වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නළුවන්ට ඔස්කාර් සාපයක්ද?

පතිරාජ සර්, ස්තුතියි

ආචාර්ය ධර්මසේන පතිරාජයන් වැන්නකුගේ සිනමාපටයක් ඔස්සේ සිනමාවට සම්ප්‍රාප්තවන්නට ලැබීම නවකයකුට ලැබෙන ඉතා අගනා අවස්ථාවකි. එය රංගන පාසල් සියයකට ගියත් නොලැබෙන්නකි. එවන් වූ වාසනාවක් ලැබූ තැනැත්තියක ලෙස රීනී ද සිල්වා හඳුන්වා දිය හැක. මේ දිනවලදී තිරගතවන පතිරාජයන්ගේ නවතම සිනමාපටය වන ස්වරූප සිනමාපටයේ ග්‍රේටා නමැති ප්‍රධාන නිළි චරිතය ඇය මවන්නීය. රීනී රංගනයටද නවකයෙකි. එමෙන්ම ස්වරූප ඇගේ පළමු සිනමාපටය මෙන්ම පළමු රංගන අත්දැකීමයි. රංගන ගමනේ ප්‍රවේශය එලෙස සිදුවීම රීනීගේ වාසනාවට සිදුවූවක් බව කිවහැකිය. රීනී, ඔබට ස්වරූප චිත්‍රපටයේ ග්‍රේඩාව හිමිවූ අන්දම ගැන මතක් කළොත්? මගෙ යාළුවකුගෙ මාර්ගයෙන් නදීක ගුරුගේ සර්ව හඳුනාගන්න ලැබුණා. පතිරාජ සර් එතකොටත් වයලින් ප්ලේකරන්න පුළුවන් තරුණියකව හොයමින් ඉඳලා තියෙනවා. නදීක මහත්මයත් ඒ බව දැනගෙන එම චරිතයට කෙනෙකුව හොයාදෙන්න උනන්දුවෙන් පසුවෙලා. ඒ පණිවුඩය දැනගෙනහි මාව ගුරුගේ සර්ට යහළුවා හඳුන්වා දුන්නෙ.

....සම්පූර්ණයෙන් කියවන්න
 

‘පෝස්ටර් ගහන්න ඕන එළිවෙන ජාමෙට’

‘ඉලන්දාරියා ගේ වැඩේට අපෙන් ඕන මොන වගේ සපෝට් එකක්ද ? චුට්ටං මුදලාලි ඇසුවේ ඉදිරියට නෙරා ගිය බඩ අත ගාමිනි. බඩ අත ගා ගැනීම දැන් ඔහුගේ පුරුද්දක් ව පවතී. ඔහු ට විනෝද් මුණ ගැසෙන්නේ පිටකොටුවේ දිය. සති අන්තයේ දී පිටකොටුවේ පළතුරු කඩය මැදියම් රැය ඉක්මවන තුරු විවෘත කර තැබීම චුට්ටං කලක සිට සිරිතක් කර ගත්තේය. සති අන්තයේ කොළඹ අත හැර ගමේ යන පිරිස වැඩිය. ලහි ලහියේ පිටකොටුවට විත් බස් රථයකට ගොඩ වෙන මගීන්ට ඒ මොහොතේ දහසක් දේ කල්පනා වන්නේය. කාගේත් කල්පනාව ඉක්මනින් ගෙදර යෑමය. බස් රියේ රියැදුරා ඉන්නේ නියමිත කාලය මරමිනි.පිටකොටුවෙන් පිට වන විට පිම්මේ යන ඔහු එතෙක් වෙලා කයිවාරු ගසන්නට පටන් ගනී. මේ කාලයේ ගෙදර ගැන සිහිපත් වන මගීන් සතියක් මුලුල්ලේ දුවා දරුවන් වෙතින් දුරස්ථ වූවෝය.නැත්නම් දවස පුරා කොළඹ කරක් ගැසූ රාජකාරි වලට පැමිණිවුන්ය.ඉඳ හිට කොළඹ එන්නෙකු ආපසු ගමට යන විට දූදරුවන්ට කොළඹින් කියා දෙයක් ගෙන ඒම සිරිතක් කොට ගනිති. හිස් අතින් යාම නොහොබියැයි කල්පනා වෙති. එය චුට්ටං ගේ සිතට සතුටක් ගෙන දෙන්නට මගීහු සමත් වන්නකි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

මං තවමත් රස්සාවක් සොයනවා

මෙවර පැවැති දෙරණ සිනමා සම්මාන උලෙළේ සහ යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ කෙටි චිත්‍රපට අංශයේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමිවූයේ ධනංජය බණ්ඩාරගේ ‘සෝන්ග් ඔෆ් ද ඉනසන්ට්’ කෙටි චිත්‍රපටය සඳහායි. කෙටි චිත්‍රපටයට බෙහෙවින් ආදරය කරන තරුණයකු වන ධනංජය බණ්ඩාර සිනමාව ඔස්සේ දිගු ගමනක් යන්නට සැරැසී සිටින්නෙකි. මේ ඉඩහසර වෙන්වන්නේ ඔහු වෙනුවෙනි. ඔබ කුඩා කාලයේ පටන් ම කලාවට බෙහෙවින් ආදරය කරන්නෙක්ද? මට ඉගෙන ගැනීමට පාසල් තුනකට යන්න සිදුවුණා. මුලින් ම බ/ශ්‍රී ජනානන්ද ජාතික පාසලටයි. එහිදි මා චිත්‍ර කියන විෂයයි තෝරා ගත්තේ. ඊට පසුව මප/හැ/ වටවල සිංහල විද්‍යාලයටයි ගියේ. එහිදි මා සෞන්දර්ය විෂයය විදියට තෝරා ගත්තේ නර්තනය විෂයයයි. ඒ අතර මා නර්තනය පිළිබඳ උසස් පෙළ ඩිප්ලෝමාවක් කළා. උසස් පෙළ අවසන් වීමෙන් පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පිවිසුණා. එහිදි මා නර්තනය හැදෑරීම නවත්වා සිනමාව පිළිබඳ හැදෑරීමට පටන් ගත්තා.

....සම්පූර්ණයෙන් කියවන්න