වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




පුනර්ජීව අරමුදලෙන් විශේෂ පරිත්‍යාගයක්

පුනර්ජීව අරමුදලෙන් විශේෂ පරිත්‍යාගයක්

ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිනියගේ සංකල්පයකට අනුව බිහිවුණු පුනර්ජීව හදවත් සැත්කම් අරමුදල සහ ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල එක්ව විශේෂ උත්සවයක් අගෝස්තු මස 26 වන සෙනසුරාදා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

මෙම මහඟු අවස්ථාව සිහිපත් කිරීම සඳහා පුනර්ජීව අරමුදල මේ අවස්ථාව සඳහා පුනර්ජීව අරමුදලේ භාණ්ඩාගාරිකා දීපා එදිරිසිංහ, එහි අධ්‍යක්ෂ නාලක එදිරිසිංහ, විධායක ලේකම් ධනුෂ්කා වීරසිංහ, ව්‍යාපෘති කළමණාකාර කේ.ඩී.ආර්. නිශාන්ත, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ සුසිත සේනාරත්න, විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සහ හෙද නිලධාරිනියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මේ අවස්ථාවේදී පුනර්ජීව අරමුදල මගින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත විශේෂ ලිපි ගොනු බහාලන කවරයක් රෝගීන් 1000 දෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීමත් සිදු කරන ලදී.

පුනර්ජීව හදවත් සැත්කම් අරමුදල මඟින් මේ වනවිට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අතහැර දැමූ රෝගීන් 200කට පුනර්ජීවය ලබා දී ඇත.


අරෝෂගේ පුතු යළිත් නවකතා රචනයට

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ පුතු නීතන් ප්‍රනාන්දු විසින් රචනා කළ ඔහුගේ දෙවැනි නවකතාව ජේම්ස් බෙන්ජමින් නමින් ඉංග්‍රීසි බසින් එළිදැක්වීමට සුදානම් වේ. නීතන්ගේ පළමු කෘතිය ද ඉංග්‍රීසි භාෂාවෙන් ඇපලෝ ඇන්ඩ් රිටන් ඔෆ් ඩිරෙන්ස් නමින් වසරකට පෙර එළිදැක් වූ අතර එහි ප්‍රථම පිටපත බ්‍රිටිෂ් ස්කූල් පාසැලේ විදුහල්පති ආචාර්ය ෂෝන් ස්කාර්ත් හට පිරිනමන ලදී. නීතන්ගේ නවතම කෘතිය උසස් පොලිස් නිලධාරියකු වටා ගෙතුණ ත්‍රාසජනක ප්‍රබන්ධයක් වේ. නීතන් මේ වනවිට බ්‍රිටිස් ස්කූල් පාසැලේ අටවැනි වසරේ ඉගෙනුම ලබයි.


දෙසීය තුන්සීය බොරැල්ලට එයි

සම්පත් තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ දෙසීය තුන්සීය නාට්‍යයේ විශේෂ දර්ශනයක් මෙම මස 08 වැනිදා බොරැල්ල පුංචි තියටර් හි පැවැත්වේ. සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී, ෆර්නි රෝෂණී, සුජානි මේනකා, ඉෂාර වික්‍රමසිංහ, නිමල් ජයසිංහ, ජගත් පද්මසිරි, තිලාන් වර්ණජිත් රංගනයෙන් දායක වන මෙහි සංවිධානය සුසිල් වික්‍රමසිංහගෙනි.