වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රියාණි - නීටා කලාසූරී ලැබ

ශ්‍රියාණි - නීටා කලාසූරී ලැබ

කලාකරුවකුට හෝ කලාකාරිණියකට ගෞරව සම්මානයක් ලැබීම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට මහත් වූ ආලෝකයක් වෙනවා. කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ලබා දෙන එම ගෞරව නාමය නිසා ඔවුන් දිරිමත් වීම ද සිදු වෙනවා. පසුගිය දිනෙක අප දන්න හඳුනන කලා ශිල්පිණියන් දෙපොලකට කලාසූරී ගෞරව නාමයන් හිමි වුණා. ශ්‍රියාණි අමරසේන සහ නීටා ප්‍රනාන්දු එම කලාකාරිණියන් දෙපොලයි. ඔවුන් දෙදෙනා සිනමා කලාකෙත පෝෂණය කිරීමෙහිලා මහඟු වූ මෙහෙවරක් සිදු කළා. ඒ වගේම ශ්‍රියාණි සහ නීටා අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිණියන් දෙදෙනෙක්. ඔවුන් තිරයේ පෑ රැඟුම් කෙදිනකවත් අපට අමතක වන්නේ නැහැ. මේ දෙදෙනා ලද කලාසූරී ගෞරව නාමයට සරසවිය අප සුභපතන්නේ හදවතින්මයි. ඔවුන් දෙදෙනා එකට රඟපෑ ජනප්‍රියම චිත්‍රපටයක් තමයි රත්තරන් අම්මා.