වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ගණන් නොගත්තට බරපතළයි

ගණන් නොගත්තට බරපතළයි

අතකුත් කඩාගෙන ඒ ගැන වගේ වගක් නැතුව නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා. ඒ ලොකේෂන් එකේදී සද්ද නැතුව ඉඳලා ගෙදර ආව නළුවෙක් ගැන අහලා තියෙනවාද, හැබැයි මෙයා වෘත්තීය නළුවෙක් නෙවෙයි. ඒකයි විශේෂත්වය. මේ තැනැත්තා විකුම්සිරි මුණසිංහ. ඉමහත් ජනප්‍රියත්වයක් විඳිමින් කලකට ඉහතදී විකාශය වූ දුස්සරණයෝ, බූමරංග, ධවල බන්ධන ඇතුළු නාට්‍ය ගණනාවක් විකුම් අතින් අධ්‍යක්ෂණය වුණා. අද වන විට ඔහු වැඩි තැනක් වෙන් කරගෙන තියෙන්නේ රංගන කටයුතුවලට. ජනක මල්ලිමාරච්චිගේ ආදර දඩයම ටෙලි සිතුවමේ රංගනයෙන් පසුව තමයි විකුම්ට රංගනය සඳහා වැඩිපුර ආරාධනා ලැබුණේ. මේ ඊයේ පෙරේදා ඔහුට මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායකවීමට ආරධනා ලැබිලා. ෂූට් එක හෙට නම් අද හවස විකුම් ගෙදරදී ලිස්සලා වැටිලා. වැදුන පාරට තේරුණාලු අතට හරි වගේ කියලා. නමුත් ඔහු පහුවෙනිදා කෙරෙන නිර්මාණයෙහි නිෂ්පාදන පිරිවරට ඒක ගැන කියලා නැහැ. මොකද ඒ වැඩේ අවුල් වේවි කියලා. ඉතින් විකුම් කරලා තියෙන්නේ කැඩුණු අත යන්තම් ප්ලාස්ටර් කරගෙන වීඩියෝවේ රඟපාන්න ගිය එක. කාටත් හොරෙන් එතැන වැඩේ ඉවර කරලා ගෙදර ඇවිත් ඉස්පිරිතාලේ ඇඩ්මිට් වුණාලු. ඒ අත හදන්න ඔපරේෂන් එකක් කරන්න වුණාලු.