වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




පුරෝගාමී මෙහෙවරක නියැළුණු ජ්‍යෙෂ්ඨ ගායිකාවකගේ සමුගැනීම

පුරෝගාමී මෙහෙවරක නියැළුණු ජ්‍යෙෂ්ඨ ගායිකාවකගේ සමුගැනීම

එච්.ඩබ්ලිව්.රූපසිංහ,ලයනල් එදිරිසිංහ,එඩී මාස්ටර් වැනි සංගීතඥයන් විවියන් ගේ කලා ජීවිතයට මනා අත්වැලක් විය.ගුවන් විදුලියේ සරළ ගී ගායිකාවක නිසා සතියකට පැය භාගයක වැඩ සටහනක් ලැබුණු වග පසු කලක විවියන් සිහිපත් කළාය.1947 වසරේ ගුවන් විදුලිය මගින් ඉන්දියානු සංගීතඥ පණ්ඩිත් රංත්න ජංකර් ගෙන්වා පවත්වන ලද පරීක්ෂණයෙන් ද විවියන් ප්‍රථම ස්ථානයට සමත් වූවාය. විවියන් ගේ ගී ජනප්‍රිය වීමත් සමග එච්.එම්.වී තැටි සඳහා මෙරට නියෝජිතයා වන කාගිල්ස් සමාගම විවියන් සමග ගිවිසුමකට එළැඹුනහ.ඒ රුපියල් පනහකට අලෙවි වන තැටියකින් ශත විසි පහක් ඇයට ගෙවීමටය.

ලාංකීය ගීත ඉතිහාසයේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු ගායිකාවක පසුගිය ඉරිදා පරලොව සැපත් වූවාය. ඇය විවියන් ද සිල්වා බොරලැස්ස නම් වන්නීය.1930 වසරේ නොවැම්බර් 24 වැනි දින උපත ලද විවියන් මිය යන විට 87 හැවිරිදි විය සම්පූර්ණ කරන්නට සූදානම් ව සිටියාය.ඇය ගී ගායනය එක් වන විට මෙරට ගීත ක්ෂේත්‍රෙයහි කාන්තාවන් නොවූ තරම්ය.කාන්තාවන් කලා ලෝකයට ඇදී ඒම එකල නොහොබිනා දෙයකැයි වැඩිහිටියෝ කල්පනා කළහ.එහෙත් විවියන් ඒ අතින් වාසනාවන්ත විය.ඇය ගේ පියා එවකට මරදානේ සිටි බස් රථ ව්‍යාපාරිකයකු වියවිය.ඔහු ටවර් රඟහලට ද සම්බන්ධ කම් තිබිණ.නාට්‍යය නිස්පාදනයේ ද යෙදිණ.බොහෝ නාට්‍යය පුහුණු වූවේ ද විවියන්ලාගේ නිවසේමය.සිය දියණියගේ ගායනා හැකියාව වටහා ගත් තාත්තා ඇගේ දිවියට අරුතක් ගෙන දුන්නේය.එකල ගායකයෙකු සහ සංගීතඥයකු වන ජී.ආර්.එඩ්වඩ් ඇය ගේ මාමා කෙනෙකු විය.තාත්තාගේ උපකාරයෙන් මාමා සමග මුල්ම ගීය ඇය ගුවන් විදුලියට ගයන විට වයස අවුරුදු දහයකි.එගොඩ ගොඩේ ගං ඉවුරේ එම ගීතයයි.ඇය ගේ මුල්ම සරල ගීතය වූයේ චන්ද්‍රා දේ ශ්‍රියා නම් විය.එහෙත් ඇය වඩාත් ප්‍රචලිත වන්නේ බොදු බැති ගී ගායනයත් සමඟය.

එච්.ඩබ්ලිව්.රූපසිංහ,ලයනල් එදිරිසිංහ,එඩී මාස්ටර් වැනි සංගීතඥයන් විවියන් ගේ කලා ජීවිතයට මනා අත්වැලක් විය.ගුවන් විදුලියේ සරළ ගී ගායිකාවක නිසා සතියකට පැය භාගයක වැඩ සටහනක් ලැබුණු වග පසු කලක විවියන් සිහිපත් කළාය.1947 වසරේ ගුවන් විදුලිය මගින් ඉන්දියානු සංගීතඥ පණ්ඩිත් රංත්න ජංකර් ගෙන්වා පවත්වන ලද පරීක්ෂණයෙන් ද විවියන් ප්‍රථම ස්ථානයට සමත් වූවාය. විවියන් ගේ ගී ජනප්‍රිය වීමත් සමග එච්.එම්.වී තැටි සඳහා මෙරට නියෝජිතයා වන කාගිල්ස් සමාගම විවියන් සමග ගිවිසුමකට එළැඹුණහ.ඒ රුපියල් පනහකට අලෙවි වන තැටියකින් ශත විසි පහක් ඇයට ගෙවීමටය.එවකට කාගිල්ස කළමනාඛරු ග්‍රේබියල් ගුණරත්න මේ ගිවිසුමේ සමාගම් පාර්ශවකරුවා විය.ඇය ගේ ගී තැටි ලක්ෂයක් අලෙවි කළ අවස්ථාවක රේඩියෝවක් තෑගි ලැබුණ අයුරු ඇගේ මතකයේ වෙයි.

නවතින්න තිස්ස ඇයි මේ,මා සංඝබෝධි සාමිනේ,නංගී නංගී රූපිකා, වැනි ජනප්‍රිය ගී මෙන්ම නිදි යහනේ ඇයි ද සෝක සිතින් (ධර්මදාස වල්පොල සමග ),දුර පේන තැනි තලා (කාන්ති වක්වැල්ල සමග) වැනි ජනප්‍රිය ගී ඇගේ හඬින් ගැයුණු මියුරු ගි අතර වෙයි.එච්.ආර්.ජෝතිපාලයන් සමඟ කනගාටු වී තැවෙන්නේ,සිසිර සේනාරත්න සමග ඇයි මන්ද දුක්වන්නේ, සුනිල් සාන්ත සමග රැල්ල නැගෙන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි සමඟ සිංහ කොඩිය ඉහළ වැනි ගී රැසක් ඇය සෙසු ගායකයන් සමග ගැයූ ගී අතර වෙයි.වසර දෙදහස් පන්සිය වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඇය විසින් ගයන ලද ආලෝකය මේ යැයි පවසන දිනයයි ගීතය එකල දිනකට පහළොස් වතාවකට වඩා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ වග වාර්තා විය.

කෙසේ වෙතත් අකුරැස්සේ ඉඩම් හිමි වැවිලිකරුවකු වන ඩී.ඩී.එස්.බොරලැස්ස සමග විවාහයෙන් පසු විවියන් තරමක් කලාවට සමුදුන්නාය.එම විවාහයෙන් ඔවුන් දරුවන් සය දෙනෙක්ගේ මාපියන් වූහ.උදය,අජිත්,ඉන්ද්‍රාණී,දේවප්‍රිය,කපිල සහ මාධවී යන එම දූ දරුවන් අතරින් දේවප්‍රිය සහ කපිල ද ඇය සමග ගී ගායනයට එක් විය.සමරමු අඩ සියවසක විවියන් ගී කැසට් පටය සදහා කපිල ගායනයෙන් එක් විය.

අද පරම්පරාවේ ගායිකාවන් නිදහසේ ගී ලොව සැරිසරති. එහෙත් විවියන් ද සිල්වා ගී ලොවට පිවිසෙන යුගය එබන්දක් නොවීය.එබැවින් ඔවුන් ට මුලින්ම සටන් කරන්නට සිදු වූයේ මුල් බැස ගත් ආකල්ප සමගය. ඔවුන් ගායනා කරන ලද ගී සංඛ්‍යාව අතලොස්සක් වුවත් එකල අද මෙන් ගී ෆැක්ටරි තිබුණේ නැත.කවර පහසුකම් තිබුන ද ගීතයක් එළි දැක්වීම යනු දුෂ්කර ක්‍රියාවක් විය.විවියන් ද සිල්වා බොරලැස්ස සමග ගායනයේ යෙදුණ බොහොමයක් අද අප අතර නැත.සෑම වෙසක් පෝය දවසකම ලේක් හවුස් මන්දිරය අබියස බොදු ගී ගයන්නට පැමිණෙන ටවර් හෝල් ගායක ගායිකා පරපුර අතර විවියන් ද සිල්වා නම් ජ්‍යෙෂ්ට ගායිකාව ද උන්නාය.මෙවර ද වෙසක් පොහොය එළැඹෙයි.ඉන් පසු පොසොන් පොහොය ද එළැඹෙයි.

එහෙත් නියත දහම පරදි විවියන් ද සිල්වා බොරලැස්ස නම් ගායිකාව නොපැමිණෙයි.එනමුදු ආලෝකය මේ යැයි පවසන දිනයයි ,මා සංඝබෝධි සාමිනේ,දුර පේන තැනිතලා අනුරුධපුර දිහා,නවතින්න තිස්ස ඇයි මේ දුවන්නේ පස්සේ ගීතාවලිය ඇසෙනු ඇත.එබැවින් විවියන් ද සිලවා බොරලැස්ස සමු ගෙන නැතැයි සිතෙනු ඇත.