වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




දුක්මුසු පුවතක්

දුක්මුසු පුවතක්

කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට මොන කෙං ගෙඩිය ද තව ඕන කරන්නේ . . .

මේ ගීතය නෑසූ දෙසවනක් නැහැ. දක්ෂ රංගන ශිල්පියකු වන ගාමිණී අම්බලන්ගොඩයි මේ සිංදුව අපූරු නර්ථනයකුත් එක්ක වේදිකාවේ ගයන්නේ. ගාමිණී ගැන දුක්මුසු ආරංචියක් කියන්නයි මේ සැරසෙන්නේ. මේ සටහන ලියන මොහොතේ ඔහු සිටින්නේ ගාල්ල කරාපිටිය රෝහලේ. දියවැඩියාව උත්සන්න වීම හේතුවෙන් ගාමිණීව රෝහල් ගතකරලා. අවාසනාව කියන්නේ ඔහු තමන්ට මේ රෝගය තිබෙනවා කියලා දැනගෙන ඉඳලා නැහැ. ගාමිණී සුපුරුදු පරිදි කලා කටයුතුවල නියැළී සිටින ගමන් ක්ලාන්තයක් ඇති වෙලා. ඒ හේතුවෙන් රෝහල් ගතවෙලා. එහිදියි දැනගෙන තියෙන්නේ තමන්ට දියවැඩියාව කියලා. ගාමිණී හදිසි ශල්‍යකර්මයකට ද මුහුණ දීලා කියලයි ආරංචි වන්නේ. පාදයක ඇඟිලි පහම ඉවත් කරලලු. කවුරුත් දන්නවා ගාමිණී තම බඩවියත රැකගත්තේ කලාවෙන්. එහෙම කෙනෙකුට මෙහෙම දෙයක් වෙච්ච එක ගැන හරිම දුකයි. 0777699808 අංකයෙන් ගාමිණීගේ දුක සැප හොයලා බලන්න පුළුවන්.