වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




නළුවන්ට ඔස්කාර් සාපයක්ද?

මම මුලින්ම ප්‍රවෘත්ති කිව්වේ අපේ‍්‍රල් පළමුවෙනිදා

ඇත්තෙන්ම අද මං ඉන්න තැන ගැන බෙහෙවින් සතුටු වෙනවා. සතියකට දවස් දෙකක් මං රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති කියනවා. ඒ අතරතුරදී දහවල් 12.30 ප්‍රධාන ප්‍රවෘත්ති කියනවා. අපිව තෝර ගත්ත ගමන් ප්‍රවෘත්ති කියන්න දුන්නේ නැහැ. හරියටම මාස 3 ක් අපිව පුහුණු කළා. හොඳට පදම් වුණා. ජාතික රූපවාහිනිය ඔස්සේ ඔහු ඔබ හමුවට එයි. අද චානක වෙනුවෙන් මෙම විශේෂාංගයේ ඉඩ අපි වෙන් කෙරුවෙමු. චානක රූපවාහිනියට සම්බන්ධ වූ අන්දම මම මාධ්‍යවේදියකු ලෙසට පළමුව සම්බන්ධ වන්නේ ලංකා පුවත් කියන පුවත් වෙබ් සයිට් එකකට. වර්තමානය වනවිටත් මා එහි සේවය කරනවා. ඔය අතර නිවේදනයට මං පෙම් බඳිනවා. ඒ ආදරය කිරීම තියෙන්නේ පුංචි සන්ධියේ පටන්මයි. චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාවක වන ශ්‍රී ටීවී ආයතනයට සම්බන්ධ වුණේ ඒ හීනය සැබෑ කරගන්න. කාලයක් මම එහෙම හිටියා. ඔය අතරේ දැනගන්නට ලැබුණා ජාතික රූපවාහිනියට නිවේදක නිවේදිකාවෝ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා කියලා. මමත් ඊට අයැදුම් කළා. ඒ 2013 අවුරුද්දේ. තුන් දහසකට අධික පිරිසක් ඊට අයැදුම් කරලා තිබුණා.

....සම්පූර්ණයෙන් කියවන්න
 

මේ දවස්වල නරක හීන වගයක් දැක්කා

අම්මා ටික දිනක සිට උදේ පාන්දරින් පන්සලට යන්නට පුරුදු ව සිටින්නීය. ඒ බිනරි ගේ කේන්දරයට ඒරාෂ්ටකයක් වැටී ඇතැයි ඇගේ කේන්දරය බැලූ ජයසේන මහත්තයා පැවසූ හෙයිනි. ජයසේන මහත්තයා හිටියේ ද පන්සලේය. ඔහුගෙන් කේන්දර බලන්නට රටේ ඉහලම ඇත්තන්ද එති. එබැවින් ඔහුගෙන් දිනයක් ලබා ගැන්ම ද අසීරුය.ජයසේන ලවා බිනරි ගේ කේන්දරය බලවා ගත්තේ ලොකු හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙනි. දින හතක් උදේ පාන්දර පන්සලට ගොස් ඇය වෙනුවෙන් බෝධි පූජාවක් කරන්නයැයි ජයසේන මහත්තයා අපලයට පිළියමක් ලෙස නියම කර තිබිණ. මුල් දවස් තුනේ අම්මා සමග ගිය බිනරි සිව් වන දවසේ එහි ගියේ නැත. අම්මා ද එයට බලපෑම් නොකළාය. ඉඳීන් සය වැනි දවස ද එළැඹිණ. ඇය සුපුරුදු පරිදි පන්සලට ගියාය. ටික වේලාවකින් බිනරිට ඇසුණේ කිසිවකු වැරෙන් දොරට ගසන ශබ්දයයි. බිනරි සිටියේ තද නින්දකය.උදෑසන නිදා සිටිනු අම්මා දුටුවහොත් ඇය ගෙන් කප්පරකට බැණුම් අසන්නට සිදුවනු නියතය. අම්මා පන්සල් ගිය අවසරය බිනරි තම නින්දට අවස්ථාවක් උදා කර ගත්තාය. තාත්තා ගේ දෝස්මුරයෙන් පසු ඇය නිවසටම වී කාලය ගත කළාය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ගින්නක් නැතුව දුමක් නොනැඟුන බොලිවුඩ් පෙම්කතා

බොලිවුඩය සුන්දර කතාවලින් වගේම අසුන්දර කටකතාවලින්ද පිරුණු තැනක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ කතා අතරේ බොලිවුඩ් තරු පිළිබඳ වූ ආන්දෝලනාත්මක කටකතා ද නැතුවාම නොවෙයි. බොලිවුඩයේ සැරිසරන විටදී හමුවන මේ වැනි කටකතා කෙතරම් හමු වුණත් ඒවා ඇත්ත වෙන්නත් වගේම නොවෙන්නත් පුළුන්වන්. කෙසේ වෙතත් කටකතා කියන දේ කිසිවෙකුට නවත්වන්න නොහැකි වුණත් තර්කානූකූලව සොයා බලා ඒවා කනට ගැනීමයි වැදගත්. අද මෙයින් දිග හැරෙන්නේ බොලිවුඩයේ සැරිසරන විටදී හමු වූ එවැනි බරපතළ කටකතා කිහිපයක්. රාණි මුඛර්ජි එක්ක ගෝවින්දාගේ තිබුණු සබඳකම බොහෝ දෙනෙක් නොදන්නා කතාවක්. මේ දෙන්‍නා ගොඩක් ළං වෙලා තිබුණේ Hadh Kardi Aapne චිත්‍රපටය රූගත කළ කාලයේදීයි. ගොවින්දාගේ බිරිය සුනීතා නම් මේ ගැන දැනගෙන හිටියෙත් නැහැ කියලායි බොලිවුඩ් කටකතා පවසන්නේ. මොකද මේ දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානවල දි නම් නිතර නිතර හමුවුණේ නැතත් රාණි ඒ කාලයේ පදිංචි වෙලා සිටි වර්සොවාහි නිවාස සංකීර්ණයට ගොවින්දා පැමිණි බවත් ඒ කටකතාවල ඇතුළත්.

....සම්පූර්ණයෙන් කියවන්න