වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය

සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය

නිම්නයක හුදකලාව

විශ්ව වෙළෙඳ ප්‍රචාරක ආයතනයක නිර්මාණශීලී තනතුරක් හොබවන වගකීම් සහිත තරුණ‍යෙකි. ඔහුට සහය වන්නේ මායා, විශ්ව ඇතුළු යහළුවන් කිහිපදෙනෙකි. දිනෙක එහි වැදගත් ප්‍රචාරණ කටයුත්තක නියැළී සිටින විටෙක ඔහුට සිය මවගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙයි. ඒ සිය ගැබ්බර බිරිය තාරකා රෝහල් ගත කර ඇති බව ය. ඔහු සිය බිරිය තාරකා බැලීමට සිය ප්‍රචාරණ කටයුතු අතර රෝහලට පිවිසෙයි. ඒ අතරතුර සිදුවන සිදුවීම් මාලාවත්, රෝහලට පිවිසීමෙන් පසුව දකින්නට ලැබෙන්නේ නොසිතූවිරූ දෙයකි. ‍

හෙට (19) සිට දිනපතා පස්වරු 4.15ට තිරගත වන විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ ‘නිම්නයක හුදකලාව‘ චිත්‍රපටය සැබෑවත් මායාවත් අතර ජීවිතයේ ධර්මතාව හෙළිකරනවා ද? නැතිනම් මෙය හුදු සිතුවිලි චාරිකාවක් ද? තීරණය ඔබට බාර ය.

‘නිම්නයක හුදකලාව‘ චිත්‍රපටයේ සෞම්‍ය ලියනගේ, සංගීතා වීරරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, තිස්ස අබේසේකර, ජයලාල් රෝහණ, ලක්ෂමන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, පාලිත සිල්වා‍, විමුක්ති ජයසුන්දර, සුරංගා රණවක, සචිනි අයේන්ද්‍රා, චම්මි .එස් කුමාර, කිංස්ලි රත්නායක, නාරද බක්මීවැව, ටෙක්ලා කුමුදු කුමාරි, චන්ද්‍රගුප්ත තේනුවර, අනුර වරාගොඩ, ‍රුවන් ජයනාත්, රොහාන් චන්ද්‍රජිත්, කීර්ති රංජිත් පීරිස්, ආරියරත්න පෙරේරා, ඇන්ටෝනියෝ රොමැකෝ, ප්‍රියන්ත ගුණසේකර, රසික ප්‍රේමකුමාර, ළමා නිළි රචිනි විරංගා සංදීපනී ආදී නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.

තිරරචනය විශ්වනාත් බුද්ධික කීර්තිසේන සහ චින්තන ධර්මදාස ගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, අතිරේක කැමරාකැණයෙන් කේ.ඒ. ධර්මසේන, සහය අධ්‍යක්ෂණයෙන් අනුර වරාගොඩ, නිෂ්පාදන සැලසුම්කරණයෙන් චන්ද්‍රගුප්ත තේනුවර, සංස්කරණයෙන් චන්දන ප්‍රසන්න හා උදය වීරරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් ලක්ෂමන් ජෝසප් දසේරම්, ඇඳුම් නිර්මාණයෙන් සුරංග ගුණතිලක හා ශ්‍රීනික ලියනගේ, අංගරචනයෙන්, කුමාර ගලහිටියාව, රේඛීය නිෂ්පාදනය ඉන්දික ලියන්දෙනිය, නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දසිරි නානායක්කාර, දීප්ති වීරසූරිය, දුමින්ද විදානගමාරච්චි, දර්ශනතල කළමනාකරණයෙන් සුමේධ ජයවර්ධන, විශේෂ( ප්‍රයෝග අධීක්ෂණයෙන් සංජය විතාන, දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණයෙන් විශ්වනාත් බුද්ධික කීර්තිසේන, නිෂ්පාදනයෙන් බුද්ධි කීර්තිසේන ‘නිම්නයක හුදකලාව‘ චිත්‍රපටය සඳහා සහය වෙති.

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් තාක්ණයෙන් රූපගත කළ චිත්‍රපටය වන ‘නිම්නයක හුදකලාව‘හි ශබ්ද සංයෝජනය කරන ලද්දේ යුරෝපයේදී ය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා තිරනාටක රචක තිස්ස අබේසේකරයන් අවසන් වරට රඟපෑ චිත්‍රපටය වන ‘නිම්නයක හුදකලාව‘ චිත්‍රපටයේ චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දරගේ ප්‍රථම සිනමා රංගනය ද ඇතුළත් ය.