වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවන ගිරි දුර්ගය දිරියෙන් තරණය කළ ඔහු නික්ම ගියේය

ජීවන ගිරි දුර්ගය දිරියෙන් තරණය කළ ඔහු නික්ම ගියේය

ප්‍රේමරංජිත් තිලකරත්න (1937 - 2017)

“අවුරුදු 80 ක මගේ ජීවිතයේ මඟහැරී ගිය දෙයක් මට පෙන්වා දුන්නාට නුවන්ට ස්තූතියි. මං එය අද හෙටම කරන්නම්” තිලකරත්නයෝ අවසන්වරට කීහ. ඔහු මිය ගියේ මේ සිදුවීමෙන් මසකට පමණ පසුවය. ගෙවී ගිය කාලයේ මා කී ලෙස ඔහු බුදු දහමට සමීපව වාසය කළ බවත් මියයෑමට දින දෙකකට ඉහත නිවසෙහි සංඝගත දක්ෂිණාවක් පවත්වා සංඝයා වහන්සේලාට පිරිකර පූජා කළ බවත් ඔහුගේ නැඟණියක මට හෙළි කළාය. තිලකරත්නයන්ගේ වියෝව මා සිත් තුළ ජනිත කළ ශෝකය තුනී කිරීමට යථෝක්ත සිදුවීම ඉවහල් විය. ප්‍රේමරංජිත් තිලකරත්න යනු කවුරුන්ද? මාගේ පරපුරේ බොහෝදෙනා ඔහු නොහඳුනති. කලාවේ නිරත වී සිටින අලුත් පරපුරේ බොහොමයකට පෙර පරපුර ගැන දැන ගැනීමේ ඵලක් නැති සේය. එහෙත් ලූලා නැති කලට බහුල මේ ඊනියා පණ්ඩිත කණයන්ගෙන් මිදුණු, පෙර පරපුර හොඳින් කියවා අලුත් නිර්මාණ දායාද කළ හැකි අල්පයක් හෝ නව පරපුරේ තවමත් සිටිති. ප්‍රේමරංජිත් ගැන මේ ලියා තබන්නේ ඔවුන් වෙනුවෙනි.

මඳ කලක් රෝගාතුරව මඤ්ච පරායණව සිටි කෘතහස්ත නාට්‍යවේදී ප්‍රේමරංජිත් තිලකරත්නයන් කීර්තිශේෂභාවෝපගත වූ බැව් පසුගිය මැයි 11 වැනිදා පස්වරුවේ මවෙත දැනුම් දුන්නී ඔහුගේ එක් නැඟණියකි. ප්‍රේමරංජිත් මහතාගේ ජීවිතයේ අවසන් භාගයේ ඔහු ඇසුරු කළ සමීපතම මිතුරා මා විය හැකිය. මා අයත් වූයේ ඔහු අයත් පරපුරට වඩා පරම්පරා පහකට පසු පරම්පරාවට වුවත් එකී පාරම්පරික සීමා මායිම්වලින් ඔබ්බට දිවෙන සංලාප, සංකතිකා, සම්භාෂණ, තර්ක, විතර්ක, විසංවාද අන්‍යෝන්‍ය ගරුත්වයෙන් හා සුහදතාවෙන් අප අතර පැන නැඟිණ. අවසානයේදී එය සමකාලීන මිතුදමක් හා සදිසි විය. පසුගිය පෙබරවාරි 13 වැනිදා එතුමෝ දුරකථනයෙන් මා අමතා මෙසේ කීහ. “නුවන් මං මගේ ජීවිත කතාව පොතකට ලිව්වා. පොතේ නම ‘දුර්ගය’. මෙය මගේ ජීවිතයේ අතිශය පෞද්ගලික තොරතුරු පවා නොසඟවා හෙළි කළ ස්වයංලිඛිත අපදානයක්. ධ්බ ඪඵ ධ්දඤඥඥඤ චද ඒභබධඡඪධඨපචනඩඪජචත ව්ධමඥත. මේ පොත දොරට වැඩීමේ උලෙළ මං අප්‍රේල් 7 වැනිදාට යොදා ගත්තා. ශ්‍රී ලංකා පදනම් ආයතනය මං ඒ සඳහා වෙන් කළා. දෙසුම්වලට මගේ සමකාලීන මිතුරන් වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට, කරුණාරත්න අමරසිංහට හා ලූෂන් බුලත්සිංහලට මා ආරාධනා කළා. තරුණ පරපුර වෙනුවෙන් ඔයා මේ පොත ගැන දේශනයක් කරන්න ඕනෑ. මං මුලින් දොරට වැඩුමක් කරන්න හිතුවේ නැහැ. නමුත් පොත කියවපු සමහරු වැරැදි කොනින් අල්ලගෙන ලියපු, කියපු බහුබූත දිහා බැලුවම මේ ගැන ශාස්ත්‍රීය කියවීමක් අවශ්‍ය බව මට හිතුණා.”

“ඔබතුමා මට කළ මේ ආරාධනය මගේ පරම්පරාවට කළ ගෞරවයක් ලෙසයි මම සලකන්නේ. මං ඉත සිතින් එය පිළිගන්නම්” මම කීවෙමි. ‘දුර්ගය’ ග්‍රන්ථයෙහි ප්‍රකාශක ප්‍රේම් දිසානායක මහතා මට එහි පිටපතක් තිළිණ කළේය. මම ඉමහත් වූ අභිරුචියෙන් ‘දුර්ගය’ කියවා නිම කළෙමි. මෙය එක් අතකින් ජීවන දුර්ගය දිරියෙන් තරණය කළ පරිණත මිනිසකුගේ, කලාකරුවකුගේ අපදානයකි. අනෙක් අතට මෙරට වේදිකා නාට්‍ය කලාවෙහි, සාහිත්‍ය කලාවෙහි ස්වර්ණමය අවධියක ඓතිහාසික වෘත්තාන්තයකි. ‘දුර්ගය’මා ඉමහත් අභිරුචියෙන් කියැවූයේ ප්‍රේමරංජිත් මහතා එහිදී ස්වකීය විවාහ ජීවිතයේ කටුක අත්දැකීම් හෝ සහෘදයාට එතරම් වැදගත්කමක් නැති ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ලිංගික සබඳතා නොසඟවා හෙළි කොට ඇති නිසා නොවේ. අගක් මුලක් නොපෙනෙන භයානක සංසාරයේ සැරිසරමින් අපි සැම වැලඳ ගන්නා මේ පුහුදුන් ජීවිතයේ අනිච්ච, දුක්ඛ, අනාථ, ක්ෂණභංගුර ස්වභාවය විදාරණය කරමින් එහි ශුන්‍යත්වය, හිස්කම ඔස්සේ සහෘද ඥාන පරිමණ්ඩලය මෙමඟින් වඩවන බැවිනි. මේ ග්‍රන්ථය කියවීමෙහි ව්‍යාවෘතව සිටි සමයේ මට දැන ගැනීමට ලැබුණේ තිලකරත්නයන් අසාධ්‍ය ලෙස රෝගාතුර වී කොළඹ ජාතික රෝහලේ 60 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවය. මම වහාම තිලකරත්නයන්ගේ සුව දුක් බැලීමට පසුගිය පෙබරවාරි 28 වැනිදා ජාතික රෝහලට ගියෙමි. “බලන්නකෝ නුවන්, මට වෙච්ච දේ. එලොව ගිහින් මෙලොව ආවේ” යැයි කී ඔහු ඉක්බිතිව මගෙන් විමසුවේ හද රිදවන පැනයකි.

“නුවන්, අපට එකතු වෙලා අප්‍රේල් 7 වැනිදා පොතේ උත්සවය පවත්වාගන්න පුළුවන් වේවිද? මගේ ජීවිතයේ අවුරුදු 80 ක අස්වැන්න තමයි ‘දුර්ගය’ පොත”. තිලකරත්නයන්ගේ රෝගී තත්ත්වය අනුව අදාළ දිනයේ පොත පිළිබඳ සම්මන්ත්‍රණය පැවැත්විය නොහැකි බැව් මට හැඟුණි.

“ඔබතුමා ඉක්මනින්ම සුවපත් වෙන්න. ඊට පස්සේ අපි හොඳට ඒ වැඩේ කරමු” යැයි මා පැවසූ කල්හී ඒ අසල හුන් ලූෂන් බුලත්සිංහලයෝ ද එය අනුමත කළහ. කාලය කෙමෙන් ගෙවී යද්දී අප්‍රේල් 7 වැනිදා යටගිය දිනයක් බවට පත් විය. තිලකරත්නයන් රෝහලෙන් නිවස වෙත රැගෙන ගොස් සිටිය ද ඔහුගේ රෝගී තත්ත්වය සුව වන ලකුණු දිස් නොවුණි. පසුගිය සිංහල අවුරුද්දට මඳ දිනකට ප්‍රථම දුරකථනයෙන් මම ඔහු ඇමතීමි. එදින ‘දුර්ගය’ ග්‍රන්ථය පිළිබඳ මගේ අපක්ෂපාතී, ස්වාධීන කියැවීම තිලකරත්නයන් හමුවේ මම විවරණය කළෙමි. මා එසේ කළේ එය ඔහුට හෙළි කිරීමේ අවස්ථාවක් යළි එළඹෙන්නේ නැතැයි මගේ උපවිඥානය මට හඬ ගා කී බැවිනි. බර්ට්‍රන්ඩ් රසල්ගේ “ඊඩඥ ඒභබධඡඪධඨපචනඩර ධට ඕඥපබපචදඤ අභඵඵභතත” (1950) හා කමලදාස්ගේ “ර්ර ඉබධපර”(1973) යන ස්වයංලිඛිත අපදාන කියැවීමෙන් පසු මා කියැවූ විවාදාසම්පන්න, නිර්භයව තමාගේ පෞද්ගලික ජීවිතය නොසඟවා හෙළි කොට ඇති අපදානය මේ යැයි මම ඔහුට කීවෙමි. ඉන් ඉහත මා කියැවූ සිංහලෙන් ලියැවුණු මීට මඳක් සාම්‍යය ස්වයංලිඛිත අපදානයක් තිබුණේ නම් ඒ මීමන ප්‍රේමතිලකයන්ගේ “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය” පමණකැයි ද මම පැවසීමි.

තිලකරත්නයන් සමඟ මා අවසන්වරට දුරකථනයෙන් කතාබහ කළ දිනය මට කිසිදා අමතක කළ නොහැකිය. ඔහු එදින ඉතාමත්ම ශෝකයට පත්ව දැඩි කලකිරීමකින් කතා කළේය.

“නුවන් මට ඇඳටම වෙලා ඉන්න වුණානේ. මට දැඩි තනිකමක් දැනෙනවා. අනේ මගේ තාත්තාවත් ළඟ සිටියා නම්. මගේ ජීවිතය හැඩගස්සා ගන්න කලාවට යොමු වෙන්න මේ සෑම දෙයකටම බලපෑවේ මගේ තාත්තා තමයි” “ඔබතුමාගේ පියා බුදු දහමට ළැදි කෙනෙක් නේද?” මම ඇසුවෙමි.

“අපොයි ඔව්. මට තමයි ඒ පුරුද්ද ඇති කරගන්න බැරි වුණේ” ඔහු කී කල

“ඒ නිසා තමයි අද ඔබතුමාට තනිකමක්, කලකිරීමක් සිතට දැනෙන්නේ. ඔබතුමා තවමත් ප්‍රමාද නැහැ, අසනීපයෙන් ඇඳට වෙලා සිටියත් ඔබතුමාට පොත් කියවන්න පුළුවන් නිසා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික පුතාට කියලා ගෙන්වා ගෙන කියවන්න. ඔබතුමාගේ සිතට ලොකු සැනසිල්ලක් දැනේවි” මම පැවසීමි.

“අවුරුදු 80 ක මගේ ජීවිතයේ මඟහැරී ගිය දෙයක් මට පෙන්වා දුන්නාට නුවන්ට ස්තූතියි. මං එය අද හෙටම කරන්නම්” තිලකරත්නයෝ අවසන්වරට කීහ. ඔහු මිය ගියේ මේ සිදුවීමෙන් මසකට පමණ පසුවය. ගෙවී ගිය කාලයේ මා කී ලෙස ඔහු බුදු දහමට සමීපව වාසය කළ බවත් මියයෑමට දින දෙකකට ඉහත නිවසෙහි සංඝගත දක්ෂිණාවක් පවත්වා සංඝයා වහන්සේලාට පිරිකර පූජා කළ බවත් ඔහුගේ නැඟණියක මට හෙළි කළාය. තිලකරත්නයන්ගේ වියෝව මා සිත් තුළ ජනිත කළ ශෝකය තුනී කිරීමට යථෝක්ත සිදුවීම ඉවහල් විය. ප්‍රේමරංජිත් තිලකරත්න යනු කවුරුන්ද? මාගේ පරපුරේ බොහෝදෙනා ඔහු නොහඳුනති. කලාවේ නිරත වී සිටින අලුත් පරපුරේ බොහොමයකට පෙර පරපුර ගැන දැන ගැනීමේ ඵලක් නැති සේය. එහෙත් ලූලා නැති කලට බහුල මේ ඊනියා පණ්ඩිත කණයන්ගෙන් මිදුණු, පෙර පරපුර හොඳින් කියවා අලුත් නිර්මාණ දායාද කළ හැකි අල්පයක් හෝ නව පරපුරේ තවමත් සිටිති. ප්‍රේමරංජිත් ගැන මේ ලියා තබන්නේ ඔවුන් වෙනුවෙනි.

1937 නොවැම්බර් 2 වැනිදා සමනල අඩවිය පාමුල රත්නපුරේදී ඔහු ජන්මලාභය ලැබුවේය. හොරණ ශ්‍රීපාලියෙන් හා පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ප්‍රේමරංජිත්ගේ රසඥතාව වර්ධනය වූයේ හොරණ ශ්‍රීපාලියේ කලාකාමී පරිසරයෙනි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී ලැබූ ඉංග්‍රීසි මාධ්‍යයීය අධ්‍යාපනය හේතු කොට ඔහුගේ සිත විශ්ව සාහිත්‍යය වෙතට නැඹුරු විය. එහි විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේදී තිස්ස අබේසේකර නම් වූ (පසුකලෙක කෘතහස්ත සිනමාවේදී) කලාකාමී සුමිතුරා හඳුනා ගැනීමට ලැබිණ. යම් යම් මතවාදී වෙනස්කම් පැවතියත් දෙදෙනාම සිනමාවට හා සාහිත්‍යයට ඉතා රුචි කළහ. තිස්ස එකල ‘සන්දේශය’ චිත්‍රපටය අරභයා විවාදාසම්පන්න විචාර ලිපියක් ලිවීමෙන් පසුව පළමුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් හමුවීමට ගියේ ද තම මිතුරු ප්‍රේමරංජිත් සමඟිනි. ඒ ගමනෙන් පසු තිස්ස සිනමාවටමැ කැප වූ අතර ඊට ඇලුම් කළත් ප්‍රේමරංජිත් රජයේ ලිපිකරු වෘත්තියට මඳ කලක් සිරගත විය.

මේ අතර ඔහුගේ තවත් පන්ති සගයකු වූ වික්‍රම බෝගොඩ කැටුව යාමෙන් සුගතපාල ද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයෙහි පෙරහුරුවක් නැරඹීමේ අවස්්ථාව ප්‍රේමරංජිත් හට ලැබිණ. “තමාද තාත්වික නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළ යුතුය” යන සිතුවිල්ල ඔහු සිත් තුළ පිළිසිඳ ගත්තේ එදිනය. ඒ අනුව ඔහු ටෙනිසි විලියම්ස්, හෙන්රික් ඉබ්සන්, ඕගස්ට් ස්ට්‍රීන්බර්ග් වැනි ලෝ ප්‍රකට නාට්‍යවේදීන්ගේ නාට්‍ය පිටපත් හා නාට්‍යකරණය අරභයා ලියූ පොතපත හැදෑරීම ඇරඹුවේය.

එවකට මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ නාට්‍ය කණ්ඩායම් දක්නට ලැබිණ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘ජනරංග සභා’, ගුණසේන ගලප්පත්තිගේ ‘නව රංග සභා’, සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’, ජී. ඩී. එල්. පෙරේරාගේ ‘කලාපෙළ’, සුමන ආලෝක බණ්ඩාර, එස්. කරුණාරත්න හා සයිමන් නවගත්තේගම අයත් වූ ‘එස් තුනේ’ කණ්ඩායම යනාදිය මීට දෘෂ්ටාන්ත වේ. ප්‍රේමරංජිත් තම කාර්යාලයීය සගයන් වූ එල්. බී. ඩබ්ලිව්. සෙනෙවිරත්න, පැට්‍රික් සමරදිවාකර, බාහිර මිත්‍රයන් වූ ඩන්ස්ටන් ජයසිරි වැන්නන් එක් කොට ගෙන “63 කණ්ඩායම” පිහිටුවා ගත්හ. තිස්ස අබේසේකර හා ධර්මසිරි වික්‍රමරත්න ද පසුපස සිට මීට සෑම සහයක්ම ලබා දුන්හ. ප්‍රේමරංජිත්ගේ ප්‍රථම නාට්‍ය නිර්මාණය වූ ‘වගුරුබිම’ 1963 දී එළි දුටු බැවින් මෙය 63 කණ්ඩායම ලෙස නම් කෙරිණ. රාගයෙන් වියරු වැටුණු මිනිසා සහ ගැහැනිය අතර පවත්නා සනාතන අරගලය මීට තේමා වූ අතර එහිලා ඔහු ආභාසය ලැබුවේ අකිර කුරොසවගේ “අඒඉඩ්ර්‍ණර්ර්‍ණව්” චිත්‍රපටයෙන්, මාර්ටින් රීට්ගේ “ර්‍ණභබපචඨඥ” චිත්‍රපටයෙන් හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයෙනි. ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ සමඟ රඟමින් වගුරුබිමෙන් දොරට වැඩි නවක නිළිය වූයේ ස්වර්ණා ලලිතා පෙරේරාය. ඇය අන් කවරකුවත් නොව පසුකලක සරච්චන්ද්‍රයන්ගේ බිරිය බවට පත් වූ ලලිතා සරච්චන්ද්‍රය. එවකට සිටි ප්‍රබුද්ධ විචාරකයන්ගෙන් හා වියත් ප්‍රේක්ෂකයන්ගෙන් ‘වගුරුබිම’ නමැති තාත්වික නාට්‍යයට ඇගැයුම් ලැබිණ. ඉන් දිරිය ලැබූ ප්‍රේමරංජිත්, සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයෙහි ආභාසය ලබා ඉක්බිතිව ‘වහලක් නැති ගෙයක්’ (1964) නාට්‍යය නිර්මාණය කළේය. ‘මනමේ’, ‘සිංහබාහු’ යන ශෛලිගත සම්ප්‍රදායේ විශිෂ්ට නාට්‍ය ද්වයට පාදක වූ අනුභූතිය සමකාලීන සමාජයට හා තාත්වික නාට්‍ය සම්ප්‍රදායට ගෙන ඒමට ‘වගුරුබිම’ හා ‘වහලක් නැති ගෙයක්’ ඔස්සේ ප්‍රේමරංජිත් සිදු කළ අත්හදා බැලීම් සාර්ථක විය. හොඳම පිටපත (ප්‍රේමරංජිත්) හොඳම නළුවා (නවනන්දන විජේසිංහ), හොඳම නිළිය (චන්ද්‍රා කළුආරච්චි) යන සම්මාන ත්‍රිත්වය එවකට රාජ්‍ය නාට්‍ය උලෙළේදී ‘වහලක් නැති ගෙයක්’ නාට්‍යයට හිමි වූ අතර එය දිවයින පුරා දර්ශන වාර බොහෝ ගණනක් වේදිකාගත කෙරිණ. ප්‍රබුද්ධ විචාරකයෝ මෙහි දිස් වූ විශ්ව සාධාරණ, සර්වකාලීන පිය - පුතු අරගලය නොඑසේ නම් සිංහබාහු ප්‍රවාදයේ නූතන ප්‍රතිනිර්මාණයට වශීකෘත වූහ. 1983 දී මෙය ටෙලි නාට්‍යයක් ලෙස රූපවාහිනියේ විකාශය කෙරිණ. විචාරකයෝ කෙතරම් අගය කළ ද, සම්මාන ලැබුව ද, ‘වගුරුබිම’ , ‘වහලක් නැති ගෙයක්’ බඳු මානසික ගැටුම් පිළිබිඹු කෙරෙන සංවාද නාට්‍ය පොදු ප්‍රේක්ෂකයන් අතරෙහි එතරම් ප්‍රකට නොවුණි. නැටුම්, ගැයුම්, සටන් සහිත වට්ටෝරුව වේදිකාවේ දැකීමට රුචි කළ ප්‍රේක්ෂකයන් මෙකල මෙන්ම එකල ද සුලබ වූහ. බහුජන ප්‍රේක්ෂකයාගේ මනදොළ පිනවීමේ ඊප්සිතාර්ථයෙන් ප්‍රේමරංජිත් ඉක්බිතිව මතභේදාත්මක බ්‍රිතාන්‍ය ප්‍රහසනයක් වෙත නැඹුරු විය. මේ වූ කලී එංගලන්තයෙහි ද තහනමට ලක් වූ නාට්‍යයකි. ජෝ ඕර්ටන්ගේ ‘ඡ්දබඥපබචඪදඪදඨ ර්ප ඉඩධචදඥ’ නම් වූ මේ ප්‍රහසනය 1966 දී ‘තොත්ත බබා’ නමින් ඔහු සිංහල වේදිකාවට ගෙන ආවේය. විජේරත්න වරකාගොඩ, ෆ්‍රෙඩී සිල්වා, නවනන්දන විජේසිංහ, චම්පා ලියනගේ මෙහි රඟපෑහ. සමලිංගික තේමාවක් මෙරට වේදිකා නාට්‍යයකට පාදක වූ පළමු අවස්්ථාව ලෙස මෙය ඉමහත් ආන්දෝලනයට ලක් වූවා මතු නොව එවකට වාරණ මණ්ඩලයේ සභාපති වූ එම්. ජේ. පෙරේරා මහතාගේ දෝෂ දර්ශනයට ලක්වීමෙන් තහනම් කෙරිණ. පසුව එවකට අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිවරයා වූ සාහිත්‍ය ළැදි අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා රහසෙන් ‘තොත්ත බබා’ නරඹා සිනාසී තහනම ඉවත් කොට දැමුවේය. පේ‍්‍රක්ෂක ඉල්ලුම ඉහළ නැඟුණත් දසතින් එල්ල වූ ගල් මුල් හා නළු නිළි භේද කිරීම් නිසා ‘තොත්ත බබා’ දර්ශන වාර 20 කට සීමා විය.

පේ‍්‍රමරංජිත් අළු ගසා දමා නැඟිට සම්භාව්‍ය ස්වීඩන් නාට්‍යවේදී ඕගස්ට් ස්ට්‍රීන්බර්ග් දෙසට හැරිණ. ඔහුගේ ‘ජ්චබඩඥප’ නම් වූ සම්භාව්‍ය ශෝකාන්තය ඇසුරින් ‘අම්මයි අප්පයි’ (1966) නිර්මාණය කළේය. මෙහි ප්‍රමුඛ චරිතය රඟපෑ ෆීලික්ස් ප්‍රේමවර්ධනයන් හොඳම නළුවා ලෙස රාජ්‍ය නාට්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. බිතෝවන්ගේ හා චයිකොවිස්කිගේ සංධ්වනිවල (ඉරථනඩධදර) නාද රටා ප්‍රේමරංජිත් මෙහි පසුබිම් සංගීතය ලෙස භාවිත කළේය. “ඇයි සිංහල නාට්‍යයකට බටහිර සංගීතය යොදා ගත්තේ” කියා ඇතැම්හු ප්‍රශ්න නැඟූහ. වේදිකා අලංකරණයෙන් මෙය උසස් නිෂ්පාදනයක් වුවත් “අම්මයි අප්පයි” ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර නොවුණේ එහි ගැඹුර ඔවුනට ගෝචර නොවූ බැවිනැයි මම සිතමි. “තොත්ත බබා” නම් වූ නිසරු ලිංගික ප්‍රහසනයක් නිපදවා වරක් පාර වරද්දා ගත් ප්‍රේමරංජිත් පසුව ‘අම්මයි අප්පයි’ නමින් ගැඹුරු ශෝකාන්තයක් තනා ආර්ථික පසුබෑමකට ලක් විය. ලෙනාඩ් බර්න්ස්්ටයින්ගේ රසාලිප්ත සංගීතය රැගත් “එඥඵබ ඉඪඤඥ ඉබධපර’(1961) නම් ඇමරිකානු චිත්‍රපටය කිහිප වරක් නැරඹූ ඔහුට මහා පරිමාණයේ සංගීත නාටකයක් නිර්මාණය කිරීමේ ඇල්මක් හට ගත්තේය. තරුණ අසහනය ‘එඥඵබ ඉඪඤඥ ඉබධපර’ ඔස්සේ මතු විය. 60 දශකයේ අග භාගයේ මෙරට වර්ධනය වෙමින් තිබූ විරැකියාව, තරුණ අසහනය ද මීට ප්‍රතිපක්ෂ නොවුණි. ප්‍රේමරංජිත් “කෝන්තරේ” නාට්‍යය බිහි කළේ මෙහි අනුවාදයෙනි. ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය හා ධම්ම ජාගොඩයන්ගේ නර්තන වින්‍යාසය මීට එක් කළ ආලෝකය සුළුපටු නැත. ලූෂන් බුලත්සිංහල, මාක් ඇන්ටනි ප්‍රනාන්දු, ධම්ම ජාගොඩ, සුවිනීතා වීරසිංහ, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ගාමිණී විජේසූරිය, බුද්ධි වික්‍රම, ෂෙල්ටන් සිල්වා හා විජය නන්දසිරි මෙහි ප්‍රධාන චරිත රැඟුහ. මේ වූ කලී ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ ප්‍රාබල්‍යය සන්ධිස්ථානයක් ලෙස බොහෝ විචාරකයෝ සැලකූහ. පිරිස හා පිරිවැය, කාර්යබහුල නළු නිළියන් දායක වන නිර්මාණයක් වැඩිකල් පවත්වා ගත නොහැකිය යන පාඩම ප්‍රේමරංජිත් මින් වටහා ගත්තේය.

1970 දී ඔහු ලියුජි චියරෙලිගේ “ර්චඵඬ චදඤ බඩඥ ජ්චජඥ” නම් වූ ප්‍රහසන නාට්‍යය පාදක කොට ගෙන “මුහුණු සයකි : රූකඩයකි“ නාට්‍යය නිර්මාණය කළේය. ලූෂන් බුලත්සිංහල, ලියෝනි කොතලාවල, සඳුන් විජේසිරි, දයා අල්විස්, මර්සි එදිරිසිංහ, ප්‍රසන්න ෆොන්සේකා මෙහි රඟපෑහ. මේ වූ කලී හාස්‍යය හා ගැඹුරු වින්දනය සහසංකලනය වූ නාට්‍යයකි.

1972 දී පරිපාලන සේවා සීමිත තරඟ විභාගයෙන් ඉහළින්ම සමත් වීම ප්‍රේමරංජිත්ගේ ජීවිතයට ආශීර්වාදයක් වූ බව සත්‍යයකි. එහෙත් පරිපාලන සේවය ඔහුගේ නාට්‍ය සාහිත්‍ය කටයුතුවලට බාධාවක් මිස රුකුලක් නොවුණි. ඒ අනුව ඔහුට අම්පාර, කළුතර වැනි කොළඹින් බැහැර ප්‍රදේශවල සේවය කිරීමටත් සිදු විය.

එකල මහ බැංකුවේ සේවය කළ සුමිතුරු විමල් රංජිත් ප්‍රනාන්දුගේ (සති පූජා චිත්‍රපටයේ අධ්‍යක්ෂ) මූල්‍ය අනුග්‍රහයෙන් හත් වසරකට පසුව ඔගස්ට් ස්ට්‍රින්බර්ග්ගේ තවත් සම්භාව්‍ය ශෝකාන්තයක් වූ “ර්ඪඵඵ බ්භතඪඥ” හි අනුවාදයක් “ජුලී” (1977) නමින් නිර්මාණය කළේය. “දාසයකුට වසඟ වූ කුමාරිකාවකගේ හංස ගීතය” නමින් තේමාගත වූ මෙහි සුවිනීතා වීරසිංහ, ප්‍රසන්න ෆොන්සේකා හා මියුරි සමරසිංහ ප්‍රමුඛ චරිත රැඟූහ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ මෙය සංගීතවත් කළහ. මෙරට සුවිශිෂ්ට නාට්‍යවේදියකු වූ ගුණසේන ගලප්පත්ති සූරීහු “ජුලී” අරභයා එදා මෙසේ ලියූහ. “ස්ට්‍රින්බර්ග් මින් මෙරට වේදිකාවේ ජීවමාන වේ. හැම අංශයක්ම පරිපූර්ණ (ඡ්මඥපරබඩඪදඨ ඹචඵ ර්‍ථඥපටඥජබ) වූ නිෂ්පාදනයකි. නවක නාට්‍යවේදීන් “ජුලී” ඔස්සේ වේදිකා උපක්‍රම හා පිටපත් රචනය ඉගෙන ගනිත්වා යැයි මම පතමි. එකිනෙකා පරදවමින් නළු නිළියන් රඟන ත්‍රිමූර්තියකි. මට එය සියවරක් නැරඹිය හැකිය”.

“ජුලී” කලාත්මක අංශයෙන් මතු නොව රට පුරා දර්ශන වාර 100 කට වඩා පෙන්වමින් වාණිජමය අතින් ද සාර්ථක විය. එවකට ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් වූ ඒ. ජේ. රණසිංහ මහතාගේ ආරාධනාවක් අනුව ප්‍රේමරංජිත්, ජෝන් ද සිල්වා සූරීන්ගේ “ශ්‍රී වික්‍රම” නුර්තිය අධ්‍යක්ෂණය කළේය. මෙය ඔහු නාට්‍ය ක්ෂේත්‍රයේ මුහුණ පෑ දැවැන්තම අභියෝගයකි. එනම් මෙහිදී අතීතයේ යුගයකට අයත් නුර්ති සම්ප්‍රදාය නූතන ප්‍රේක්ෂකයාගේ රුචියට ගැළපෙන හා බුද්ධියට නිගා නොදෙන පරිදි නවීකරණය කළ යුතු විය. ඔහු මුල් පිටපත අනුවාදයක් ලෙස නැවත රචනා කොට රංගාලෝකය, කටහඬ, පසුබිම් සංගීතය, සමූහ චලනාදී නූතන රංගෝපක්‍රම භාවිත කිරීමෙන් මේ අභියෝගය ජය ගත්තේය. එහෙත් ඔහු “ශ්‍රි වික්‍රම” නුර්තියට (1978) අත ගැසීම ගැන ඇතැම් සමකාලීන නාට්‍යවේදීහු අප්‍රසාදය පළ කළහ. ඊට සමගාමීව යහපත් ප්‍රතිචාර ද ලැබිණ. ප්‍රේමරංජිත්ගේ නාට්‍ය දෘෂ්ටියට ‘ර්චද ඪඵ ඍඪජබඪථ ධට ඛ්ඪපජභථඵබචදජඥඵ’ යන සාංදෘෂ්ටිකවාදී (ඡ්ඔධ්ඉඊඡ්ව්ඊධ්ඒඹ්ධ්ඉර්) මතවාදය බලපෑවේ යැයි මම සිතමි.

ඉක්බිතිව ඔහු 1980 දී “සැරදේ සීතා” නම් වූ ස්වතන්ත්‍ර නාට්‍යය නිර්මාණය කළේය. මේ වූ කලී සමකාලීන දේශපාලනය උපහාසයට ලක් කළ නාට්‍යයකි. ලූෂන් බුලත්සිංහල, සුවිනීතා වීරසිංහ, අනුලා බුලත්සිංහල, බුද්ධි වික්‍රම, ජයලත් මමෝරත්න, විජය නන්දසිරි, නීල් මොරායස්, නිලන්ති හීන්දෙණිය යනාදීන් මෙහි රැඟුහ. ප්‍රමාණාත්මක විචාරක අවධානයක් මේ නාට්‍යයට නොලැබිණ. මෙයට එරෙහිව බලධාරින්ට පෙත්සම් යොමු විය. අවසානයේදී ප්‍රේමරංජිත් පරිපාලනයේ සංචිතයට තල්ලු වූයේය.

ඔහු නොනැවතී “දේවි” (1988) නම් වූ උපහාස නාට්‍යය නිමැයුවේය. මේ වූ කලී සාහසික, නිර්දය උපහාසයකි. මෙහි ප්‍රසන්න ෆොන්සේකා, මැණිකේ අත්තනායක, නීල් මොරායස්, ජයශ්‍රී චන්ද්‍රජිත්, පතිරාජ එල්. එස්. දයානන්ද, විමල් වික්‍රමාරච්චි, චම්පා ශ්‍යාමලී රඟපෑහ. මෙමඟින් විවෘත ආර්ථික ක්‍රමය නිසා මෙරට සිදු වූ සංස්කෘතික සහ සමාජ පරිහානියට දරුණු ප්‍රහාරයක් එල්ල විය. ප්‍රේමරංජිත්ගේ අවසන් නාට්‍ය නිර්මාණය මෙය වූ අතර ඉක්බිති ඔහු යළිත් සාහිත්‍යයට මැ කැප වූයේය. 1962 දී ඇන්ටන් චෙකෝෆ්ගේ “තුන් වසර” පරිවර්තන කෘතිය පළ කිරීමෙන් ග්‍රන්ථකරණයට බට ප්‍රේමරංජිත් වසර 35 කට පසුව ඔගස්ට් ස්ට්‍රින්බර්ග්ගේ “ජ්චබඩඥප” “පීතෘ” නමින් සිංහලට නැඟුවේය. “නිර්දය නගරය”, “තැපැල්හල” නම් වූ නාට්‍ය පිටපත් ද්වය ඔහු පරිවර්තනය කොට රාජ්‍ය නාට්‍ය සම්මාන ලැබුවේය. 2001 දී හේ එමිල් සෝලාගේ “ඉඩචථඥ” “විළිබිය” වශයෙන් ද, 2006 දී සෝලාගේ “ඊඩඥපඥඵ අචඳභඪද” “සරාගී” නමින් ද සිංහලයට පරිවර්තනය කළේය. සුභාෂ් චන්ද්‍රබෝස් නම් වූ ඉන්දීය දේශප්‍රේමියාගේ අපදානය ද ලියා ආර්. කේ. නාරායන්ගේ “ඊඩඥ ජ්ඪදචදජඪචත ඡ්යනඥපබ” “මසුරු සිහින” නමින් සිංහලයට නැඟූ ප්‍රේමරංජිත්, පෝල් මැතිසන්ගේ “එඩචබ ච්පඥචථඵ ර්චර ඛ්ධථඥ” “මමෝ රාජ්‍යය” නමින් පරිවර්තනය කළේය. සම්මානයට පාත්‍ර වූ ස්වකීය “වහලක් නැති ගෙයක්” නාට්‍ය පිටපත “ඒ ඩ්ධභඵඥ එඪබඩධභබ ඒ අධධට”නමින් ඉංග්‍රීසියට පෙරළා ඔහු 2004 රාජ්‍ය සාහිත්‍ය උලෙළේ හොඳම ඉංග්‍රීසි නාට්‍ය පිටපතට හිමි සම්මානය දිනා ගත්තේය. 2004 දී කලා භූෂණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. 2006 වසරේ මුල් භාගයේ එකල ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ඩග්ලස් සිරිවර්ධනයන්ගේ ආරාධනයෙන් එහි විදේශ කටයුතු පිළිබඳ උපදේශක ලෙස කලක් කටයුතු කළේය. ටවර් රඟහල නාට්‍ය පාසල සංවර්ධනය කිරීමට ඔහු අපමණ වෙහෙස වූයේය. කලක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ මහා කළමනාකරු (ට්.ර්) ලෙස ද ඔහු ක්‍රියා කළ බව අපට අමතක නොවේ. ප්‍රේමරංජිත් කලකට ඉහත අග්‍රගණ්‍ය නළු ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වූ චිත්‍රපටයකට තිර රචනයක් ලීවත් මේ දෙදෙනාම විශිෂ්ට කලාකරුවන් සේම නාහෙට නාහන හිතුවක්කාරයන් වූ බැවින් ඒ ව්‍යාපෘතිය අතරමඟ ඇනහිටිණ. තම සන්මිතුරු ආචාර්ය තිස්ස අබේසේකරයන් සමඟ ද ප්‍රේමරංජිත් වරින්වර කලාව අරභයා මත ගැටුම්, වෙන්වීම්, එක්වීම් ඇති වූයේ දෙදෙනාම නාහෙට නාහන, එකිනෙකාට නොදෙවැනි එහෙත් සොඳුරු මිනිසුන් වූ බැවිනි. ලාංකේය වේදිකාවේ රන් අවධියේ (ට්ධතඤඥද ඡ්පච) එක් පරිච්ඡේදයක් ප්‍රේමරංජිත්ගේ අභාවයෙන් අවසන් වූහයි මම සිතමි. මේ සංසාරය නමැති ගිරිදුර්ගයට යළිත් නොපිවිසෙන්නට ඔබට වරම් ලැබේවා.