වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




3000 ට 300 යි

3000 ට 300 යි

සරසවිය උපන් දින පිටුව සකසන සිරි කහවල හදිසි අනතුරකට මුහුණපෑවා කියන කාරණය ඔබ දන්නවනෙ. කලා ලොවේ කොයි කාගෙත් උපන් දිනය දා උදෙන්ම එන දුරකතන ඇමතුම සිරීගේ. ඔහු කොයි කාටත් කලියෙන් උපන් දනය දා සුබ පතනවා. ඒ වගේම කලාකරුවන් අසනීප වුණාම සරසවියට දන්වන්නෙත් ඔහු. ඔහුගේ සුවදුක් සොයා බලන්නත් සිරී අමතක කරන්නේ නැහැ. එහෙම අසනීප වූ බලංගොඩ සරත් මධුව බලන්න ගිහින් එන අතරතුරදියි සිරී මේ අනතුරට මුහුණපෑවේ. සති කිහිපයක් කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් සිරි මේ දිනවල සිය නිවසේ විවේකයෙන් පසු වෙනවාලු. වසරකට තුන්දහකට අධික පිරිසකට සිරී උපන් දිනයට සුබ පතනවා. අවාසනාවට එයින් තුන් හාරසීයකට තමයි මතක් වෙලා තියෙන්නේ සිරීගේ දුක සැප අහන්න. ඒ අතරේ තවත් නියම වැඩ වෙලා තියෙනවා. ඒ තමයි නැවත නැවත කතා තුනක් සිරීට කියන්න වෙච්ච එක. සිරී අනතුරකට මුහුණපෑවේ සරත් මධු බලන්න ගහින්නෙ. සිරී තමන්ට වෙච්ච කරදරය කියන්න පටන් ගත්තම සරත් මධු ගැනත් කියනවනෙ.

ඇයි සරත්ට මොකද වෙලා තියෙන්නේ?

සුවදුක් විමසන අය පළමුව එහෙම අහනවලු. ඊට පස්සේ සිරීව අනතුරට ලක් කළ කාර් එක පදවපු තැනැත්තාට මොකද කළේ කියලා අහනවලු. අනතුරුව සිරී ගැන අහනවලු. මේ කතා තුන කියලා කියලාම කටත් රිදුණ බව සිරී අපට කිව්වේ සිනාසිසී. කොහොම හරි තමන්ව බලන්න ආව අයට සහ උදව් පදව් කළ සියලු දෙනාට සිරී බෙහෙවින් තුති පුදනවා. ඒ වගේම තමන්ව බලන්න එනවා නම් හිස් අතින් එන්න කියලත් දන්වනවා.