වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්ජ් මයිකල් මියයයි

කේන්ති ගියාම මම කතා නොකර ඉන්නවා

හිමාලි සිරිවර්ධන යනු නර්තනයට උපන් හපනියකි. සෙන්සේෂන් නර්තන කණ්ඩායම සමඟින් තම හැකියාව කලඑළියට ගෙනා ඇය දෙවනුව රංගනයට ද යොමු විය. නර්තනය කෙසේ වෙතත් මේ වනවිට නම් හිමාලි වඩාත් ප්‍රසිද්ධ රංගන වෘත්තියට. එමෙන්ම ඒ වෙනුවෙන් ඇය සම්මානයට ද පාත්‍රව ඇත්තීය. කෙසේ වෙතත් තමන් කලාවට අත්පොත් තැබූ නර්තන කලාව ද ඇය තවමත් අත්නොහැර සිටින්නීය. හිමාලි ප්‍රධන චරිතය මවන සිනමාපටයක් මේ දිනවලදී තිරගත වේ. ඒ රන් සයුරයි. ඒත් සමඟම ඇය හිරු මෙගා ස්ටාර් තරගාවලියේද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියි. * හිමාලි මේ දිනවල ඔබ ඉතාම කාර්යබහුල චරිතයක් බවට පත්වෙලා තියෙනවා. වැඩ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? වෙලාවකට එහෙමත් හිතෙනවා. මේ වන විට මං වඩාත් බිසී වෙලා තියෙන්නේ හිරු මෙගා ස්ටාර් නිසා කිව්වොත් වැරැදි නැහැ. අපේ කණ්ඩායමේ වැඩි බරක් තියෙන්නේ මගේ කරපිට. එය ජයග්‍රහණය කරන්න උපරිමයෙන් මං කටයුතු කරනවා. අනික මං මේ රියැලිටි තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව. ඒකත් මට සුවිශේෂයි. මේ හේතුවෙන් මට ලැබුණු නිර්මාණ කිහිපයක් පවා අතඅරින්නත් සිදු වුණා.

....සම්පූර්ණයෙන් කියවන්න
 

ඔහොම තමයි ජීවිතේ

අවසානයේ දී නතාශා පවසා සිටියේ දෙමව්පියන්ට පිටු පා හෝ ඔහු ළඟ සිටින්නට තමා කැමති බවකි. ඇ‍ගේ එම ප්‍රකාශයත් සමඟ ඇය කෙරෙහි සන්දේශ් තුළ ඇති වුයේ අප්‍රමාණ සෙනෙහසකි. එහෙත් ඇගේ තීරණය අනුමත කරන්නට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත. ඔහුට තම දෙමව්පියන් සිහි විය. දෙමව්පියෝත් අපගේ ජිවිතයේ එක්තරා බැඳීමකි, කොටසකි. ජිවිතය තවත් තීරණාත්මක කඩඉමක් කරා එළඹෙමින් තිබෙන බවක් සන්දේශ්ට දැනෙන්ට විය. ආබාධය නිසා ඉගෙනීමේ කටයුතු ද මග හැරෙමින් තිබිණ. ඔහුගේ මිතුරන් දේශන පටිගත කොට නිවසට ගෙනවිත් දුන්නත් ඒවාට සවන් දෙන්නට තරම් නිරවුල් මානසික තත්ත්වයක් ඔහු තුළ නොවීය. නතාශාගේ පැමිණිම ද අඩු වෙමින් පැවතුණේ දෙමව්පියන් ඇයට එරෙහිව කාරණා කටයුතු සිදු කරමින් සිටින නිසා යැයි ඔහුට අනුමාන කළ හැකිය. සිහිනෙන් ගෑ සුවඳක් සේ තිබුණු සොඳුරු අතීත මතක සැමරුම් සියල්ල දැන් බියකරු අඳුරකින් වෙලී ඇත. සමීපතමයින් කිහිපදෙනෙකු හා සුන්දර ඕස්ට්‍රේලියා‍ව සමඟ තිබුණු සියලු බැඳීම් හා සබඳකම් හැරදමා ජිවිතයේ තවත් එක් පරිච්ඡේදයක් නිම කරන්නට අවසානයේ දී සන්දේශ් තීරණය කළේය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

කබීර්ගේ අලුත් කැමැත්ත

Ek Tha Tiger, Bajrangi Bhaijaan වගේ ඉහළ ආදායම් ලද චිත්‍රපට සමඟින් කවුරුත් බොලිවුඩ් අධ්‍යක්ෂ කබීර් ඛාන් ගැන කතා කරන්න පටන් ගත්තා. මේ දවස්වල කබීර් සල්මන් ඛාන් සමඟින් Tubelight චිත්‍රපටයේ වැඩකටයුතු කරනවා. දැන් එහි නිෂ්පාදනයේ අවසන් අදියරේ කටයුතු කෙරෙමින් පවතිනවා. Tubelight චිත්‍රපටයයෙන් පසුව කබීර් තවත් චිත්‍රපටයකට සූදානම් වෙන්න මූලික පියවර දැනටමත් තියලා අවසන්. මේ අලුත් චිත්‍රපටයට තවම නමක් නම් යෝජනා කරලා නැහැ. නිෂ්පාදනය කරන්නේ සජිත් නදියද්වාලා විසින්. ප්‍රධාන නළුවා රිතික් රෝෂන්. රිතික් සහ කබීර් එක්ව නිර්මාණයක් කරන පළමු අවස්ථාව මෙය වෙනවා. මේ චිත්‍රපටය ක්‍රියාදාම ජවනිකා රැගත් ප්‍රේමණීය චිත්‍රපටයක්. හැබැයි තවම මේ වෙනුවෙන් නිළියක් නම් තෝරාගෙන නැහැ. චිත්‍රපටයේ පිරිවැයත් කබීර් අධ්‍යක්ෂණය කළ අනෙක් චිත්‍රපටවලට වඩා වැඩියි. මේ දවස්වල රිතික් සහ කබීර් මේ චිත්‍රපටය ගැන කතා කරන්න වැඩි වේලාවක් වෙන් කරලා කියලත් ආරංචියි.

....සම්පූර්ණයෙන් කියවන්න