වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




උපකාරයක් ඕනෑ

උපකාරයක් ඕනෑ

වෘත්තීමය රංගන ශිල්පියෙකු වූ කපිල සිගේරා හදිසි අනතුරකට ලක් වෙලා. ඒ බව අපි සරසවිය පුවත්පතක කලකට පෙර ලිව්වා. දැන් මේ වන විට ගෙදර ඉන්නේ. ඔහුගේ කකුලට තමයි දැඩි ලෙස හානි වෙලා තියෙන්නේ. මේ හේතුවෙන් ඔහුට මාස තුනක් යනකම් ඇඳෙන් බහින්නවත් එපා කියලා වෛද්‍ය උපදෙස් ලැබුණාලු. වෘත්තීය නළුවෙකුට එච්චර කාලයක් ඇඳකට වෙලා ඉන්න වුණාම දැනෙන අපහසුව ගැන ආයෙ ඉතින් වචනවලට පෙරළන්න ඕනෑ නැහනෙ. කපිල ජීවිතය රන් කළේ රංගනයෙන් ලැබෙන මුදලින්. දැන් ඒකත් නැහැ. මොනවා කරන්නද. ඔහුට වුණේ හරිම අකරතැබ්බයක් තමයි 0715829031, 0779332127 අංකවලින් කපිලගේ සුවදුක් විමසලා පුළුවන් විදිහට ඔබට උදව් කරන්නට හැකි නම් එය මේ වෙසක් මාසයේ ඔබ කරගන්නා ලොකු පුණ්‍යකර්මයක්. ඒ වගේම 972, අන්නාසි වත්ත, අතුරුගිරිය ලිපිනයේ කපිල ඉන්නවා.