වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




70 වැනි ඉන්දීය නිදහස සමරා India@70 ශ්‍රී ලංකාවේදී

70 වැනි ඉන්දීය නිදහස සමරා [email protected]70 ශ්‍රී ලංකාවේදී

ඉන්දියාව නිදහස ලබා වසර 70ක් ලැබීම සැමරීම නිමිත්තෙන් [email protected]70 නමින් විශේෂ උත්සවයක් පැවැත්වීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කටයුතු යොදා ඇත. ලබන අගෝස්තු 15 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 6.45ට ආරම්භ කෙරෙන මෙම උත්සවයේදී පැරණි ඉන්දීය සංගීතය රසවිඳීන්නට අවස්ථාව සැලසේ.

ලොව ප්‍රකට සංගීත ශිල්පියකු වන පණ්ඩිත් බික්රාම් ගෝෂ් ප්‍රමුඛ පිරිසක් මෙම උත්සවය සංගීතවත් කරන්නට එක් වේ. නවදිල්ලයේ, සංස්කෘතික සබඳතා වෙනුවෙන් වූ ඉන්දීය කවුන්සිලය, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ඉන්දීය ශ්‍රි ලංකා පදනම සහ ටාජ් සමුද්‍රා හෝටලය එක්ව මෙය සංවිධානය කරනු ලබයි. සියලු දෙනා වෙනුවෙන් විවෘත මේ වෙනුවෙන් අගෝස්තු 07 වැනිදා සිට ආරාධනා පත්‍ර ඉන්දීය සංස්කෘතික ආයතනයෙන් නිකුත් කෙරේ. 011- 2684698 දුරකතන අංකයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.