වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




අත්වාරුවෙන් යළිත් රංගනයට

අත්වාරුවෙන් යළිත් රංගනයට

හදිසි අනතුරක් හේතුවෙන් රංගනයෙන් මඳක් සමුගත් කපිල සිගේරා ඔන්න ආයෙත් රඟපාන්න ඇවිල්ලලු. එහෙත් ඔහු සම්පූර්ණයෙන් සුවය ලබලා නැහැ. අත් වාරුවක ආධාරයෙන් තමයි ඔහු තවමත් ගමන් කරන්නේ. ගාමිණී අම්බලන්ගොඩ වගේම කපිලත් ජීවත් වුණේ කලා කටයුතුවලින් ලැබෙන ආදායමෙන් පමණයි. එහෙයින් කපිල නැවතත් පුළුවන් අන්දමින් රඟපාන්න ඇවිත් තියෙන්නෙ ඒකයි. කොහොම හරි ඔහු නිර්මාණ කිහිපයකටම දායක වෙලා. එහෙයින් සිතේ සතුටක් ඇතුව තමයි කපිල මේ දිනවල ජීවිතේ ගෙවන්නේ. ඔහොම්මම ඉක්මනට සම්පූර්ණයෙන්ම සුවය ලැබී පූර්ණකාලීනව හොඳින් කලා කටයුතුවල නියැළෙන්නට හැකියාව ලැබේවා කියලා සරසවිය අපි කපිල වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.