වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ජස්ටින් බීබර් බොලිවුඩයේ

පසුගිය මැයි 10 වැනිදා මුම්බායිහි පටිල් ක්‍රීඩාංගනය පිරිඉතිරි ගියේ බටහිර සංගීත ලෝලීන්ගෙන්. ජනප්‍රිය බොලිවුඩ් තරු රැසකුත් මේ අතර සිටියා. ඒ කැනේඩියානු පොප් ගායන ශිල්පී ජස්ටින් බීබර්ගේ සංගීත ප්‍රසංගය නැරඹීම වෙනුවෙන්. ජස්ටින් බීබර් තම 'පර්පස් ලෝක සංචාරය' සමඟින් ඉන්දියාවට පැමිණියේ ආසියාතින රසික රසිකාවන් වෙනුවෙන්.

හැබැයි පිරිසක් එය අගය කළත් බොහෝ දෙනෙකුගේ චෝදනාවට ලක් වුණා. ඒ බීබර්ගේ ගීත සජීව ලෙසින් ශ්‍රවනය කරන්නට නොලැබීම හේතුවෙන්. ඇතැම් අය නම් පවසන්නේ ඔහු ගීතය ප්‍රචාරය කෙරෙන විට කට හොල්ලන්නේවත් නොමැතිව සිටි අවස්ථාද තිබුණු බවයි. ඒ වෙනුවෙන් ඔවුන් සමාජ ජාලා වෙබ්අඩවි වල බීබර්ට සෑහෙන්න දොස් පවරා තිබුණා.

ශ්‍රී දේවි, ආලියා භාත්, රවීනා තන්දන්, අයාන් මුඛර්ජි, අනු මලික්, රෙමෝ දී සූසා, ජැක්ලීන් ෆර්නැන්ඩ්ස්, මලයිකා අරෝරා වැනි බොලිවුඩ් තරු රැසක් මෙම ප්‍රසංගය නරඹන්න පැමිණ සිටියා. මේ අතරේ බොලිවුඩ් නළු අර්ජුන් රාම්පාල් ඡායාරූප ශිල්පීන් අතර ඇති වූ ගැටුමක් ගැනත් වාර්තා වෙනවා. තම දියණියන් දෙදෙනාගේ ඡායාරූප අනවශ්‍ය ලෙසින් ගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඡායාරූප ශිල්පියෙකු තල්ලුකර දැමීම සම්බන්ධයෙන් වන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කර සිටිනවා.


ඓෂ් - දේව්දාස් සමඟින් කාන් උලෙළට

 

කාන් සිනමා උලෙළ ඊයේ (මැයි 17) උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණා. මෙවර පැවැත්වෙන 70 වැනි සම්මාන උලෙළට බොලිවුඩ් තරු කිහිපයකුත් ආරාධනා ලබා සිටිනවා. මේ අතරේ විශේෂ වෙන්නේ ඓෂ්වර්යා රායි බච්චන්. ඇය මෙවර සහභාගි වෙන්නේ දහසය වැනි වතාවටයි. මීට පෙර 2002 වසරේදී ඇය කාන් සිනමා උලෙළේ රතු පලස මත ප්‍රථමවරට පය තැබුවා.

එදා ඇය Devdas චිත්‍රපටය පිළිබඳ ඉදිරිපත් කිරීමකුත් කළා. Devdas ප්‍රධාන නළු ශාරුක් ඛාන් සහ අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිත් එම අවස්ථාවට එක් වුණා. ඔවුන් එම පරිශ්‍රයට පැමිණයේ කුඩා අශ්ව කරත්තයකින්. ඒ ගැන ඓෂ්ට බොහොම ආඩම්බරයක් දැනෙන බව ඓෂ් පවසනවා. මෙවරත් ඇය Devdas චිත්‍රපටය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්න නියමිතයි. පසුගිය වසරේ කාන් උලෙළේදී ඓෂ් Sarbjitචිත්‍රපටය ඉදිරිපත් කළා.

ඓෂ්ට අමතරව සෝනම් කපූර් සහ දීපිකා පදුකෝන් මෙවර කාන් උලෙළට සහභාගි වෙනවා. සෝනම් නම් අවස්ථා කිහිපයකම කාන් උලෙළට සහභාගි වී තිබුණද මෙය දීපිකා සහභාගි වන දෙවන ස්ථාවයි. දීපිකා මීට පෙර 2010 වසරේ පැවැති සම්මාන උලෙළට සහභාගි වුණා. හෙට සිට ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙන සම්මාන උලෙළේ ඓෂ් 19 සහ 20 වැනිදා සන්නාම තානාපතිනියක ලෙසින් රතු පලස මතින් ගමන් කරනු ඇති.


විවේක් වගකීම් සමඟින්

බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි ජාතික වුවමනාවන් ඉටු කරන්නට දායකත්වය ලබා දෙන නළුවන් අතරේ ප්‍රමුඛයෙක්. පසුගිය දවසක ඔහු මහාරාශ්ට්‍රයේ සිටින ජීවිත අවධානම ගෙන දේශ සීමා ආරක්ෂක කටයුතුවල යෙදෙන සොල්දාදුවන් වෙනුවෙන් නිවාස 25ක් ඉදිකිරීමට මුදල් වැයකළා.

මීට පෙර අක්ෂ් කුමාර් ද දේශසීමා ආරක්ෂාවේදී ජීවිතක්ෂයට පත් සොල්දාදුවන්ගේ පවුල් 12ක් වෙත ඉන්දීය රුපියල් කෝටියකට අධික මුදලක් ප්‍රදානය කළා. විවේක් පරිගණක ආශ්‍රිත දැනුම ව්‍යාප්ත කිරීම උදෙසා වරප්‍රසාද නොලත් ගැහුනු ළමයින් වෙනුවෙන් පරිගණක බෙදාදුන්නේ ගිය අවුරුද්දේදීය. මෙම වගකීම් හමුවේ මේ වසරේදී බොලිවුඩ් රිති තිරයේ විවේක් චිත්‍රපට තුනකින් ප්‍රේක්ෂකයා හමුවෙන්නත් සූදානම්. ජූනි මාසයේදී තිරගත වීමට නියමිත Bank Chor චිත්‍රපටයෙන් පසු Raiසහ Vivegam සමඟින් විවේක් රිදී තිරයට පැමිණේවි.


රජිනිට අවවාදාත්මක ලිපියක්

රජිනිකාන්ත් කිව්වාම කොලිවුඩයේ පමණක් නොව බොලිඩුයේත් ඉහළ ජනප්‍රියත්වයක් ලද තරුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කවදත් ආකර්ශණීය චරිත ඉදිරිපත් කරන රජිනිට මේ පාර තවත් අලුත් චරිතයකට ආරාධනා ලැබිලා. හැබැයි ඉතින් මේ ආරාධනාව සමඟින් ඔහුට අවවාදාත්මක ලිපියකුත් ලැබී ඇති බව තමයි ආරංචි වෙන්නේ.

පාතාල නායකයකු ලෙසින් සැලකෙන හජි මස්තාන්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ හජි මස්තාන්ගේ චරිතය තමයි රජිනිට ලැබුණේ. නමුත් රජිනි ඒ චරිතය භාර ගැනිමටත් පෙර හජි මස්තාන්ගේ පුත්‍රයා රජිනිට අවවාදාත්මක ලිපියක් යොමු කර ඇති අතර රජිනිට විරුද්ධව නඩු මඟට පිවිසෙන්නත් සූදානම් වෙනවා. ඔහු පවසන්නේ මෙම චිත්‍රපටයේ හජි මස්තාන්ගේ චරිතය අසාධාරණ එකක් බවයි. එය සාවද්‍ය තොරතුරු විකෘතිකර නිර්මාණය කර ඇති බවටත් ඔහු චෝදනා කරනවා.

හජි මස්තාන්ගේ පුත්‍රයා පවසන්නේ තම පියා කිසි දිනෙක උසාවියකදී පාතාල නායකයකු බවට ඔප්පු වී නොමැති බවයි. තම පියා ව්‍යාපාරියකු පමණක් බවත් රජිනිකාන්ත් තම පියාගේ චරිතය නිරූපණය කරනවාට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු එම ලිපියෙන් පවසනවා. ඒ වගේම අදාල චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නත් ඔහු සූදානම්. හජි මස්තාන්ගේ පුත්‍රයා මේවන විටත් ඉන්දීය චිත්‍රපට සංගමයේ සාමාජිකයෙක්.


Dangalචීනයේ ඉහළ පිළිගැනීමක

අමීර් ඛාන්ගේ Dangal චිත්‍රපටයට ඉන්දියාව ඇතුළු ලොවපුරා බොලිවුඩ් රසික රසිකාවන්ගේ ලැබුණේ ඉහළ පිළිගැනීමක්. ආර්ථික දුෂ්කරතා නිසා, මහාවීර් සිං පොගාත් නම් ඉන්දීය මල්ලවපොර සූරයාගේ ජාත්‍යන්තරය ජය ගැනීමේ බලාපොරොත්තුව ගිලිහී ගිය පසු ගීතා සහ බබිතා නම් තම දියණියන් ඒ වෙත යොමුකර ඔවුන් ජාත්‍යන්තරය ජය ගත් සත්‍ය කතාව එහි නිරූපණය වෙනවා.

මේ වනවිට එය චීනයේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත කෙරෙන බව ආරංචියි. මල්ලවපොර ක්‍රීඩාව නිසා මෙය චීනයේ ඉහළ පිළිගැනීමකට ලක්වී ඇතිබව විචාරක අදහසයි. චීනයේදී පමණක් එය දැනට ඉන්දීය රුපියල් කෝටි 301ක ආදායමක් උපයා ගන්නට සමත් වෙලා. Dangal ඉන්දියව තුළ පමණක් ප්‍රදර්ශ‍නයෙන් ලද ආදායම ඉන්දීය රුපියල් කෝටි 387ක්. බොහෝ දෙනා පවසන්නේ Dangal චීනයේදී ඉන්දීය ආදායම අබිබවා යනු ඇති බවයි. එය බොලිවුඩ් සිනමා පටයක් විදෙස් රටකදී තම රට තුළදී ලද ආදායමට වඩා ඉහළ ආදායමක් ලද චිත්‍රපටය බවටත් පත් විය හැකියි.

බොලිවුඩයේ දැනට ඉහළම ආදායම් ලද චිත්‍රපටය බවට Dangal පැමිණියේ අමීර්ගේම ර්‍ථම් චිත්‍රපටය දෙවන ස්ථානයට ඇද දමමින්. PK ලොවපුරා තිරගත කිරීමෙන් ලද ආදායම ඉන්දීය රුපියල් කෝටි 792ක් වන විට Dangal ඉන්දීය රුපියල් කෝටි 1146ක ආදායමක් උපයා ගන්න සමත් වුණා. එය පසුගිය 2016 වසරේ දෙසැම්බර් 21 දා

අමෙරිකා එක්සත් ජනපදයේ තිරගත කිරීම ආරම්භ කළ අතර ඉන්දියාව ඇතුළු ලොවපුරා අනෙකුත් රටවල තිරගත කිරීම සිදු වුණේ දෙසැම්බර් 23 වැනිදා යි. Dangal නිර්මාණය කිරීමට වැය කෙරුණේ ඉන්දීය රුපියල් කෝටි 70ක්.