් ඇති වුවත් ඇතැම් නිර්මාණ කවුරුත් නොසිතූ පරිද්දෙන් අසාර්ථක වීම ද මේ අතර දකින්නට ලැබුණි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

‘මෙච්චර දුරක් තනියෙන් ඇවිත්

මැදියම ගෙවී හෝරාවක් යන්නට ඇත.දවල් කලිකලහයෙන් ඝෝෂාවෙන් පිරුණු පාර දැන් නිහඩය.ඉඳහිට වේගයෙන් ගමන් කරන නිශාචර රථයක් පමණක් එහි ඇති පාළුව බිඳ හෙළමින් පවතියි. කිසිවකු දොරට හීන් සීරුවේ තට්ටු කරන හඩ චිත්‍රාට ඇසුණේ යාන්තමිනි.ඒ වන විට ඇය සිටියේ තද නින්දේය. පසුගිය දවස් කිහිපය ඇතුළත ඇය හීන රාශියක් දැක්කාය.ඒ සියල්ල කිසිවක් තේරුම් බේරුම් කර ගත හැකි ඒවා නොවේ.එබැවින් ඇය සිටියේ දෙගිඩියාවෙනි.කිසියම් වූ අකටයුත්තකට මුල පිරෙනු ඇතැයි ඇයගේ සිත කියන්නට පටන් ගෙනය.දියණිය බිනරි විවාහ වී අවුරුදු පහක් ගත විණ.ඔවුන් ලංකාවට ආවේ එක් වතාවකි.දියණිය පිළිබඳ සිතන විට ඇයට කදුළු උපදියි.කාටවත් නොකියන කිසියම් දුක් ගිනි රාශියක් ඇය තනිවම උසුලන්නීයැයි චිත්‍රාගේ ගැහැනු ඉවට දැනී තිබිණ.ඇය එය හාරා අවුස්සන්නට නොගියේ ඇතුළත ගිනි පිටතට නොදෙව යනුවෙන් අසා තිබුණ හින්දාය.මනෝජ් කිසිදු නෑයෙකුට හිතවතෙකුට සිය දියණිය හා ඇසුරකට ඉඩ නොදෙන්නේ යැයි ඉතාලියේ උන් සරෝජා ලංකාවට පැමිණ විටක පවසන විට චිත්‍රා තනිවම සුසුම් ලෑවාය.

....සම්පූර්ණයෙන් කියවන්න