වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාවේදීන්

ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාවේදීන්

1. ලෙස්ටර් ජේම්ස් පිරිස්

උපත - 1919 අප්‍රියෙල් 5

සිංහල සිනමාවේ අභිමානය ලෙසින් හැඳින්වෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා මේ වන විට ලොව සිටින වැඩිමහල් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙසින් නම් වෙයි. එළඹෙන අප්‍රියෙල් 5 වෙනිදාට සිය 98 වැනි ජන්ම දිනය සැමරූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා 1919 දී දෙහිවල දී උපත ලැබුවකි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු , තිර පිටපත් රචකයෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසින් ජිවිතයේ විවිධ භූමිකාවන්ට පණ පොවන ආචාර්ය ලෙස්ටර් මහතා චිත්‍රපට නිර්මාණකරුවෙකු විසින් ක්‍රියාකාරීව කටයුතු කරන්නේ 1949යේ පටන් ය.

වාර්තාමය චිත්‍රපට කෙටි චිත්‍රපට සහ චිත්‍රපට ඇතුළුව එතුමා මේ වෙන විට චිත්‍රපට 28කට දායක වී තිබේ. රේඛාව (1956) , ගම්පෙරලිය (1963) කලියුගය (1983) සහ යුගාන්තය (1985) ගොළු හදවත (1968) නිධානය (1972), වෑකන්ද වලව්ව සහ the god king (1974) වැනි සිනමා නිර්මාණ හරහා ගෞරවාදරයට පාත්‍ර වූ එතුමා සිංහල සිනමාවේ විශිෂ්ටතමයා වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ දී ලෝ ප්‍රකට ඇකඩමි සම්මාන සදහා ඉදිරිපත් කළ පළමු ශ්‍රී ලාංකික සිනමා නිර්මාණය ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා ගේ ය. ඒ රවින්ද්‍ර රන්දෙනිය සහ මාලිනි ෆොන්සේකා රංගනයෙන් දායක වූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කල වෑකන්ද වලව්ව චිත්‍රපටය ය. එසේම ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා නිර්මාණය කළ පළමු සිනමා නිර්මාණය වූ රේඛාව (1956) චිත්‍රපටය 1957 කෑන්ස් සිනමා උළෙල දී නියෝජනය විය.

2. මයිකල් ඇන්ඩර්සන්

උපත - 1920 ජනවාරි 30

ඔස්කාර් සම්මාන සදහා නිර්දේශිත වුවන් අතරින් දැනට ජිවතුන් අතර හිදින වයස්ගතම අධ්‍යක්ෂකවරයා වන මිචෙල් ඇන්ඩසන් මේ වන විට 97 හැවිරිදි වියේ පසු වෙයි. දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන The Dam Busters (1955) චිත්‍රපටය හරහා ජනාදරයට පාත්‍ර වූ මොහු Around the World in 80 Days  (1956) සහ Logan's Run  (1976 ) නමැති ලෝ ප්‍රකට සිනමා නිර්මාණ බිහි කළ අධ්‍යක්ෂවරයා වේ. 1920දී ලන්ඩනයේ කලාවට සම්බන්ධ පවුලක උපත ලද මිචෙල් ජෝශප් ඇන්ඩර්සන් චිත්‍රපට දෙකක නළුවෙකු ලෙසින් දායක වී තිබේ. ඒ Housemaster (1938) සහ Which We Serve (1942) කියන චිත්‍රපට තුලින් ය. හොදම අධ්‍යක්ෂකවරයා සදහා වූ ඇකඩමි සම්මානය ද දිනා ගැනීමට මිචෙල් ඇන්ඩසන් සමත් වී තිබේ. අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් 1949 සිට 1999 දක්වා ක්‍රියාකාරීව කටයුතු කරන මිචෙල් ඉතාලි ප්‍රංශ සහ ජර්මන් භාෂා ප්‍රවීනයෙකු වේ. මිචෙල් ඇන්ඩර්සන් මේ Best Picture  සම්මානය දිනු ජිවත් ව හිදින එකම තැනත්තා වේ. ඔහු එම සම්මානය දිනා ගනු ලැබුවේ 1950 වර්ෂයේදී ය.

3. ලෙවිස් ගිල්බර්ට්

උපත - 1920 මාර්තු 6

දැනට ලොව වියපත්ම අධ්‍යක්ෂවරු අතරින් තුන්වන ස්ථානයේ රැදෙන බ්‍රිතාන්‍ය ජාතික ලෙවිස් ගිල්බර්ට් 97 හැවිරිදි වියේ පසුවෙයි. අධ්‍යක්ෂකවරයෙකු සේම නිෂ්පාදකවරයෙකු තිරපිටපත් රචකයෙකු ලෙසද කයුතු කරන ලද ගිල්බර්ට් දශක හයක් තුලදී විවිධ තේමාවන් යටතේ චිත්‍රපට 40කට අධික ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර ඇත. 1934 සිට 2002 දක්වා වසර 68ක කාලයක් අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කල ගිල්බර්ට් Reach for the Sky (1956), Sink the Bismarck! (1960) සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වන You Only Live Twice (1967), The Spy Who Loved Me (1977) [1] and Moonraker (1979) චිත්‍රපට ද අධ්‍යක්ෂණය කර තිබේ. 1920 දී ලන්ඩනයේ දී උපත ලද ගිල්බර්ට්ගේ මව්පියන් සංගීත කලාවට සම්බන්ධ පුද්ගලයන් වූ අතර ඒ හේතුවෙන් ප්‍රසංග පවත්වමින් ඔවුන් හා රට පුරා සංචාරය කරන්නට ගිල්බර්ට් ට සිදු වීය. ගිල්බර්ට් සිය ජිවිතයේ පළමු වේදිකා රංගනය ඉදිරිපත් කරන ලද වයස අවුරුදු 5 දීය. ඒ වේදිකාව වටේ සෙල්ලම් කාර් රථයක් පදවාගෙන යමින් ය.

4. කාර්ල් රෙනියර්

උපත - 1922. මාර්තු 20

ඇමරිකානු නළුවෙකු අධ්‍යක්ෂකවරයෙකු නිෂ්පාදකවරයෙකු සහ ලේඛකයෙකු ලෙස දශක හතක් තිස්සේ කටයුතු කළ කාර්ල් 1922 දී ඇමරිකාවේ උපත ලැබූ අයෙකු වේ. මේ වන විට 95 හැවිරිදි වියේ පසුවන කාර්ල් විකට නළුවෙකු ලෙසින් ද ඇමරිකානු ඉතිහාසයේ සලකුණක් තැබූ අයෙකි. එමී සම්මාන 9යක් දිනු කාර්ල් එයින් තුනක් නළුවෙකු ලෙසත් තුනක් ලේඛකයෙකු ලෙසත් නිෂ්පාදකවරයෙකු ලෙසින් එමි සම්මාන දෙකකුත් දිනා ඇත . කාර්ල් විසින් Enter Laughing (1967). The Comic (1969), Where’s Poppa? (1970) Oh, God! (1977), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබේ.

5.බර්ට් අයි. ගෝර්ඩ්න්

උපත - 1922 සැප්තැම්බර් 22

ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ගෝර්ඩ්න් මේ වන විට අනු හතර හැවිරිදි වියේ පසුවෙයි. Village of the Giants (1965) The Amazing Colossal Man (1957) King Dinosaur (1955) වැනි ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂණය කල ගෝර්ඩ්න් සිය මිස්ටර් B.I.G යන අනවර්ථ නාමයෙන් හැදින්වෙයි. සිය 13 වෙනි උපන්දිනයට ලැබුණු කැමරාවකින් පළමුවරට චිත්‍රපට නිර්මාණය කරන්න පටන් ගත් ගෝර්ඩ්න් මේ වන විට ලෝ පුරා ප්‍රකට සහ දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වේ.

6. ඊබ්‍රහිම් ගොල්ස්ටන්

උපත - 1922 ඔක්තෝබර් 19

ඉරාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ සාහිත්‍යකරුවෙකු වන ගොල්ස්ටන් මේ වන විට 94 හැවිරිදි වියේ පසුවෙයි. ek atash (A fire) (1961) Moj, marjan, khara (1962)The Hills of Marlik (1963)The crown jewels of Iran (1965) වැනි වාර්තාමය චිත්‍රපට ද Rooster, 1995Âzar, mâh-e âkher-e pâ’iz (Azar, the last month of autumn), 1948  වැනි වෘතාන්ත චිත්‍රපට කළ ගොල්ස්ටන් 1975 වසරේ පටන් එංගලන්තයේ ජිවත් වන්නෙකි.

7.ජෝනාස් මේකස්

උපත - 1922 දෙසැම්බර් 24

ලිතුවේනියන් ඇමරිකන් චිත්‍රපට නිර්මාණකරුවෙකු වන ජෝනාස් මේ වන විට 94 හැවිරිදි වියේ පසුවෙයි. අධ්‍යක්ෂකවරයෙකු, ලේඛකයෙකු සහ නළුවෙකු, කවියෙකු සහ ප්‍රකාශකයෙකු ලෙසින් කටයුතු කර ඇති ජෝනාස් වසර හැටක් තිස්සේ නොනැවතී සිනමා කේෂ්ත්‍රය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත. c, The Brig (1963) Sleepless Nights Stories (2011) ජෝනාස්ගේ අධ්‍යක්ෂණයන් වේ.

8.ෆ්‍රැන්කෝ සේෆරෙල්ලි

උපත - 1923 පෙබරවාරි 12

ෆ්‍රැන්කෝ ඉතාලියේ ෆොලොර්න්ස් හි දී උපත ලැබුවෙකු වන අතර ඔහු ඔපෙරා, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වේ. 1968 දී නිර්මිත ප්‍රකට රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ද වන ෆ්රන්සෝ The Taming of the Shrew (1967) Tea with Mussolini (1999) Callas Forever (2002) යන චිත්‍රපට ද අධ්‍යක්ෂනය කර තිබේ. ෆ්‍රැන්කෝ වසර ගණනක් ඉතාලි සෙනට් සභාවේ ද සාමාජිකයෙකු ලෙසින් කටයුතු කර තිබේ.

9.මිර්නාල් සෙන්

උපත - 1923 මැයි 14

ඉන්දියානු චිත්‍රපට නිර්මාණකරුවෙකු වන සෙන් කොල්කටාවේ ජිවත් වන්නෙකි. 93 හැවිරිදි වියේ පසුවන මිනරල් සෙන් සමාජ යථාර්ථය කලාත්මක ඇසකින් ලොව ඉදිරිපත් කළ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ද ප්‍රකට ය. Raat Bhore (1955) Khandhar  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල සෙන් ලොව නන් දෙසින් සම්මාන ගණනාවක් දිනු දක්ෂ අධ්‍යක්ෂකවරයෙකි.

10.මට්ටි කසිලා

උපත - 1924 ජනවාරි 12

ෆින්ලන්ත ජාතික අධ්‍යක්ෂකවරයෙකු වන කසිලා 1950 සහ 1960 කාලයේ ක්‍රියාකාරිව කටයුතු කල විශිෂ්ට සිනමාකරුවෙකු ලෙසින් ලෝ පුරා කීර්තියට පත් වී ඇත. four Inspector Palmu  නමැති කතා මාලාව හරහා ජනාදරයට පත් කසිලා හත් වාරයක් ජුසි සම්මානය දිනාගෙන ඇත. එමෙන්ම මොහු 2010 වසරේ දී ද සිනමා ව වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ජිවිතයේ එකවරක් පමණක් හිමි වන ජුසි සම්මානද දිනාගෙන තිබේ. එමෙන් ම කසිලා විසින් අධ්‍යක්ෂණය කරන ලද Punainen viiva (1959 )සිනමා නිර්මාණය පළමු වරට පැවැත් වූ මොස්කව් සිනමා උළෙල සදහා ද ඉදිරිපත් කර තිබේ.