වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්ජ් මයිකල් මියයයි

විකාර රූපී නාට්‍ය කලාවේ බුද්ධියේ ප්‍රවිෂ්ටය

“මම හිතන්නේ මේ දුරස්ථ කිරීම හා ආත්මීයත්වය යන දෙකම චරිතයක් නිරූපණය කිරීම කෙරෙහි බලපානවා කියායි. අංග සම්පූර්ණයෙන්ම චරිතයකට කිඳා බහින්නත් බැහැ. ඒ ලෙසින්ම අංග සම්පූර්ණ ලෙස දුරස්ථ වන්නත් බැහැ.” ආචාර්ය ධර්මසේන පතිරාජ අද වඩාත් ප්‍රකට සිනමකරුවකු වශයෙනි. එහෙත් හැටේ දශකයේදී ඔහු කලා විචාරකයෙක්, වේදිකා නාට්‍යකරුවෙක් වශයෙන් කටයුතු කර ඇත. පතිරාජ විශ්වවිද්‍යාල සමයේ 'රන්මුතු දූව', 'සිකුරු තරුව' වැනි චිත්‍රපට අලළා සමෝධානික විචාරයක් කළ අතර 'තුංමං හන්දිය', 'මිනිසා සහ කපුටා' චිත්‍රපට අරභයා විචාර ලියා ඇත. පතිරාජ රචනා කර ඇත්තේ එක් නාට්‍ය පිටපතක් පමණක් වුවත් (කොරා සහ අන්ධයා) වුවත් (පුටු) ඔහු නිෂ්පාදනය කර ඇත්තේ එකම එක් නාට්‍යයක් පමණක් වුවත් (පුටු) නාට්‍යකරුවකු වශයෙන් ඔහු හිමිකරගත් ස්ථානය සුවිශේෂී වූවකි. පතිරාජ , සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ කට්ටිය' නාට්‍ය කණ්ඩායමේ දෙවැනි පරපුර නියෝජනය කරන්නෙකි. බන්දුල විතානගේ, ඩබ්. ජයසිරි, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, තිලක් ජයරත්න.......

....සම්පූර්ණයෙන් කියවන්න
 

යළිත් ඔහුට සිලෝන් ටී හමු නොවනු ඇත

කෙසේ වුවත් පසුගිය 6 වැනිදා දහවල මා විකෂිප්ත කළ පුවත වූයේ විශිෂ්ට ඉන්දීය නළුවෙකු වන ඕම් පූරි එදින උදෑසන හෘදය වස්තුව අකර්මණ්‍යවීම හේතු කොට ගෙන අභාවප්‍රාප්ත වූ බවයි. 1950 වසරේ ඔක්තෝබර් 18 පන්ජාබයේ උපත ලැබූ ඕම් පූරි 2017 ජනවාරි 6 වන දින උදෑසන මහාරාෂ්ට්‍රයේ අභාවයට යන විට 66 වන වියේ පසුවුණි. එම මරණය හෘදය වස්තුව අකර්මණ්‍ය වීම හේතු කොට ගෙන වූ බව තීරණය කරගත් පසු පවුලේ ඥාතීන් හා ඔහුට සමීප කලාකරුවන් එක්ව දේහය එදිනම සන්ධ්‍යාවේ මිහිදන් කෙරිණි. එම අවස්ථාවට ඉන්දියාවේ ප්‍රකට කලාකරුන් වන අමිතාබ් සහ ජයා බහදුරි යුවළ, ජාවිඩ් අක්තාර්, ජොනි ලිවර්, ප්‍රකාෂ් ජා, ෂබානා අස්මි, විද්‍යා බාලන් ආදී විශාල පිරිසක් ඕම් පූරිගේ දේහය වටා රොක් වුණි. මෙය ඉන්දීය ජනමාධ්‍යයට විශාල පුවතක් වූවා සේම බොලිවුඩයේ ඔහුගේ නම ගිය හිතවතුන් එම අවස්ථාව ගැන ශෝක වෙමින් 'ට්විටර්' පණිවුඩ යොමු කළා. ඒ අතර අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, බෝමන් ඉරානි, ෆර්හාන් අක්තාර්, මහේෂ් බාත්, ආලියා බාත් ප්‍රමුඛ විය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

පුතා හිතලා මතලා තීරණයක් ගන්න

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් ඩින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පසුවන බාල සොහොයුරෙකු සිටින බව දැන ගැනීමෙන් පසු සන්දේශ් සහ ඔහුගේ දෙමව්පියෝ තරමක් වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙති. විවාහයෙන් පසුවත් සහෝදරයා තමන් සමඟ සිටිය යුතු බවක් ද මිහිරි පවසා සිටී. සන්දේශ් හා ඔහුගේ මවත් පියාත් දිනක් මිහිරිගේ සහෝදරයා වන 'එරංග' බැලීමට ඇයගේ නිවසට යති. එහිදී එරංගගේ දඩබ්බර, බොළඳ හා අහිංසක ක්‍රියාවන් දැක සන්දේශ් හා ඔහුගේ දෙමව්පියෝ දුකටත්, කනස්සල්ලටත් පත් වෙති. ''ඔයා මොකද හිතන්නෙ?'' සන්දේශ්ගේ මව එසේ ඇසුවේ මිහිරිගේ නිවසේ සිට ගෙදර යන අතරතුෙර්ය. රිය පදවමින් සිටියේ සන්දේශ්ගේ පියා ය. ''පුතාගෙන් ම තමයි උත්තරයක් ගන්න වෙන්නෙ'' සුසුමක් හෙළනවා හැර ඇයට වෙන කියන්නට දෙයක් තිබුණේ නැත. "මොකක්ද දැන් පුතා හිතාගෙන ඉන්නෙ? " සන්දේශ්ගේ මව එසේ ඇසුවේ රාත්‍රී ආහාර ගන්නා අතරතුර ය.

....සම්පූර්ණයෙන් කියවන්න