වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ පාර ඉන්දියානු උපත් පාලනයත් සිනමාවට...

ඒ පාර ඉන්දියානු උපත් පාලනයත් සිනමාවට...

Poster Boys චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ මෙලෙසිනි. ජග්වාර් චෞද්‍රි, විනේ ශර්මා සහ අර්ජුන් සිං හට තම රුවින් සැරසුණු පෝස්ටරයක් දකින්නට ලැබේ. පෝස්ටරයක තම රුව තිබෙනු දැක සතුටු වුවත් ඒ සතුට ක්ෂණයෙන් විනාශ වී යන්නේ එය කුමක් වෙනුවෙන් නිර්මාණය වූවක්ද යන්න අවබෝධ වූ විටය. මේ සමඟින් ඔවුන් තිදෙනාගේ ජීවත මහත් අවුලකටත්, විනාශයටත් පත් වන්නේ සමාජයේ හාස්‍යයටද ලක් වෙමිනි. මන්දයත් එම දැන්වීමෙන් කියන්නේ පිරිමින් වඳ භාවයට පත් කිරීම පිළිබඳවයි.

කාලයෙන් කාලයට එක එක විදියේ රැළි එන එක දැන් සාමාන්‍ය දෙයක්. බොලිවුඩ් සිනමාව ගත්තත් එහෙමයි. ක්‍රියාදාම, ප්‍රේමණීය, හාස්‍ය, සංගීතමය වැනි චිත්‍රපට අතරේ පසුගිය කාලයේ ක්‍රීඩාමය තේමා රැගත් චිත්‍රපටත් බොහොමයක් දකින්න ලැබුණා. මෑතකදී අක්ෂේ කුමාර් රඟන Toilet: Ek Prem Katha බොලිවුඩ් සිනමාව නව මානයට කැඳවූවා. යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය වෙනුවෙන්ම එය නිර්මාණය කෙරුණා. දැන් බොලිවුඩයෙන් එවැනි වූ තවත් චිත්‍රපටයක් නිර්මාණය කරලා.

ලොව ප්‍රජා විද්‍යාත්මක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන විටදී ආසියාවේ වැඩිම ජනගහණය මෙන්ම ලෝක ජනග්‍රහණයෙන් දෙවන විශාලතම ජන ගහණය වාර්තා වෙන්නේ ඉන්දියාවෙනි. ආගමික මතිමතාන්තර සේම උපත් පාලන ක්‍රම කෙරෙහි දක්වන නැඹුරුව ඉතා පහළ මට්ටමක පැවතීමට එයට හේතුව බවත් කියවෙනවා.

මේ නිසාම දැන් ඉන්දියාවේ ජනගහණය අධිකවීම වගේම එයට හේතු පැහැදිලි කරන්නත් අලුත් චිත්‍රපටයක් ඇවිත්.

Poster Boys.එය 2014 වසරේ තිරගත කෙරුණු බොක්ස් ඔෆිස් වාර්තා ගෙන ආ මරාති චිත්‍රපටයක් වූ Poshter Boyz හි හින්දි අනුවාදය යි. Poster Boys ශ්‍රියාස් තල්පාදේගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ද වෙනවා. Om Shanti Om, Welcome to Sajjanpur, Golmaal Returns වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ශ්‍රියාස් මරාති Poshter Boyz චිත්‍රපටයටද රංගනයෙන් දායක වුණා. Poster Boys  චිත්‍රපටය හෙට (සැප්තැම්බර් 08) සිට තිරගත කිරීම ඇරඹෙනවා. Poster Boys රචනයකර තිබෙන්නේ බන්ටි රාථෝර් සහ පරිතෝෂ් පේන්තර් විසිනි.

Poster Boys චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ මෙලෙසිනි. ජග්වාර් චෞද්‍රි, විනේ ශර්මා සහ අර්ජුන් සිං හට තම රුවින් සැරසුණු පෝස්ටරයක් දකින්නට ලැබේ. පෝස්ටරයක තම රුව තිබෙනු දැක සතුටු වුවත් ඒ සතුට ක්ෂණයෙන් විනාශ වී යන්නේ එය කුමක් වෙනුවෙන් නිර්මාණය වූවක්ද යන්න අවබෝධ වූ විටය. මේ සමඟින් ඔවුන් තිදෙනාගේ ජීවත මහත් අවුලකටත්, විනාශයටත් පත් වන්නේ සමාජයේ හාස්‍යයටද ලක් වෙමිනි. මන්දයත් එම දැන්වීමෙන් කියන්නේ පිරිමින් වඳ භාවයට පත් කිරීම පිළිබඳවයි.

Poster Boys චිත්‍රපටය හොඳ ජීව විද්‍යා පාඩමක් බවට බොලිවුඩ් ආරංචි මාර්ග ගෙන එනවා. එයින් වේගයෙන් ඉහළ යමින් පවතින ඉන්දීය ජනගහණය ගැනත් එය පාලනය කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳවත් කියවෙන බව එහි සඳහන්. ඉන්දියාවේ දුෂ්කර පළාත්වල පිහිටි කුඩා ගම්මානවල උපත් පාලනය පිළිබඳ පවතින ආකල්ප වෙනස් කිරීම මෙහි මූලික අරමුණක් බවට පත්ව තිබෙනවා. කෙසේ නමුත් ජීව විද්‍යා දැනුමට අමතරව මෙම චිත්‍රපටයේ භූගෝල විද්‍යාව පිළිබඳව ඉගැන්වීම්ද ඇතුළත් බවත් කියවෙනවා. එයට හේතුව මෙහි එන එක් චරිතයක් භූගෝල විද්‍යා ගුරුවරයකු වීමයි.

සනී ඩියෝල් ජග්වාර් චෞද්‍රි ලෙසත්, බොබී ඩියෝල් විනේ ශර්මා ලෙසත් අධ්‍යක්ෂ ශ්‍රියාස් තල්පාදේ අර්ජුන් සිං ලෙසත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 2013 වසරේ තිරගත කෙරුණු ‘Yamla Pagla Deewana 2 චිත්‍රපටයෙන් පසුව සනී - බොබී ඩියොල් සහෝදරයන් දෙදෙනා එකව රඟන නවතම සිනමා නිර්මාණය ද මෙය යි. දින 37කින් Poster Boys චිත්‍රපටයෙහි රූගත කිරීම් අවසන් කර ඇති අතර එය සනී ඩියෝල්ගේ 35 වසරක සිනමා ජීවිතයේ කෙටි කලකින් රූගත කර අවසන් කළ පළමු චිත්‍රපටය බවත් ආරංචියි.

Poster Boys නිෂ්පාදනය වී ඇත්තේ සනී සවුන්ඩ්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්, ශ්‍රියාස් තල්පාදේ සහ දීප්ති තල්පාදේ එකතුවෙනි. මිනිත්තු 128ක් පුරා රිදි තිරයේ දිග හැරෙන Poster Boys  චිත්‍රපටයට ඉන්දියාවේ සිදු වී ඇති සත්‍ය සිදුවීමක් පාදක වී ඇති බවත් බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.