වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ පරපුරේ උදවිය එහෙමයි

ඒ පරපුරේ උදවිය එහෙමයි

අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියක් තමයි පුණ්‍යා හීන්දෙණිය කියන්නේ. පළමුවැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය වුණෙත් ඇය. පුණ්‍යා මේ වන විට පදිංචිව සිටින්නේ එංගලන්තයේ. ඇය පසුගිය සරසවිය සම්මාන උලෙළටත් සහභාගි වුණා. පසුගියදා ඇය අප වෙත ඊමේල් එකක් එවලා තිබුණා. ඒ සරසවිය හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල අසනීපව සිටින බව දැනගෙන. පුණ්‍යා විදෙස් ගතවෙලා හිටියත් නිරන්තරයෙන් සරසවිය කියවන්නේ අන්තර් ජාලය හරහා. ඇය එලෙස සරසවිය කියවද්දියි සුනිල් මෙලෙස අසනීප වෙලා සිටිනවා කියලා දැනගෙන තියෙන්නේ. පුණ්‍යා , සුනිල්ට ඉක්මන් සුවය පතනවා කියලා කිව්වා. මේ වෙලාවේ තව දෙයක් මතක් කළ යුතුයි. ඒ අප පෙර පරපුරේ ඇති මනුෂ්‍යත්වය ගැන. පුණ්‍යා එහේ සිට සුනිල්ගේ සුවදුක් විමසීම ඇත්තටම අගය කළ යුතුයි.