වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




කෙටි චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවක් රැඟූ ගිහාන්

කෙටි චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවක් රැඟූ ගිහාන්

ගිහාන් විජේවික්‍රම රංගනය, නිවේදනය සේම නිරූපණයෙහි නිසඟ හැකියාවෙන් යුතු නව පරපුරේ ජනප්‍රිය නවක තරුවකි.

ද ලාස්ට් මිෂන් (අවසන් මෙහෙයුම) කෙටි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින් සිනමා රංගනයට අවතීර්ණ වන ඔහු සිනමා නිර්මාණයකින්ම සිය රංගන ප්‍රතිභාව උරගා බලන්නට ලද අවස්ථාව භාග්‍යක් කොට සලකයි. ඒ පිළිබඳ සරසවිය පුවත්පතට ඔහු මෙසේ අදහස් දැක්වීය.

කලා ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වන්නේ කොහොමද?

තේරෙන වයසේ පටන් මගේ සිතේ කලාව පිළිබඳ ලොකු ඇල්මක් තිබුණා.

මම ඉපදුණේ මහනුවර. මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේත් පාසැලේ කලා කටයුතුවලට ඇප කැප වී කටයුතු කළා.

මගේ පළමු රැකියාව බවට පත් වුණේ රේඩියෝ චැනල් එකක නිෂ්පාදන විධායක නිලධාරියකු ලෙසටයි.

නමුත් කලාවට තිබුණ ආශාව මගේ සිතේ නිරතුරු මා පෙලඹුවේ ඒ දෙසටයි.

මේ නිසා රොෂාන් ඩයස් මහත්මියගේ උපදේශකත්වය යටතේ නිරූපණය පිළිබඳ හැදෑරීමක් ද, ජාතික රූපවාහිනී සංස්ථාවේ රූපවාහිනී මාධ්‍ය ඩිප්ලීමාව ද සාර්ථකව නිම කරන්න මට පුළුවන් වුණා.

මේ හැදෑරීම් නිසා හොඳ ආත්ම විශ්වාසයකින් කලා ලොව ජය ගන්න මා හට හැකිවේ කියා මා විශ්වාස කරනවා.

ජනප්‍රිය වෙළෙඳ දැන්වීම්වලට වගේම නව පරපුරේ ජානක වික්‍රමගේ සහ යෝගිත විජේරත්නගේ මියුලැසියේ සහ ආදරයෙන් පැතූ ඔබේ ගීතවලට රංගනයෙන් දායක වෙන්න මට ලැබුණු අවස්ථාවන් ගැන සතුටට පත් වෙනවා.

මා සම්බන්ධ වන ඕනෑම නිර්මාණයක් වෙනුවෙන් කළ හැකි උපරිම සාධාරණත්වය ඉටු කිරීමට මා සැම විටම වග බලා ගන්නවා.

දක්ෂ නිර්මාණකරුවෙකු වන සමීර මධුශංකගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘අවසන් මෙහෙයුම’ හි ප්‍රධාන භූමිකාව ලැබීම මගේ කලා දිවියේ ප්‍රමුඛ සංසිද්ධථානයක්.

ඒ වෙනුවෙන් මා ඔහුට මගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිනවා.

කලා ලොව මෙතෙක් ආ ගමන් මඟ සදාතනික සිහිවටන බොහොමයි. ඒ අතරින් ලොව රටවල් 40 ක් සහභාගී වන ජාත්‍යන්තර ර්ප.උදඪමඥපඵචත තරගයට ලංකාව වෙනුවෙන් සහභාගීවීමට මා ලද අවස්ථාව ගැන නිරහංකාර අභිමානයක් දැනෙනවා.

සමාජ හිතකාමී හොඳ නිර්මාණයන්ට දායක වෙමින් වැඩි කලබලයක් නැති දිග ගමනක් මගේ අපේක්ෂාවයි.

ඒ සැමදේ වෙනුවෙන් නිබඳ මට දිරිදෙන ආදරණීය මාපියන් ඇතුළු පවුලේ සැම දෙනා ඇතුළු හිතමිතුරු සැමට මාගේ ප්‍රණාමය පුද කර සිටිනවා.