වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

කම්පනයට පත් පිය පදවිය

කරන් ජොහාර් පසුගියදා පිය පදවිය ලැබුවේ නිවුන් දරුවන් දෙදෙනෙකුගෙනි. දියණියක හා පුතකු වන ඔවුන් කරන්ගේ මව්පිය දෙපළ නමින් නම් වුණා. පුතා යෂ් ජොහාර් සහ මවගේ නම හිරු යන්න දියණියට රුහි ලෙසින් තබන්න කරන් තීරණ කළා. මේ දරුවන් බිහි වුණේ කුළියට ගත් ගර්භාෂයකින්. ඒ නිසා මේ දරුවන් බිහි කළ කාන්තාව ගැන නම් තොරතුරු හෙළි කරලා නැහැ.

මුබ්බායිහි සූර්යා රෝහලේදී මේ දරු උපද සිදු වෙලා තියෙන්නේ නියමිත කාලයට වඩා දෙමසක් පෙරාතුවයි. ඒ නිසා දැඩි සෞඛ්‍ය ආරක්ෂාවක් යටතේ තවත් දෙමසක පමණ කාලයක් මේ සිඟිත්තන්ට රෝහල්ගතව සිටිය යුතු වෙන බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. මේ නිසා අමුත්තන්ට මේ සිඟිත්තන් බලන්න එන එකත් සීමා කරන්න වෙලා. අමීර් ඛාන් සහ බිරිය කිරන්, ආලියා භාත්, ශහීඩ් කපූර් වැනි බොලිවුඩ් තරු කිහිප දෙනෙකුට විතරක් දැනට ඒ අවස්ථා ලැබිලා. දරුවන් වෙනුවෙන් නිවස සහ ඔවුන් වෙනුවෙන් වෙන්වූ කාමරය ආදිය සුන්දරව සැලසුම් කළේ ගෘහ නිර්මාණ ශිල්පිනියක වන ශාරුක් ඛාන්ගේ බිරිය ගෞරි ඛාන්.

නමුත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සංකීර්ණතා නිසා දැන් කරන් ටිකක් කම්පනයට පත් වෙලා සිටින බව ආරංචියි. "ගොඩක් බලාපොරොත්තු සහගතව සිටි දේවල් ඇතැම්විට අප කම්පනයට පත් කරවනවා" කරන් තම ට්විටර් පිටුවේ සටහනකුත් තැබුවා.


පූර්ණකාලීන රැකියාව

අජේ - කාජල් යුවළගේ දියණිය නෙයිසාත් දැන් නව යොවුන් තරුණියක්. අනෙකුත් බොලිවුඩ් තරු දරුවන් බොලිවුඩයට පැමිණෙන විටදී නෙයිසාගේ පැමිණිම ගැනත් දැන් කවුරුත් කතාබහ කරන්න පටන් අරන්.

කාජල් නම් කියන්නේ ඒ ගැන හිතන්න තම දියණිය තවමත් පොඩි වැඩි බවයි. "ඇය බොහොම සුන්දර විනෝදයෙන් කාලය ගත කරන්නේ. විහිළු කරනවා වගේම සමහර වෙලාවට උපහාසාත්මක කතාත් කියනවා" කාජල් පවසනවා.

"මගේ දුවට වයස අවුරුදු දෙක වෙද්දී මං පුද්ගලයෙක් විදියට වෙනස් වුණා. ඊට කලින් වෙනස් චරිතයක් වුණු මට ඇය බොහෝ පාඩම් ඉගැන්නුවා. ඇත්තටම පාසලක් වගේ. අම්මා කෙනෙක් වෙන එක නිළියක් වෙන එකට වඩා ගොඩක් අමාරුයි. ඒක පූර්ණ කාලීන රැකියාවක්" කාජල් කියන්නේ ආඩම්බරයකින්.


ප්‍රියංකාට ශාරුක් ගෙන්

විවාහ ගැටලුවක්

බොලිවුඩ් නිළි ප්‍රියංකා දැන් බොලිවුඩය පමණක් නොව හොලිවුඩයද ජය ගන්න සමත් වෙලා. ඇය ලෝක රූ රැජනක ලෙසින් අභිසෙස් ලබුවේ වසර 2000දී. එම රූ රැජන තරගයට පෙර මිස් ඉන්දියා තරගයට ප්‍රියංකා ඉදිරිපත් වූ අයුරු පෙන්වන වීඩියෝවක් දැන් අන්තර්ජාලය පුරා සැරි සරනවා. එය බොලිවුඩයේ කිං ඛාන් ප්‍රියංකාගෙන් ප්‍රශ්න කරන අවස්ථාවක් දැක්වෙන එකක්.

2000 වසරේ පැවැති මිස් ඉන්දියා තරගය විනිශ්චයට ශාරුක්ගේ දායකත්වය ලැබුණා. එදා ශාරුක් ප්‍රියංකාගෙන් ඇහුවේ තරමක් දිගු ප්‍රශ්නයක්. සුන්දරතවය දුටුවාම තමන් ටිකක් දුර්වල වෙන බවත් ඊට කලින් ශාරුක් පැවසුවේ ප්‍රේක්ෂකාගාරයම සිනහ ගන්වමින්.

"ඔයා කසාද බඳීන්න කැමැති මේ අතරින් කවුද? ඔයාව මුළු ලෝකෙ වටේම අරන් යන්න පුළුවන් ඔයාගේ රටයි ඔයාවයි ආඩම්බරයට පත් කරන ක්‍රීඩකයෙක් ද නැත්නම්, රත්තරන් වලින් පුරවන්න පුළුවන් ගෙවල් යාන වාහන මිලදී ගැනීම ප්‍රශ්නයක් නොවන ස්වාරෝව්ස්කි වගේ කියවා ගන්න බැරි නමක් තියෙන කලාකාමී ව්‍යාපාරිකයෙක් ද? එහෙමත් නැත්නම් ඔයාගෙන් බොහොම සංකීර්ණ ප්‍රශ්න අහන මේ මං වගේ සිනමා තරුවක්ද ? යන්නයි." ඉතින් එදා මේ අතරින් ප්‍රියංකාගේ තේරීම වුණේ අර මුලින්ම කියූ ක්‍රීඩකයා තමයි.


අනුෂ්කාගේ සතුටට හේතුව

අනුෂ්කා ෂර්මාගේ දෙවැනි සිනමා නිෂ්පාදනය ර්‍ථඩඪතතචභපඪ පසුගිය මාර්තු 24 වැනිදා තිරගත වීම ආරම්භ කළා. හාස්‍ය රැගත් ආදර කතාවක් ගෙන එන එය බොහොම ඉහළ ප්‍රචාරක පැසසුම් ලබන බවත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

ර්‍ථඩඪතතචභපඪ චිත්‍රපටයේ අනුෂ්කා සමඟින් දිල්ජිත් දොසාන්ජ්, සුරාජ් ෂර්මා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. කරන් නම් තරුණයාට යම් ග්‍රහ දෝශයක් නිසා තම කුඩා වියේ පෙම්වතියට පෙර ගසක් විවාහ කර ගැනීමට නියම වෙනවා. අකමැත්තෙන් කරන ඒ විවාහය නිසා එම ගසේ සිටි භූත ආත්මයක් කරන් පසුපස පැමිණීත් ඔහු එයට දක්වන ප්‍රතිචාරත් අනුව ර්‍ථඩඪතතචභපඪ කතාව ඉදිරියට ගලාගෙන යනවා.

ඉන්දීය රුපියල් කෝටි 21ක වියදමෙන් නිර්මාණය කළ එය පසුගිය සති අන්තය වන විට ඉන්දීය රුපියල් කෝටි 40ට ආසන්න මුදලක් වාර්තා කරන්න සමත් වුණා. මේ නිසා අනුෂ්කා ලොකු සතුටකින් ඉන්නේ. " ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි. මේ චිත්‍රපටය පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක් වීම නිසා බොහෝ දෙනෙක් ගොඩක් කැමැත්තෙන් නරඹා තිබුණා. මගේ අරමුණත් එය යි" අනුෂ්කා පවසනවා. අනුෂ්කාගේ ප්‍රථම සිනමා නිෂ්පාදනය ව්ඩ්10 චිත්‍රපටයත් බොලිවුඩ් තරු රැසකගේ පැසසුම් ලබන්න සමත් වුණා.


බොලිවුඩයේ කාන්තාව අද

ඉඹචථඪ,ඕඩචමදච වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූ සම්මානනීය නිළි ශබානා අස්මිගේ සිනමා ජීවිතයට දැන් වසර 44ක්. ළඟදීම අපට ඇය දකින්න ලැබුණේ ව්ඥඥපණච චිත්‍රපටයෙන්. නිළියක පමණක් නොව ඇය සමාජ ක්‍රියාකාරිණියක ලෙසත් කටයුතු කරන්නියක්.

බොහොමයක් දක්ෂ බොලිවුඩ් නිළියන් විවාහයෙන් පසු සිනමාවෙන් දුරස්වීම වගේම සමු ගැනීමත් පසුගිය දශක කිහිපය තුළ දකින්න ලැබණා. නමුත් ශබානා නම් කියන්නේ, විවාහය කියන්නේ සිනමා නිළියකට ක්ෂේත්‍රෙය් රැඳී සිටින්න නුසුනුසුකමක් නොවන බවයි. "ඒක අතීතයේ සිටි අයගේ සිතුවිල්ලක්. ඒක වර්තමානයට කොහෙත්ම අදාළ නැහැ. ඉන්දීය සිනමාවේ කාන්තාවගේ වටිනාකම දැන් වෙනස් වෙලා " ඇය පවසනවා. වයස අවුරුදු 66ක් වන මේ ජ්‍යෙෂ්ඨ නිළියගේ අදහස තමන්ගේ කටයුතු ඉන්දීය කාන්තාව බල ගැන්විමට වැදගත් වනු ඇති බවයි.

ඒ වෙනුවෙන් ඇය සිහි ගන්වන්නේ, 1960 දශකයේ මීනා කුමාරි රඟපෑ ර්චඪද ඛ්ඩභනපචඩභදඨඪ චිත්‍රපටය යි. එහි අර්ථය 'මම නිශ්ශබ්දව ඉන්නම්' යන්නයි. "එයින් කියන්නේ සියල්ල ඉවසා ගෙන සිටීම කාන්තාවගේ දක්ෂකම කියලායි. ඒ දශකයේ සිනමාව කාන්තා චරිතය පෙන්නුවේ එලෙසින්. වාසනාවකට දැන් ඒ තත්ත්වය වෙනස්. පසුකාලීනව ප්‍රබල කාන්තා චරිත රිදි තිරයට පැමිණියා. ඒ බොහොමයක් නිර්මාණ වාණිජමය අතින් අති සාර්ථක වීම ආඩම්බරයක්" ශබානා පවසනවා.