වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් ලොක්කෝ පොඩ්ඩන්ට නම් දාපු හැටි

බොලිවුඩ් ලොක්කෝ පොඩ්ඩන්ට නම් දාපු හැටි

අමීර් ඛාන් සහ කිරන් රාඕ තම පුතුට අසාද් රාඕ ඛාන් ලෙසින් නම් තැබුවා. අසාද් නම අමීර්ගේ ඥාති මුත්තණුවකුගේ නමක් වන අතර ඔහු ඉන්දීය නිදහස් සටනේ රණ ශූරයෙකු ද වෙනවා. අමීර් ඔහු සිහිපත්වීමට තම පුත්‍රයාට අසාද් ලෙසත් එහි අගට තම ඛාන් නාමයත් බිරියගේ රාඕ නාමයත් එක්කොට තිබෙනවා. අසාද්, 'නිදහස් වුණා' යන අර්ථය ගෙන දෙනවා.

දරුවන්ට විවිධ අර්ථ ගෙන දෙන නම් තැබීම පුරාණයේ පටන් පැවත එන්නක්. බොලිවුඩයේ තරු මාපියන් තම දරුවන්ට අනන්‍ය සේම අසාමාන්‍ය නම් තැබීම දැන් මෝස්තරයක් බවට පත් වෙලා. එහිදී ඉන්දියාවේ සංස්කෘතියට පමණක් සීමා නොවී විවිධ සංස්කෘතින් සොයා ගොස් එහි වූ නම් සොයා ගෙන ඇති බව තමයි පෙනෙන්නේ.

පසුගිය කාලයේ කාගේත් අවධානය යොමු වුණ කරීනා කපූර් සයිෆ් අලි ඛාන් යුවලගේ පුතුට තයිමූර් අලි ඛාන් පතාවුදි ලෙසින් නම තැබුවා. අරාබි බසින් යකඩ හැඳීන්වෙන්නේ තයිමූර් නමින්. ඒ වගේම තිමූර් නමින් මොංගෝලියානු අධිරාජයෙක්ද සිටි බවත් පැවසෙනවා.

බොලිවුඩයේ ජනප්‍රියම මාපිය යුවළ ශාරුක් ඛාන් සහ ගෞරි ඛාන් යුවලට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඛාන් යුවළ ඔවුන්හට ආර්යන් , සුහානා සහ අබ්‍රාහ්ම් ලෙසින් නම් තබා තිබෙනවා. ආර්යන් යන්නෙහි අර්ථය 'රණ ශූරයා' යන්නයි. සුහානා ගෙන දෙන්නේ, 'ප්‍රිය උපදවන' යන අරුතයි. අබ්‍රාහ්ම් නම නිර්මාණයට ඉස්ලාම් ආගමේ අනාගත වක්තෘවරයකු වන ඒබ්‍රහම් නමට රාම් යන වචනය එක්කොට තිබෙනවා.

බච්චන් පවුලේ සුරතලිය අභිෂේක් සහ ඓෂ්වර්යා යුවලගේ ආදරණීය දියණිය ආරාධ්‍යා බච්චන්ය. ආරාධ්‍යා සංස්කෘත නමකි. එයින් 'පිදිය යුතු' යන අර්ථය ගෙන දෙනවා. නිළි රාණි මුඛර්ජි සහ චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා තම දියණියට ආදිරා ලෙසින් නම තැබූයේ ඔවුන් දෙදෙනාගේ නම්වල අකුරු එක් කිරීමෙනි. ශිල්පා ෂෙට්ටි සහ රාජ් කුන්ද්‍රා තම එකම පුතුට නම තැබූයේ වියාන් ලෙසින්. වියාන් යන්නෙහි අරුත 'ජීවිතය සහ ශක්තියෙන්' පිරිපුන් යන්නයි.

බොලිවුඩයේ තරුණ මාපිය යුවළ ඉම්රාන් ඛාන් සහ අවන්තිකා මලික් තම දියණියට නම තැබූයේ ඉමාරා මලික් ඛාන් ලෙසින්. ඉමාරා යනු නැගෙනහිර අප්‍රිකානු භාෂාවක් වන ස්වාහිලි භාෂාවේ එන නමකි. 'ශක්තිමත්' යන්න එහි තේරුම ගෙන එනවා. ඒවගේම ඉම්රාන් සහ අවන්තිකා තම වාසගම් ද ඇයගේ නමට එක්කර තිබෙනවා. ජනප්‍රිය නළු රිතික් රෝෂන් සහ සුසැන් ඛාන් තම පුතුන් දෙදෙනාට ඉන්දියානු නම් තමයි යොදා තිබෙන්නේ. වැඩිමල් පුත්‍රයාට රිදාන් සහ දෙවැන්නාට රෙහාන් ලෙසින් නම් තබා තිබෙනවා. රිදාන් යන්නෙහි අර්ථය 'විශාල හදවතක් ඇත්තා' සහ රෙහාන් යන්නෙහි අර්ථය 'දෙවියන් විසින් තෝරා ගත්' ලෙසින් වෙනවා.

අමීර් ඛාන් සහ කිරන් රාඕ තම පුතුට අසාද් රාඕ ඛාන් ලෙසින් නම් තැබුවා. අසාද් නම අමීර්ගේ ඥාති මුත්තණුවකුගේ නමක් වන අතර ඔහු ඉන්දීය නිදහස් සටනේ රණ ශූරයෙකු ද වෙනවා. අමීර් ඔහු සිහිපත්වීමට තම පුත්‍රයාට අසාද් ලෙසත් එහි අගට තම ඛාන් නාමයත් බිරියගේ රාඕ නාමයත් එක්කොට තිබෙනවා. අසාද්, 'නිදහස් වුණා' යන අර්ථය ගෙන දෙනවා. සංජේ දත් සහ මන්යාතා දත් තම නිවුන් දියණිය සහ පුත්‍රයාට නම් තැබූයේ හීබෘ බසින්. පුතු ශාහ්රාන් සහ දියණිය ඉක්රා නම් වෙනවා. ශාහරාන් යනු 'රාජකීය නයිට්වරයා' යන අරුතත් ඉක්රා යනු 'ඉගැන්වීම පිණිස' යන අරුතත් ගෙන දෙනවා.

බොලිවුඩයට නර්තන නිර්මාණ ශිල්පිණියක ලෙසින් පැමිණ, අධ්‍යක්ෂවරියක, නිෂ්පාදකවරියක මෙන්ම නිළියක ලෙසින්ද ජනප්‍රිය ෆාරා ඛාන් සහ තිරචකයකු, නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම සංගීතඥයකු ද වන ශීරිස් කුන්දර් හට සිටින්නේ තුන් නිවුන් දරුවන්. ඔවුන් තම දියණියන් දෙදෙනාට සහ පුත්‍රයාට නම් තබා තිබෙන්නේ, අන්‍යා, දිවා සහ සිසාර් ලෙසින්. අන්‍යා යනු රුසියානු භාෂාවෙන් 'උතුම්' යන අර්ථයත් සංස්කෘත භාෂාවෙන් 'අනනන්තය' යන අර්ථයත් ගෙන එනවා. දිවා යනු ලතින් භාෂාවෙන් 'දේව' යන්නත් සිසාර් යනු ලතින් බසින් 'අධිරාජ්‍යයා' යන අර්ථයත් ගෙන දෙනවා.

අක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නා තම පුතුට 'බෙහෙවින් උසස්' යන අරුත ගෙන දෙන ආරව් යන නමත් දියණියට 'ගැඹුරු මුල් සහිත' යන අරුත ගෙන එන නිතාරා යන නමත් යොදා තිබෙනවා. කාජල් සහ අජේ යුවල තම දියණියට නයිසා ලෙසත් පුතුට යුග් ලෙසත් නම් තබා තිබෙනවා. නයිසා යනු 'නව ඇරඹුමක් / අරමුණක්' යන්නත් යුග්, 'යුගය' යන අරුතත් ගෙන දෙනවා. මධුරි ඩික්සිත් තම පුතුන් දෙදෙනාට දුන්නේ අයර්ලන්ත නම් දෙකක්. වැඩිමල් පුතුට 'දෙව් ලොවට ප්‍රවිෂ්ටය' යන අරුත ගෙන දෙන රායන් ලෙසත් දෙවැන්නාට 'කන්දක් මෙන් සවිමත්' යන අර්ථය ගෙන දෙන ආරින් යන නමත් යොදලා. රවීනා තන්දන් සහ අනිල් තදානි තම දරුවන් දෙදෙනාටම නම් තැබුවේ 'ර' අක්ෂරයෙන්. දියණියට 'මුල්ම වැහි බිංඳුව' යන අරුත ගෙන දෙමින් රාෂා ලෙසත් පුතුට 'නිර්භීත රණ ශූරයා' යන අරුත දෙන දෙන රන්බීර් යන නමත් තබලා.

ෆර්හාන් අක්තාර්ගේ දියණියන් දෙදෙනාගේ නම් අකීරා සහ ශක්යා ලෙසින් වෙනවා. අකීරා යනු ජපන් භාෂාවේ යෙදෙන නමක් වන අතර 'බුද්ධිමත්' යන අරුත ගෙන දෙනවා. ඒ විතරක් නෙවෙයි ෆර්හාන්ගේ ප්‍රියතම සිනමා අධ්‍යක්ෂවරයා වන්නෙත් ශ්‍රේෂ්ඨ සිනමාකරුවකු වන අකිර කුරසොව නිසාම වැඩිමල් දියණියට අකිරා ලෙසින් නම තබන්න තීරණය කරලා. සංස්කෘත බසින් ශක්යා යන්නෙහි අර්ථය 'ශක්ති වළල්ල' යන්නයි. අර්ජුන් රාම්පාල්ගේ දියණියන් දෙදෙනා මහිකා සහ මයීරා නම් වෙනවා. මහීකා යනු 'මිහිකත' ලෙසින් අරුත් ගැන්වෙන අතර මයීරා යනු කුරාණයේ එන වචනයකි. 'ආලෝකය' යන අරුත එය දෙනවා.

කරිෂ්මා කපූර් සහ සන්ජේ කපූර් තම දරුවන්ට යොදා තිබෙන්නේ ලතින් භාෂා වෙන් එන නම් දෙකක්. දියණිය සමයිරා, ලතින් බසින් 'සුන්දරතවයේ දෙව්දුව' අරුතත් අරාබි බසින් 'ආකර්ශනය' අරුතත් ගෙන දෙනවා. පුතු කියාන් 'දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය' යන අරුත දෙන දෙනවා. නළු ෆර්ඩීන් ඛාන් සහ නතාෂා මධ්වානි යුවල තම දියණියට නම තැබූයේ ඩියානි ඉසබෙලා ලෙසින්. ඩියානි යන්නෙහි අරුත 'දේවත්වය' යන්න ගෙන දෙන අතර ඉසබෙලා නම ෆර්ඩීන් කැමැතිම නමක් වෙනවා. ඔවුන් ඇයට නම් දෙකක්ම දුන්නේ අනාගතයේදී තමා වඩාත්ම කැමැති නම තෝරා ගෙන භාවිත කිරීමේ පහසුව වෙනුවෙන්ලු.

ජනප්‍රිය ගායක සෝනු නිගම් සිය පුතුට නෙවාන් ලෙසින් නම තැබූයේ සංස්කෘත බසින් 'ශුද්ධ වූ ආත්මය' යන අරුත ගෙන දෙමින්. විශ්ව රූ රැජන ලෙසින් කිරුළු පැළඳී ලාරා දත්තා සහ ඉන්දය ටෙනිස් ක්‍රීඩක මහේෂ් භූපති තම තියණිය සයිරා ලෙසින් නම් කළා. හීබෘ බසින් 'කුමාරිකාව' යන අරුතත් අරාබි බසින් 'කුරුල්ලා' යන අරුතත් එය ගෙන දෙනවා. විශ්ව රූ රැජනක වන සුෂ්මිතා සෙන් විවාහ දිවියට පත් නොවූවත් දියණින් දෙදෙනෙකු හදාවඩා ගන්නවා. වැඩිමල් දියණිය රිනී 'නැවත ඉපදීම සඳහා' යන අරුතත් දෙවැන්නිය අලීෂා, ජර්මානු බසින් 'ප්‍රභූත්වය' යන අරුතත් ගෙන දෙනවා.

ශහීඩ් කපූර් සහ මීරා රාජ්පුත් තම දියණියට නම් තැබූයේ තමන්ගේ නම් දෙකේ මුලකුරු එක් කර මීශා ලෙසින්. නළු අර්ෂාඩ් වර්සි තම දරුවන්ට ආගම හෝ සංස්කෘතියට සම්බන්ධ නම් යෙදීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔහු තම පුතුට අරාබි බසින් 'කඩා වැටෙන තරුව අරුත' ගෙන දෙන සෙකේ සිධාන් නමත් දියණියට අප්‍රිකානු බසින් 'ලස්සන' යන අරුත ගෙන දෙන සෙනේ සෝ නමත් යොදලා. ඉම්රාන් හෂ්මි තම එකම පුතු නම් කළේ අයාන් ලෙසින්. 'දෙවියන් ගෙන් ලද ත්‍යාගය' යන්න එහි අර්ථය ගෙන දෙනවා.