වර්ෂ 2016 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්ජ් මයිකල් මියයයි

දැන් මට තේරෙන දේ එදා තේරුණේ නැහැ

අනූව දශකයේ මුල අනූෂා සොනාලි රංගනයට පිවිසෙන්නේ සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තය හරහාය. ඇය එච්. ඩී. ප්‍රේමරත්නගේ වීසි දැල චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නවක නිළියට හිමි සරසවිය සම්මානය ද දිනා ගත්තාය. එවර ලේක්හවුස් දින දර්ශනය සැරසුවේ ද ඇගේ රුවිනි. හඬන කිංකිණි, ලොකු දුව, වීසිදැල, බවසසර, සුන්දර වරද, දරු උපත, මමත් ගැහැනියක්, ගිනිගත් හෝරාව, සළුපට අහසට 2 ආදී චිත්‍රපට රැිසක රංගනයේ නියැළි අනූෂා පසු කලෙක කෂේත්‍රයේ පතල වූයේ පුවත් මවන්නියක හැටියටය. ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබමින් කල් ගෙවූ අනූෂා කලක පටන් කලා නිර්මාණයන් තුළින් දක්නට නොලැබීමට හේතුවක් වූයේ ඇය අසනීප තත්ත්වයෙන් පසුවීම නිසාය. තම අසනීප තත්ත්වය නිසාවෙන් අද වන විට රෝද පුටුවට සීමා වී ඇති ඇගේ ජීවිතය ගැන තොරතුරු සොයා අපි ගියේ ඈ පදිංචි ඩී/150, නිවාසිපුර, කොටුගොඩ, ඒකල නිවහන සොයාගෙනය. අප යන විටත් ඇය නිවසේ ඇඳ මත වැතිර සිටියේ ඊට කලින් දින ඇයගේ රෝග තත්ත්වය සොයා ගැනීමට කළ ශල්‍යකර්මයක් නිසාවෙන් රෝද පුටුව මත ඉඳ ගැනීමටවත් නොහැකි හෙයිනි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඔයාටත් ගොඩක් පිං සිද්ධ වෙනවා

ඇඳ විට්ටමට හේත්තු කළ කොට්ටයට පිට දී ගෙන මිහිරි සිටියේ පොතක් කියවමින්ය. සුළු මොහොතකට පසු ඇඳ මත ඇති දුරකථනය නාද වන හඬ ඇයට ඇසිණ. මිහිරි එය අතට ගෙන එහි මුහුණතට දෑස් යොමු කළාය. 'ගයන්ත'. පොත කෙරෙහි වූ සිතුවිලිවලින් බැහැර වූ ඇය, සතුටින් දුරකථනය සවනට සමීප කළාය. "ඉයස්?" "නිදි නැද්ද තාම?" "නෑ" "මොනවද ඔයා කරන්නෙ?" "පොතක් කියවනවා, ඔයා මොනවද කරන්නෙ?" "ටැලි‍ෆෝන් එකෙන් ගෑනු ළමයෙක් එක්ක කතා කරනව" "කොහෙද ඔයා ඉන්නෙ" "ගෙදර.... බැල්කනියෙ. හඳත් ලස්සනට පේනවා. අදනෙ පසළොස්වක" "පසළොස්වක හඳ දිහා බලාගෙන මොනවද කරන්නෙ? බොනව නේද?" "පිස්සුද ඔයාට?" "පෝය දවසෙ බොරුත් කියනව, මට ඇත්ත කියන්න" "දන්නැද්ද පෝයට බාර් වහල කියලා" "ඒ වුණාට ගෙදර බාර් එක ඇරල ඇති" ගයන්තගේ දෙතොල් තරමක් විහිදී ගියේය. "ආ.... ඒකෙ නං දොර පළුවක් ඇරල " "ගයන්ත ඔයා නං හරිම නරක විදියට හැදෙන්නෙ" "ඔව් ඉතිං අපි නරකයිනෙ" ගයන්තගෙ කීමට එක්වරම පිළිතුරක් ලබා දෙන්නට මිහිරිට නොහැකි විය. ගයන්ත නරක කෙනෙක් නොවේ.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ජස්ටින් බීබර් බොලිවුඩයේ

පසුගිය මැයි 10 වැනිදා මුම්බායිහි පටිල් ක්‍රීඩාංගනය පිරිඉතිරි ගියේ බටහිර සංගීත ලෝලීන්ගෙන්. ජනප්‍රිය බොලිවුඩ් තරු රැසකුත් මේ අතර සිටියා. ඒ කැනේඩියානු පොප් ගායන ශිල්පී ජස්ටින් බීබර්ගේ සංගීත ප්‍රසංගය නැරඹීම වෙනුවෙන්. ජස්ටින් බීබර් තම 'පර්පස් ලෝක සංචාරය' සමඟින් ඉන්දියාවට පැමිණියේ ආසියාතින රසික රසිකාවන් වෙනුවෙන්. හැබැයි පිරිසක් එය අගය කළත් බොහෝ දෙනෙකුගේ චෝදනාවට ලක් වුණා. ඒ බීබර්ගේ ගීත සජීව ලෙසින් ශ්‍රවනය කරන්නට නොලැබීම හේතුවෙන්. ඇතැම් අය නම් පවසන්නේ ඔහු ගීතය ප්‍රචාරය කෙරෙන විට කට හොල්ලන්නේවත් නොමැතිව සිටි අවස්ථාද තිබුණු බවයි. ඒ වෙනුවෙන් ඔවුන් සමාජ ජාලා වෙබ්අඩවි වල බීබර්ට සෑහෙන්න දොස් පවරා තිබුණා.ශ්‍රී දේවි, ආලියා භාත්, රවීනා තන්දන්, අයාන් මුඛර්ජි, අනු මලික්, රෙමෝ දී සූසා, ජැක්ලීන් ෆර්නැන්ඩ්ස්, මලයිකා අරෝරා වැනි බොලිවුඩ් තරු රැසක් මෙම ප්‍රසංගය නරඹන්න පැමිණ සිටියා. මේ අතරේ බොලිවුඩ් නළු අර්ජුන් රාම්පාල් ඡායාරූප ශිල්පීන් අතර ඇති වූ ගැටුමක් ගැනත් වාර්තා වෙනවා.

....සම්පූර්ණයෙන් කියවන්න