වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි එපා චරිතෙ හොඳ ද

සල්ලි එපා චරිතෙ හොඳ ද

මේ දිනවල විකාශය වන ටෙලි සිතුවම් කිහිපයකම ජගත් ඇපලදෙනිය රංගනයේ යෙදෙනවා. ඔය අතරේ ඔහුට චිත්‍රපටයකට රඟපාන්න ආරාධනා හිමි වෙලා. ජගත් කියපු දිනයට කියපු වේලාවට එතැනට ගිහින්. ඔහු තමන්ට ලැබුණ චරිතය හරියට කරලා. ඊට පසුව ඊට අදාළ ගෙවීම කරන්නට එද්දී ජගත් එතන නැතිලු. නිෂ්පාදන කණ්ඩායම අවසනදි ජගත්ට දුරකතන ඇමතුමක් දීලා.

මම මේ ෆිල්ම් එකේ රඟපෑවේ බොහොම ආසාවෙන්. කාලෙකට පස්්සේ තමයි මට මේ වගේ රඟපාන්න පුළුවන් චරිතයක් ලැබුණේ. ඒක නිසා මට සල්ලි එපා. ඒ මුදල් ඔයාලගේ ෆිල්ම් එකේ ප්‍රඩක්ෂන් වැඩවලට යොදා ගන්න.

ජගත් එහෙම කියලා. එම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවරම පුදුම වුණාලු ජගත් වගේ නළුවොත් ඉන්නවනෙ කියලා.