වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




නළුවන්ට ඔස්කාර් සාපයක්ද?

මම ජීවිතේට මුලින්ම අප්පච්චි කිව්වේ බුද්ධි සර්ට

ඇය තමයි ෂර්ලි පී දෙලංකාවලගේ හිතුවක්කාරයා නාට්‍යයේ හිමාෂා. ඇගේ සැබෑ නම මධුෂානි සකුන්තලා. හිතුවක්කාරයා නාට්‍යය මේ දිනවල ටී වී 1 නාළිකාවේ විකාශය වෙනවා. ඒ හින්දම හිමාෂාට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි. * ඔබ මොන නමින් ද මං අමතන්න ඕන? හිමාෂා කියලා තමයි වැඩි දෙනෙක් අමතන්නේ. සකු කියන මගේ සැබෑ ජීවිතයේ පෙට් නේම් එකෙන් අමතන අයත් ඉන්නවා. ඒ අතරින් ඇතැමෙක් චබී කියලත් කියනවා. * චබී? ඇයි දන්නෙ නැද්ද අනේ. චබී කියන්නේ හිමාෂාගේ සුරතල් නාමයනෙ. * ඒත් ඔබ චබී නැහැනෙ? ඒක හරි. චබී කියන්නේ හිමාෂාගේ සුරතල් නාමය පමණයි. * හිතුවක්කාරයා ඔබේ පළමු ටෙලි සිතුවමද? නැහැ අයියෙ. මගේ පළමු ටෙලි නාට්‍ය වුණේ නලීන් මාපිටිය සර් අධ්‍යක්ෂණය කරපු ඉස්සරහට යන්න ටෙලි නාට්‍යය. ඒකේ මං සුළු චරිතයක් කළේ. ප්‍රධාන චරිතයක් මවමින් විකාශය වු පළමු ටෙලි නාට්‍ය තමයි හිතුවක්කාරයා කියලා කියන්නේ. * ෂර්ලි පී. දෙලංකාවල කියන්නේ තමන්ගේ නිර්මාණවලට නළු නිළියන් තෝරද්දී හුඟක් සැලකිලිමත් වෙන කෙනෙක්.

....සම්පූර්ණයෙන් කියවන්න
 

මං ඔයාව බලන්න පොලීසියටත් ආවා

සරෝජා ඉතාලියට යන්නට කළ ආරාධනාව බිනරි ගේ සිතේ තැන්පත් විණ. යෙහෙළිය එය කවර අරමුණකින් පැවසුවාද යන්නට වඩා ඇයට අවශ්‍ය වූයේ මේ පරිසරයෙන් මිදෙන්නටය. ලක්ෂ්මන් හා විනොද් අරගලය ගැන ඇය විස්තර දැන ගත්තේ කනින් කොනිනි. විනෝද් ලක්ෂ්මන්ගේ දත් ගැලවෙන්න ගැසූ වගක් ඇයට අසන්නට ලැබුණේ ඕපාදූපයක් හැටියටය. බිංදුවෙන් පටන් ගත් ලක්ෂ්මන්ට පලාතේ බොහෝ දෙනෙක් ණය වී සිටියහ. ඔවුන් යටි සිතින් ලක්ෂ්මන්ගේ බිඳ වැටීමක් අපේක්ෂා කළා වැන්න. ‘ලක්ෂ්මනයට එළියට බහින්න බැහැය කියන්නේ. ඔක්කොටම වඩා ලැජ්ජාවනේ. මේ හුජ්ජ කොල්ලෙකුගෙන් ගුටි කෑවාය කියන්නේ. දැක්කනේ දේසබන්දු ද මොකක්ද පට්ටමක් හම්බ වෙලා නටපු නාඩගම’ ඕපාදුපය සමග එක් කරමින් පත්තරයක දැම්මා වැනිව අල්ලපු ගෙදර සිටි ස්වර්ණා කියා ගෙන අයරු බිනරි අසා ගෙන සිටියායය.මැදට පැන විස්තරය අසන්නට සිතින් උපන් ආසාව මැඩලන්නට බිනරි ගේ යටි සිත උපදෙස් දී තිබුනාය. ඉන් දවස් දෙකකට පසු තවත් ඕපාදූපයක් ද කණ වැටිණ.

....සම්පූර්ණයෙන් කියවන්න
 

විමර්ශනයක් ගැටලුවක් සිදුවීමක් Richie

Richie ගෞතම් රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කළ නවතම දෙමළ සිනමා නිර්මාණයක්. අපරාධ කතා පුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයක් වන Richie, 2014 වසරේ තිරගත කෙරුණු රක්ෂිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කෙරුණු Ulidavaru Kandanthe කණ්ණඩ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක්. Ulidavaru Kandanthe 2014 වසරේ වසරේ කාන් සිනමා උළෙල නියෝජනය කළ අතර ඉන්දීය රාජ්‍ය සම්මාන සහ දකුණු ඉන්දීය ෆිල්ම්ෆෙයාර් සම්මාන ලබන්නට ද සමත් වුණා. යම් සිදුවීම් දාමයක් පිටුපස තිබෙන සත්‍ය කුමක්ද යන්න සෙවීමට මාධ්‍යවේදියෙකු වෙහෙසන අයුරු Richie ඔස්සේ ගෙන එනවා. එහිදී ඔහු එක් එක් පුද්ගලයාගෙන් විමසමින් ඔවුන්ගේ ද තොරතුරුද අනුව විවිධ කෝණයන්ගෙන් එම සිදුවීම් දෙස බලමින් ඒවායෙහි ඇති ගැටලු නිරාකරණය කර ගන්නට ගන්නේ කෙසේද යන්න එහි දැක්වෙනවා. Richie තිරරචනය සිදු කර තිබෙන්නේ, අධ්‍යක්ෂ ගෞතම් රාමචන්ද්‍රන් සහ රක්ෂිත් ෂෙට්ටි විසින්. එය මුලින්ම නම් කෙරුණේ Santa Maria ලෙසින්.

....සම්පූර්ණයෙන් කියවන්න