වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

රත්නපුර නිව් ඉම්පීරියල් සිනමා ශාලාවට එදා පැමිණි සියල්ලන්ගේම සිත් තුළ පැවතියේ මහත් වූ බලාපොරොත්තුවකි. ඒ කෙදිනක හෝ රංගන ලොව ජය කෙහෙළි නැංවීමයි. සරසවිය මොඩ්ල් බෑන්ක් රත්නපුරයට ගෙන ඒම පිළිබඳ ඔවුන් අපට අපරිමිතව ස්තූති කළහ. එදින මුලින්ම පැමිණ සිටි අයගෙන් වැඩි දෙනෙකු ළමෝ වීම ද විශේෂත්වයකි.

SMBRP 23

චාරුකා දීප්ති

චාරුකා දීප්තිගේ වයස අවුරුදු දහ අටයි. ඇය වඩාත් කැමැති නර්තනයට. සිනමා සිතුවමකට නර්තන අංශයෙන් දායකත්වය ලබාදීමට චාරුකා අපේක්ෂා කරනවා. ඇයට නම් තවමත් රංගන අවස්ථාව උදා වෙලා නැහැ. රංගනයට ද ඇය තුළ කැමැත්තක් තියෙනවා. ජැක්සන් ඇන්තනිගේ සිනමාපටයකට දායක වෙමින් සිනමාවට එකතුවීම ඇයගේ බලාපොරොත්තුවයි. චාරුකාගේ ගම රත්නපුර මුවගම.


SMBRP 25

ගයාන් සම්පත්

ගයාන් සම්පත්ට නම් රංගන රංගන අවස්ථාව උදා වී තිබෙනවා. ඒ දස්කොන් ටෙලි සිතුවමේ. විවිධ චරිත රඟපාමින් රංගනයෙන් ඉදිරියට යාමයි ගයාන්ගේ අපේක්ෂාව. වයස අවුරුදු දොළහක් වන ඔහුගේ ගම නිවිතිගල.


SMBRP  24

ස්ටැන්ලි රූබසිංහ

ස්ටැන්ලි රූබසිංහ මේ වන විට නිර්මාණ කිහිපයකටම එකතු වී තිබෙනවා. ඒ වගේම ඔහුට හොඳ ගායන හැකියාවකුත් තිබෙනවලු. හංගමුව පදිංචි ස්ටැන්ලිගේ වයස අවුරුදු පනහයි. ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරන ඕනෑම අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකට දායකවීමට ඔහු කැමැත්තෙන් ඉන්නවා.


SMBRP  26

ජේ. එස්. ලක්මාලි

ජේ. එස්. ලක්මාලිගේ අපේක්ෂාව කුමන හෝ නිර්මාණයකට එකතු වී රංගන ලොවට පිවිසීමයි. තවමත් ඇයට ඒ අවස්ථාව උදා වී නැහැ. ජැක්සන් ඇන්තනිගේ නිර්මාණයකට එකතුවීමට ඇය අපේක්ෂා කරනා ලක්මාලිගේ වයස අවුරුදු තිහයි. පදිංචිය බුලත්සිංහල.