වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




නළුවන්ට ඔස්කාර් සාපයක්ද?

සැබෑ මවගේ ගුණය කොතනත් එකයි

ලෝකයේ බොහෝ නළු නිළියන්ගේ චරිතාංග රංගනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී තම ජීවිත අත්දැකීම් බොහෝ අවස්ථාවල තම රංග කාර්ය පිණිස යොදාගෙන ඇති බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. දිල්හානිගේ රංග කාර්යය තුළදී ද නොයෙක් විට මෙවන් අවස්ථා හමු විය හැකිය. ඇය ඉතාම කෙළිලොල් දඟකාර යුවතියකව සිටියදී මෙරට වාණිජ සිනමාව තුළ දඟකාර පෙම්වතියගේ චරිතය මොනවට නිරූපණය කළාය. ඈ විවාහ පත්ව දරුවෙකු ලබා බිරිඳක්, මවක් වූ පසු රිදී තිරයේ බිරිඳ, මව චරිත නිරූපණයට අවැසි අමුද්‍රව්‍ය ද ඒ ඇසුරෙන් ලබන්නට ඇත. අපේ ජීවිත විවිධ කාල වකවානුවලදී විවිධාකාරයෙන් වෙනස් වෙනවා. බොහෝ වෙලාවට කාලයෙන් කාලයට අපි රුචි කරන දේවල් ද වෙනස් වෙනවා. ස්වභා දහමට අනුව කාලයත් සමඟ වියපත් වනවිටත් මේ වෙනස්කම් ඇති වෙනවා. මේ වෙනස අවබෝධකර ගෙන ජීවත්වෙන එක හිතන තරම් පහසු නෑ. බුදු දහමට අනුව අපි කාටත් තවමත් තිබෙන්නේ ක්ෂණිකව වෙනස් වන සිතුවිලි සමුදායක්. මේ මොහොතේ ඇතිවන සිතුවිල්ලට හාත්පසින් වෙනස් සිතුවිල්ලක් තව මොහොතකින් ඇති වෙන්න පුළුවන්.   

....සම්පූර්ණයෙන් කියවන්න
 

අක්ෂේ කුමාර් වැසිකිළියක පේ‍්‍රම කතාවක

ඉන්දියානු චිත්‍රපට ගැන බොහෝ සුන්දර කතා මීට පෙර මෙම පිටුවේ පළ වුණා. අද මේ කතාව නම් එතරම් සුන්දර එකක් නොවන බව ඇරඹුමේදීම කිව යුතු කරුණක්. මෙම කතාවට පදනම වී ඇත්තේ, ඉන්දියානු වැසියන් අතර අදටත් පවතින එක්තරා අශෝබන සිරිතකි. බීබීසි වෙබ් අඩවිය පවසන පරිදි 2014 වසරවන විටත් ඉන්දීය ජනගහනයෙන් කෝටි 50ක් ජනයා තම ශරීරකෘත්‍ය සිදු කරන්නේ, කාණුවල, පදුරු පිටුපස, ගංගා ඇළ දොළ සහ වෙනත් එළිමහන් ස්ථානවල බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත. තවද යහපත් සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති මෙම පුරුද්ද තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට 2014 වසරේ ඉන්දීය මහ මැතිවරණයට තරග කළ ප්‍රධාන පක්ෂ දෙකම තම මැතිවරණ පොරොන්දු පවා දී තිබුණි. එවකට භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි සිය මැතිවරණ ව්‍යාපාරයේදී මෙම වැඩපිළිවෙළ "Toilets first, temples later" යනුවෙන් ප්‍රචාරය කළ අතර වර්තමානයේ 'ස්වච් භාරත් අභියාන්' නම් වැඩසටහන යටතේ මෙම අරමුණ ක්‍රියාවට නැංවේ. 

....සම්පූර්ණයෙන් කියවන්න
 

මහනුවර මැද ඇළ ගලා රෝහිත් මාන්නගේට කරදරයක්

දශක හතරක් පුරා කලා ක්ෂේත්‍රයේ සිනමාවත්, ටෙලි නාට්‍යයත් තුළ අපූරු රංගන ශිල්පියකු වන රෝහිත් මාන්නගේ මෙරට සිනමාලෝලීන් සහ ප්‍රේක්ෂකයන් අතරට වඩාත් සමීප වන්නේ සටන් ජවනිකා නළුවකු ලෙසය. ක්ෂේත්‍රය තුළ දශක හතරක් ගෙවා දැමුව ද රෝහිත්ගේ ජීවිතයේ එදා තිබූ සලරකම අද ද ඔහු තුළින් දක්නට ලැබේ. සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් දායක වූ බොහෝ චිත්‍රපටවල සිට මෑත යුගයේ චිත්‍රපට දක්වා සිනමා කෘති රැසකට දායක වූ ඔහු පසුගිය දිනවල සිනමාවේ හෝ රූපවාහිනියේ එතරම් දක්නට නොලැබිණි. මේ නිසා රෝහිත් පිළිබඳව අපට හදිසියේම අසන්නට ලැබුණේ ඔහු මුහුණ දුන් හදිසි ආපදාවක් පිළිබඳවය. මහනුවර නගරය මධ්‍යයෙන් ගලා යන මැද ඇළ උතුර යාමෙන් විනාශ වූ දෙසීයකට අධික නිවාස අතර රෝහිත් මාන්නගේ ගේ නිවසට ද දැඩි අලාභ හානි සිදුව විනාශ වී තිබිණි. මහනුවර ජල ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා හීරැස්ගල ප්‍රදේශයේ මැද ඇළ හරස් කැර පාලමක් ඉදි කිරීම සඳහා සිදු කළ සංවර්ධන කටයුත්තක් නිසා මෙලෙස මැද ඇල පිටාර ගැලීය.     

....සම්පූර්ණයෙන් කියවන්න