වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




නළුවන්ට ඔස්කාර් සාපයක්ද?

ළඟදීම අධ්‍යක්ෂණයට පිවිසෙනවා නමුත් එහි මං රඟපාන්නේ නැහැ

කලා පවුලකින් කලාවට දායාද වූවෙක්. නමුත් තමන්ගේම උත්සාහයෙන් කලා ලොව දිනූ තරුණ නළුවෙක් විදියට ප්‍රකට ධනංජය සිරිවර්ධන මේ දිනවල තිරගත කෙරෙන අලි කතාව චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයකින් සිනමාවටත් පිවිස සිටිනවා. ඒ මුල් කරගෙනයි අපි දැන් ධනංජය හමු වන්නේ. * ඔබත් දැන් සිංහල සිනමාවට තවත් රජෙක් මැවූ නළුවෙක්. ඔබ කලක් තිස්සේ ඔබ කල්මැරුවේ මේ විදියේ රජදැක්මකින් සිනමාවටත් පිවිසෙන්නද? එහෙමම කියන්න බැහැ. ඒත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙනවා නම් ඒ චරිතය මට විශේෂ වෙන්න ඕනය කියලා හැඟීමක් නම් තිබුණේ නැහැ. සිනමාව මා සොයා එනතරු මා ඉවසා මඟබලන් සිටියා. මං රංගනයට පිවිසි කාලේ උස් පහත් වෙමින් තිබුණු සමහර රැලිවලට අවනත නළුවෙක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. එහෙම ඉඳිද්දියි මට අලි කතාවක් වෙච්ච අලි කතාව චිත්‍රපටයේ රජ්ජුරුවන්ගේ චරිතයට ආරාධනාවක් ලැබුණේ. ඒ වනවිටත් මං ටෙලි නාට්‍ය 150 කට වඩා ප්‍රමාණයකට රංගනයට දායක වී සිටියා. ඉතින් මා සිනමාවෙන් ලැබිච්ච ඒ ආරාධනාව සතුටින් බාර ගත්තා. ඒ චිත්‍රපටයට සම්බන්ධ වී සිටිය සිනමාවේ සද්දන්තයන් . . .

....සම්පූර්ණයෙන් කියවන්න
 

එතකොටයි හොට් සීට් එක හොට් වුණේ

මෝක්ෂ මධුසංක යනු අපේ කාලයේ දක්ෂයෙකි. ක්‍රමයෙන් දැනුම ගිලිහී යන සමාජයක මෝක්ෂ වැන්නවුන් සිටීම ද එක්තරා අතකින් සතුටු විය හැකි කාරණයක් වන්නේය. සිරස ලක්ෂපති ඉතිහාසයට නවමු පරිච්ඡේදයක් එක් කරමින් ඔහු ලක්ෂ විස්සේ අති විශාල ත්‍යාගය දිනා ගන්නා ලදී. එහෙයින් මෝක්ෂ එක රැයකින් රටක් හඳුනන චරිතයක් වූවේය. ඒ ජනාදරය සහ ජනතාවගේ ආශීර්වාදය විඳිමින් සිටින මොහොතක ඔහුගේ අත්දැකීම් ඔබ හා බෙදා ගතහොත් එය ඔබට ද වැදගත් වේවි යැයි අපි සිතුවෙමු. * මෝක්ෂ, මේ දිනවල ගතකරන ජීවිතය කෙබඳුුද? මං ඇහැව්වේ ලක්ෂ විස්ස දින්නාට පසුව ඔබේ ජීවිතය වෙනස් වුණාද කියන කාරණය? කිසිසේත්ම නැහැ. එදා ගෙව්ව ජීවිතයමයි මං අදත් ගෙවන්නේ. සුපුරුදු පරිදි බැංකුවේ රාජකාරිවල නියැලෙනවා. පවුලේ අයත් එක්ක ජීවිතය ගෙවනවා, ඔන්න ඔහොමයි. දශමයකින්වත් ජීවිතය වෙනස් වෙලා නැහැ.එහෙත් ඔබ දැන් ජනප්‍රිය චරිතයක් නේද? ඔව්. නොසිතූ විරූ අන්දමින් ජනපි‍්‍රයත්වය මා සොයා ආවා. වෙනදාවගේ නෙවෙයි. ගෙදරින් එළියට බැස්සාම දාහකුත් දෙනා මගෙන් එක්ක කතා කරනවා.

....සම්පූර්ණයෙන් කියවන්න
 

සීසර්ගේ සටන සීසර් සමඟ

ලෝ පතල ස්වභාව විද්‍යාඥ චාල්ස්‌ ඩාවින් තම පරිණාමවාදි මතයෙන් ඉදිරිපත් කළේ දෙපයින් ඇවිදින ලද වානර විශේෂයකින් මිනිසා පරිණාමය වී ඇති බවයි. කැලයේ ගස් උඩ වාසය කළ වානරයා දෙපයින් සිටගනිමින් මිනිසෙකු බවට පරිණාමය වීම ආරම්භ වී ඇත්තේ මීට වසර මිලියන ගණනකටත් ඉහතදීය. එහෙත් ඒ වානරයාම අද මිනිසුන්ට එරෙහිව පැමිණ ඇත. සත්වෝද්‍යානයක වෙසෙන සීසර් නම් වූ වානරයා මිනිසා හා සමාන වූ බුද්ධියකින් යුතු වූවෙකි. තම බුද්ධිය මෙහෙයවමින් සීසර් වෑයම් කරන්නේ සත්වෝද්‍යානයේ සිටින තම වර්ගයා සමගින් නිදහස්ව වනාන්තරයට පලා යාමටයි. එම උත්සාහය සාර්ථක වූ පසු සීසර් හා අනෙකුත් වානර පිරිස මුයිර් නම් වනාන්තරයට පලා යති. මෙම සිදුවීම සිදුව දස වසරක් ගත වන තැන මානව වර්ගයාද මාරාන්තික වූ වෛරසයකට ගොදුරු වී අවසන්ය. සත්වෝද්‍යානයෙන් පලා ගිය වානරයන් සීසර්ගේ නායකත්වය යටතේ මුයිර් වනාන්තරයේ කාලය ගත කරන අතර සීසර්ගේ පුතු වූ බ්ලූ සහ රොකට් නම් වු වානරයාගේ පුතු ඇෂ්හට මිනිසෙකු මුණගැසෙයි. බ්ලූ සහ ඈෂ් මිනිසා දැක කලබලයට පත් වන අතර ඔහු තබන වෙඩිල්ලකින් ඇෂ් තුවාල ලබයි.

 

....සම්පූර්ණයෙන් කියවන්න