වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්ජ් මයිකල් මියයයි

අරයාට මෙයාට බැනලා වැඩක් නැහැ

නයෝමි තක්ෂිලා සිය රංගන ජීවිතය අරඹන්නේ වේදිකාවෙනි. වේදිකා නිර්මාණ කිහිපයකටම රංගන දායකත්වය සපයන ඇය 2015 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසට අභිෂේක ලැබීය. එමෙන්ම 2017 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළියට ද ඈ නිර්දේශ වූවාය. අද වන විට නයෝමි වඩාත් ජනප්‍රිය පුංචි තිරය ඔස්සේය. මේ දිනවල විකාශය වන නෙතු සහ ඔක්කොම හොඳටයි යන ටෙලි සිතුවම් හි වෙනුලි සහ දිනිති යන චරිතයන් ඇය නිරූපණය කරනු ලබයි. මීදුම් අම්මා නයෝමිගේ පළමු ටෙලි සිතුවම වේ. * නයෝමි ඔබේ කලා ජීවිතය හි ආරම්භය වැඩි විස්තර පවසමින් මේ කතාබහ අරඹමු. පුංචි කාලේ මට තිබුණු එකම හීනය තමයි නර්තන ගුරුවරියක් වීම. මගේ ඇඟේ නර්තන කලාව තිබුණා. ඒත් මට මගේ හීනය සැබෑ කරගන්න බැරි වුණා. ඔය අතරෙදියි මං ටවර් හෝල් පදනමේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා එක හැදෑරීම සඳහා යොමු වන්නේ. එහෙම ඉන්න ගමන් මට හැකියාව ලැබෙනවා කතාහක නමැති ඉන්දියානු කෙටි නාට්‍යයට එකතුවන්න. ඒක තමයි මං දායකත්වය ලබා දුන් පළමු නිර්මාණය. * ඉන් පසුව ඔබ දිගින් දිගටම රඟපෑවේ වේදිකා නිර්මාණවල නේද?

....සම්පූර්ණයෙන් කියවන්න
 

මං දැනුයි හෙලිකොප්ටර් එකෙන් බැස්සේ

නිවස ඉදිරිපිට පඩියක් මත වාඩි වී පුවත්පතක් බලමින් සිටි සිසිර රියක් නවත්වන හඬක් ඇසී හිස ඔසවා බැලුවේය. කහ පැහැති කුලී රියකින් මිහිරි බසින අයුරු සිසිරට පෙනිණ. ඇය සාරියක් ඇඳ සිටියි. අතේ පාර්සල් දෙකක් ද ඇත. සිසිර ඇය දෙස බලමින් ම හුනස්නෙන් නැගිට්ටේය. රියදුරාට මුදල් දුන් මිහිරි නිවස දෙසට හැරුණාය. පුවත්පත පසෙකින් තැබු සිසිර මඳක් ඉදිරියට පියවර තැබුවේය. "කොහොමද සිසිර? ගෙදර කට්ටිය ඉන්නවද?" "ලොකු නෝනා දානෙ ගෙදරක ගියා. මහත්තය නං ඉන්නව" "මහත්තයා කෝ?" දෙදෙනාම සිටියේ නිවස දෙසට ගමන් කරමිනි. "නිදිද කොහෙද" "මේ වෙලාවෙ?" "මං හිතන්නෙ ඊයෙ ගොඩාක් රෑ වෙනකන් පික්චර් බල බල ඉඳල උදේටත් කාල තමයි ආයෙමත් ඔය පොඩ්ඩක් නිදාගන්න ගියේ" නිවසට ඇතුළු වූ මිහිරි අතේ තිබු විශාල පාර්සලය සිසිර වෙත දිගු කළාය. "මං මහත්තයාට කතා කරන්නද නෝනා?" සිසිර එසේ ඇසුවේ මිහිරි දුන් පළතුරු පාර්සලය අතට ගනිමිනි. "නෑ කමක් නෑ.තව පොඩ්ඩක් ඔහොම නිදාගත්තාවෙ" මිහිරි සාලයේ තිබු අසුනකට බර විය. "නෝනා මොනවද බොන්නෙ?" "සිසිර මොනවහරි ගේන්නකො"

....සම්පූර්ණයෙන් කියවන්න
 

පත්තර මහ ගෙදරින් සිනමාවට ගිය ආදිවාසියා

කවර මතවාද තිබුණ ද ජයවිලාල් විලේගොඩගේ අවසාන සිනමා විචාරය ලියවුණේ වසන්ත ඔබේසේකරගේ වෙස් ගත්තෝ පිළිබඳවය. වසන්තගේ අපැහැදිලි අත් අකුරු පිළිබඳව කර්තෘ මණ්ඩලයේදී නිතර විවේචනය කළ විලේගොඩ වෙස්ගත්තෝ සම්බන්ධයෙන් ලියා තිබුණේ මතු බලාපොරාත්තු තබාගත හැකි සිනමාකරුවකු බිහිවන වගය. විචාරය පළ වන විට විලේගොඩ හිටියේ රෝහලේය. විලේගොඩ බලන්නට ගොස් ආපසු එද්දී හිතවත් වෛද්‍යවරයකු හමු විය. ඔහු විලේගොඩගේ ඉරණම ඉදිරි පැය දෙක තුන ඇතුළත විසඳෙන බව වසන්තට හෙළි කළේය. කම්පාවට පත් වසන්ත ආපසු විලේගොඩ ළඟට ගොස් තවත් පැයක් පමණ ගත කළේය. පරම්පරා තුනකට අයත් සිනමා විචාරකයන් 28 දෙනෙක් 1997 දී පනස් වසරක සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට දහය තේරූහ. එහිදි තේරුණු චිත්‍රපට තුනක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේය. 1 වැනි ස්ථානය නිධානයටත් 2 වැනි ස්ථානය ගම්පෙරළියටත්, 9 වැනි ස්ථානය රේඛාවටත් හිමි විය. ඊළඟට එම චිත්‍රපට දහයට චිත්‍රපට දෙකක් තේරුණේ වසන්ත ඔබේසේකරගේ පමණි. 7 වැනි ස්ථානය පළඟැටියෝ චිත්‍රපටයටත් 8 වැනි ස්ථානය දඩයම චිත්‍රපටයටත් හිිමි විය.

....සම්පූර්ණයෙන් කියවන්න